ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 පෙබරවාරි මාසයේ දී වාර්තා කළ සියයට 1.7 හි සිට 2016 මාර්තු මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩය ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ප්‍රධාන වශයෙන් දායක විය. විවිධ භාණ්ඩ හා සේවා (මෝටර් රථ රක්ෂණය); මධ්‍යසාර පාන හා දුම්කොළ; ප්‍රවාහන; සහ රෙදිපිළි හා පාවහන් උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම් මෙම ලක්ෂ්‍යමය ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 පෙබරවාරි මස වාර්තා වූ සියයට 2.6 හි සිට 2016 මාර්තු මස දී සියයට 2.4 දක්වා පහළ ගියේ ය.








