ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 ජනවාරි මාසයේ දී වාර්තා කළ සියයට -0.7 හි සිට 2016 පෙබරවාරි මාසයේ දී සියයට 1.7 දක්වා ඉහළ ගියේ ය. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ආහාර කාණ්ඩයේ සමස්ත මිල පහළ යෑම ඉක්මවා යමින් මධ්‍යසාර පාන වර්ග සහ දුම්කොළ; රෙදිපිළි හා පාවහන්; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; සෞඛ්‍ය; ප්‍රවාහන සහ විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩවල දක්නට ලැබුණු සැලකිය යුතු මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන් ආහාර නො වන කාණ්ඩය ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 ජනවාරි මස වාර්තා වූ සියයට 2.9 හි සිට 2016 පෙබරවාරි මස දී 2.6 දක්වා පහළ ගියේ ය.