ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) 2026 ජනවාරි 30වන දින එහි නවතම වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් මත පදනම්ව සහ නම්‍යශීලී විදේශ විනිමය අනුපාතික ක්‍රමයක සහය ඇතිව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී, මහ බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් සහ විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය සහ අවබෝධය වැඩිදියුණු කිරීම මෙම වෙළඳපොළ මෙහෙයුම් වාර්තාවේ අරමුණයි.
-
The Central Bank of Sri Lanka Publishes the Market Operations Report - December 2025
-
CCPI based headline inflation accelerated in January 2026
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අඛණ්ඩව මාස තුනක් එකම මට්ටමක පැවතීමෙන් පසුව 2026 ජනවාරි මාසයේ දී ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 2.1ට සාපේක්ෂව 2026 ජනවාරි මාසයේ දී සියයට 2.3ක් ලෙස වාර්තා වූ අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල විය.
-
External Sector Performance – December 2025
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී ජංගම ගිණුමේ සුළු අතිරික්තයක් වාර්තා විය. 2025 වසරේ බොහෝ මාසවල දී මාසික ජංගම ගිණුමේ අතිරික්තයන් වාර්තා විය. එහි ප්‍රතිඵලයක් ලෙස, තාවකාලිකව ඇස්තමේන්තු අනුව 2025 වසරේ ජංගම ගිණුමේ සමස්ත අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.7ක් ලෙස වාර්තා වේ.
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගියේය. තවද, 2025 වසර තුළදී මෙතෙක් වාර්ෂිකව වාර්තා වූ ඉහළම අපනයන ආදායම වාර්තා වුවද, 2024 වසරට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය එ.ජ. ඩොලර් බිලියන 7.9ක් දක්වා පුළුල් විය.
-
Sri Lanka PMI - Construction increased in December 2025
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 දෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 67.1ක් දක්වා ඉහළ ගියේය. මෙම මාසය මුල අයහපත් කාලගුණික තත්ත්වයන් ආශ්‍රිත බාධාවන් පැවතියද, බොහෝ සමාගම් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කළහ.
-
IMF Staff Concludes Visit to Sri Lanka
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම තක්සේරු කිරීම සඳහා, එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායම මෑතක දී සිදුකළ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ජා.මූ. අරමුදල විසින් 2026 ජනවාරි 28වන දින පහත දැක්වෙන මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.
-
The Central Bank of Sri Lanka keeps the Overnight Policy Rate (OPR) unchanged
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම මෙන්ම ගෝලීය අවිනිශ්චිතතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.
-
SL Purchasing Managers’ Index (PMI) – December 2025
2025 දෙසැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 දෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 60.9ක අගයක් වාර්තා කළේය. මාසය ආරම්භයේ දී අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් බාධා ඇති වුවද, ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම උප දර්ශක මෙම වර්ධනයට ධනාත්මකව දායක විය.
-
Extension of the Suspension of Business of Perpetual Treasuries Limited
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2026 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.
-
Extension of the Term of the Administrator Appointed to Nation Lanka Finance PLC under the Banking (Special Provisions) Act, No. 17 of 2023
ශ්‍රී ලංකා මහ බැංකුව, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ අද්මිනිස්ත්‍රාසිකරු ලෙස පත් කරන ලද පී.බඩ්.ඩී.එන්.ආර් රොද්‍රිගෝ මහතාගේ ධුර කාලය, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාර ව දීර්ඝ කර ඇත.
පළමු ව 2025.07.04 දිනැති අංක 2443/57 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද නියමය අනුව පත් කරන ලද රොද්‍රිගෝ මහතා, 2026.01.04 සිට 2026.07.03 දක්වා තවත් මස හයක (06) කාලයක් සඳහා අද්මිනිස්ත්‍රාසි ධුරයේ කටයුතු කරනු ඇත.
-
CCPI based headline inflation remained unchanged in December 2025
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 2.1හි නොවෙනස්ව පැවතුණි. 2025 දෙසැම්බර් මාසයේ දී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මිල ගණන් සැලකිය යුතු ලෙස මාසිකව ඉහළ ගියද, හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම මෙයට ප්‍රධාන වශයෙන් සහාය විය.
වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි 2025 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 3.0ක උද්ධමනය 2025 දෙසැම්බර් මාසයේ දී නොවෙනස්ව පැවතුණි. ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.7ට සාපේක්ෂව 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 1.8ක් දක්වා ඉහළ ගියේය.








