නව්‍යකරණය කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතනික වෙබ් අඩවිය දියත් කිරීම අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අතින් 2018 මාර්තු මස 28 වැනි දා සිදු විය. https://www.cbsl.gov.lk යන වෙබ් ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකි ය.
නව වෙබ් අඩවියේ විශේෂාංග අතරට වැඩි තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් වීම, භාවිතයේ පහසුව, ජංගම දුරකථන ඔස්සේ ද ප්‍රවේශ වීමේ හැකියාව හා සක්‍රීය සමාජ මාධ්‍ය සම්බන්ධතාවක් ලබාදීම ආදී පහසුකම් ද අයත් වේ. සරල මුහුණුවරකින් යුතු මෙම වෙබ් අඩවියෙන් කාර්යක්ෂම හා වේගවත් අයුරින් තොරතුරු වෙත ප්‍රවේශ විය හැකි බැවින් වෘත්තීයවේදීන්, මහජනතාව, මාධ්‍යකරුවන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට වඩාත් පහසුවෙන් පරිශීලනය කළ හැකි ය.