කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහළ ගියේය. මෙයට ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයෙහි උද්ධමනයේ සංඛ්‍යානමය පදනම බලපාන ලදී. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 6.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.5 දක්වා ඉහළ ගිය අතර, එය මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.8හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 7.7 දක්වා පහළ ගියේය.
-
CCPI-based headline inflation accelerated in August 2026
-
External Sector Performance - July 2026
මැද පෙරදිග කලාපයේ ඇති වූ ප්‍රවණතාවල බලපෑම පිළිබිඹු කරමින් 2026 වසරේ ජූලි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන 142ක හිඟයක් වාර්තා කළ අතර, එය ජංගම ගිණුම මෙලෙස අඛණ්ඩව හිඟයක් වාර්තා කළ සිව්වන මස වේ. ඒ අනුව, 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී පැවති අතිරික්තයට සාපේක්ෂව 2026 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත හිඟය එ.ජ. ඩොලර් මිලියන 387ක් ලෙස වාර්තා විය.
-
Release of ‘Economic and Social Statistics of Sri Lanka – 2026’
‘Economic and Social Statistics of Sri Lanka – 2026’, an annual release of socio-economic statistics of the Central Bank of Sri Lanka, is now available for public access. This is an online data release containing long series of data in an easily accessible and downloadable format, catering to the data requirements of various stakeholders.
-
Sri Lanka PMI - Construction expanded in July 2026
ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජූලි මාසයේ දී දර්ශකාංක 61.4ක අගයක් දක්වා ඉහළ ගියේය. බිටුමන් (තාර) හිඟය වැනි අමුද්‍රව්‍ය සැපයීමේ බාධා පැවැතියද, ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.
-
Land Valuation Indicator – First Half of 2026
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට 5.2කින් ද ඉහළ ගියේය. 2025 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී ඉඩම් තක්සේරු දර්ශකයෙහි ඉහළ යෑමක් දක්නට ලැබුණි. මෙහි දී, 2025 වසරේ දෙවන භාගයේ දී වාර්තා කළ අගයන්ට සාපේක්ෂව නේවාසික සහ කාර්මික අනු දර්ශක ඉහළ වර්ධන වේගයන් පෙන්නුම් කළේය.
-
SL Purchasing Managers’ Index (PMI) – July 2026
2026 ජූලි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජූලි මාසයේ දී 55.0ක දර්ශක අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කළේය. සියලුම උප දර්ශක මෙම වර්ධනය සඳහා ධනාත්මකව දායක විය.
-
The Central Bank of Sri Lanka releases the Monetary Policy Report – August 2026
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අවශ්‍යතාවන්ට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා සිය දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. වසරකට දෙවරක් ප්‍රකාශයට පත් කරනු ලබන මෙම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්මක්, විශේෂයෙන් ම උද්ධමනය හා ආර්ථික වර්ධනයට අදාළ ඉදිරි දැක්ම මෙන්ම එම පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් සපයයි. මෙම වාර්තාව මගින් මහ බැංකුව, සිය මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති තීරණවලට පාදක වූ මූලික කරුණු සන්නිවේදනය කරමින්, සිය විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට ප්‍රයත්න දරයි.
-
Clarification on Recent Media Reports Regarding the CBSL Governor's Remarks
මෑතක දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ වැරදි ලෙස අර්ථකථනය කර දක්වා ඇති අතර, ඉන් අනතුරුව එය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය කිහිපයක් විසින් ද වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත.
-
Notice to General Public on Prohibited Pyramid Schemes
1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “TM App” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත.
-
‘Shaping the future through digital payments’ - Central Bank of Sri Lanka to promote digital payments in Jaffna
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් 2026 අගෝස්තු මස 07 සහ 08 යන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 7.00 දක්වා යාපනය කාර්ගිල්ස් චතුරශ්‍රයේදී (Cargills Square) ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේතනායහන් මහතා සහභාගී වීමට නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන් මහතා, බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ ජාතික ගෙවීම් ජාලයේ මෙහෙයුම්කරු වන ලංකාපේ (පුද්ගලික) සමාගම (ලංකාපේ) නියෝජනය කරන නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.








