විදේශීය අංශය මත දැඩි බලපෑම් ඇති කරනු ලැබූ, ප්‍රධාන වශයෙන් ගෝලීය ආර්ථික, මූල්‍ය සහ භූ දේශපාලනික තත්ත්ව හේතුවෙන් 2018 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය අභියෝග රැසකට මුහුණ දුන්නේ ය. දේශීය අභියෝග රාශියක් ද පැවතිණි. විශේෂයෙන් ම, වසරේ අවසාන කාර්තුවේ දී ඇති වූ දේශපාලන අවිනිශ්චිතතාව සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ඇති අභියෝග තවත් දැඩි කළේ ය. 2017 වසරේ දී පැවති මන්දගාමී ආර්ථික වර්ධනය අඛණ්ඩ ව පැවති අතර, ඒ අනුව 2018 වසරේ දී ද අඩු වර්ධනයක් වාර්තා විය. යහපත් කාලගුණික තත්ත්වය කෘෂිකාර්මික අංශය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වූ අතර, සේවා අංශයේ කටයුතු ද පුළුල් වර්ධනයක් වාර්තා කළේ ය. කෙ සේ වුව ද, 2018 වසරේ දී ඉදිකිරීම් ක්ෂේත්රයේ පැවති මන්දගාමී ක්‍රියාකාරිත්වය හේතුවෙන් කාර්මික අංශයේ කටයුතුවල වර්ධනය අඩු විය. නිතර උච්චාවචනය වන ආහාර මිල ගණන්වල සහ පරිපාලිත මිල ගණන්වල සංශෝධන හේතුවෙන් තාවකාලික වශයෙන් පැවති ඉහළ යෑම් හා පහළ යෑම් මධ්‍යයේ වුව ද, 2018 වසරේ දී පාරිභෝගික මිල උද්ධමනය අඩු මට්ටමක පැවතිණ.
-
Road Map 2019 - Monetary and Financial Sector Policies for 2019 and Beyond
-
Monetary Policy Review - No. 8 of 2018
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 දෙසැම්බර් මස 27 වැනි දින පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.00 සහ සියයට 9.00 මට්ටමේ පවතී. මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වීමේ අරමුණ ඇතිව, දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, දේශීය මූල්‍ය වෙළඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් මුදල් මණ්ඩලය සැලකිල්ලට ගනු ලැබීය.
-
Inflation in November 2018
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ සියයට 0.1 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 1.0 ක අගයක් වාර්තා කරමින් එහි පහළ යන ප්‍රවණතාව වෙනස් කරන ලදී. 2018 නොවැම්බර් මාසයේ දී ලක්ෂ්යමය උද්ධමනයෙහි දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා ආහාර මිල ගණන්වල ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට -6.6 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට -3.9 දක්වා ඉහළ ගියේය. කෙසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්යමය උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 5.8 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 3.3 සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 2.7 දක්වා පහළ ගියේය.
-
External Sector Performance - October 2018
ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තුළ මෑතකදී දක්නට ලැබුණු පීඩනය 2018 ඔක්තෝබර් මාසයේ දී ද පැවතිණි. ආනයන වියදම ඉහළ යෑමත් සහ අපනයන සුළු වශයෙන් වැඩිවීමත් හේතුකොට ගෙන ඔක්තෝබර් මාසයේ දී වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. කෙසේ වුවත්, ඇතැම් ආනයන මත මෑතකදී පැන වු යම් සීමා කිරීම්වල බලපෑම් හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළදී ආනයන වැඩිවීමේ ප්‍රවණතාවය පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ හිතකර වර්ධනයක් වාර්තා කළ අතර, සංචාරක ඉපැයීම්වල සුළු වර්ධනයක් දක්නට ලැබුණි. මූල්‍ය ගිණුම තුළ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ආපසු රැගෙන යෑම් දක්නට ලැබුණි. එලෙස විදේශ විනිමය ගලා යෑම් සහ ආනයන වියදම් ගෙවීම් හේතුවෙන් දේශීය විදේශ විනිමය වෙළඳපොළ මත පීඩනයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස, වසරේ පළමු මාස දහය තුළදී ශ්‍රී ලංකා රුපියල සියයට 12.3 කින් අවප්‍රමාණය විය. දළ නිල සංචිත ප්‍රමාණය සැප්තැම්බර් මස අවසානයේ පැවති එ.ජ.
-
External Sector Performance - December 2015
වෙළෙඳ හිඟය පුළුල් වීම, සංචාරක ඉපැයීම්හි අඛණ්ඩ ඉහළ වර්ධනය සහ මධ්‍යස්ථ මට්ටමක පැවැති විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සමඟ 2015 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. 2015 වසරේ දී සමුච්චිත පදනම මත වෙළෙඳ හිඟය සුළු වශයෙන් වැඩි වූ අතර සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස වර්ධනය විය. මේ අතර 2015 වසරේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණයන්හි සුළු පහළ යෑමක් වාර්තා විය. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් නිකුත් කිරීම සහ ඉන්දියානු සංචිත බැංකුව සමඟ විදේශ විනිමය හුවමාරු ගිවිසුමකට එළඹීම මගින් ලද ලැබීම් 2015 වසරේ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ප්‍රධාන ලැබීම් විය.
-
Sri Lanka Purchasing Managers’ Index - November 2018
නොවැම්බර් මාසයෙහි දක්නට ලැබුණු මෙම අඩු වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන්ම, නිමි ඇඳුම් නිෂ්පාදන අංශයෙහි නව ඇණවුම් සහ නිෂ්පාදනවල දක්නට ලැබුණු මන්දගාමීත්වය හේතු විය. කෙසේ වුවද, උත්සව සමයෙහි ඇතිවන ඉල්ලුම හේතුවෙන්, ආහාර සහ පාන අංශයෙහි නව ඇණවුම් සහ නිෂ්පාදනවල වර්ධනයක් දක්නට ලැබුණි. සේවා නියුක්තිය පෙර මාසයට සාපේක්ෂව නොවෙනස්ව පැවති අතර, ඒ සඳහා විශේෂයෙන්ම ගෘහ භාණ්ඩ නිෂ්පාදන අංශය සඳහා සේවකයන් සොයාගැනීමේ අපහසුතාවය ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, නිමි ඇඳුම් අංශයෙහි නිෂ්පාදනයෙහි දක්නට ලැබුණු මන්දගාමීත්වය හේතුවෙන්, සමස්ත ගැනුම් තොගය පහළ යන ලදී. තවද, ආහාර සහ පාන අංශයෙහි නිෂ්පාදන කටයුතු වේගවත් කිරීම සඳහා ඇතිවූ ඉල්ලුම හේතුවෙන්, ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන් විසින් අඩු කාලයක් ගත කළ බැවින්, එම අංශයෙහි ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය අඩු වේගයකින් ඉහළ යන ලදී.
-
Central Bank of Sri Lanka hold its 11th International Research Conference
ශ්‍රී ලංකා මහ බැංකුව සිය එකොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2018 වසරේ දෙසැම්බර් මස 07 වැනි දින ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වී ය. මෙම සමුළුව, විවිධ විෂය පරාසයන්ට අයත් පර්යේෂකයන්ට තම අත්දැකීම් සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන අතර ම, කාලීන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පර්යේෂණ සිදු කිරීම දිරිගැන්වීම අරමුණු කර ගනිමින් වාර්ෂික ව පවත්වනු ලබයි. මෙම වසරේ සමුළුව “උද්ධමන ඉලක්කකරණය සහ මහ බැංකුවේ ස්වාධීනත්වය, වගවීම සහ විනිවිදභාවය” යන තේමාව යටතේ පවත්වනු ලැබී ය.
-
Compensation Payments to the Depositors of The Standard Credit and Finance Ltd. under Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme
මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් ලිමිටඩ් වෙත ලබා දී තිබූ බලපත්‍රය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන ප්‍රකාරව, 2018.07.25 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලදී.
ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ්හි තැන්පතුකරුවන් හට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වන්දි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළව නිකුත් කර ඇති රෙගුලාසීන්ට අනුකූලව මෙම වන්දි මුදල් ලබා දීමට කටයුතු කරනු ඇති අතර වන්දි මුදල් සඳහා අයදුම් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඔස්සේ උපදෙස් ලබා දෙනු ඇත.
එකී දැනුම්දීම මාධ්‍යවල පළ වූ පසුව, අදාළ උපදෙස් ප්‍රකාරව නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් නියමිත ලිපි ලේඛන ද සමග ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ්හි තැන්පතුකරුවන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.
-
54th SEACEN Governors’ Conference / High-Level Seminar and the 38th Meeting of the SEACEN Board of Governors
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියැසන් අධිපතිවරුන්ගේ 54 වෙනි සමුළුව/උසස් මට්ටමේ සම්මන්ත්‍රණය හා සියැසන් අධිපති මණ්ඩලයෙහි 38 වෙනි රැස්වීම 2018 වසරේ නොවැම්බර් මස 29 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා කොළඹ දී පැවැත්වීමට අනුග්‍රහය දක්වන ලදී. එම සමුළුව සඳහා සියැසන් සාමාජික මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්හි අධිපතිවරු සහ නියෝජිතයෝ සහභාගි වූහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ, මිත්සුහිරෝ ෆුරුසාවා මහතා ප්‍රධාන දේශකයා ලෙස සමුළුවට සහභාගි විය.
සියැසන් මධ්‍යස්ථානය ආසියා පැසිෆික් කලාපය තුළ මූල්‍ය, මුදල් හා බැංකු ආශ්රිත කරුණු පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබාදීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 1982 වර්ෂයේදී පිහිටුවන ලද සියැසන් ආයතනය ආසියා පැසිෆික් කලාපයේ පිහිටි මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්ට අධ්‍යාපනික වැඩසටහන්, පර්යේෂණ කටයුතු සහ සම්බන්ධතා හරහා සිය සේවා ලබාදෙයි.
-
CBSL Disputes the Rating Agencies’ Latest Rating Decisions
2018 දෙසැම්බර් මස 03 වන දින ෆිච් ආයතනය (ෆිච් රේටින්ග්ස්) සහ 2018 දෙසැම්බර් මස 04 වන දින ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්) විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම ‘B+’ (ස්ථාවර) සිට ‘B’ (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙලීමට ගත් තීරණ රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම මගින් පිළිබිඹු සාධකවලට පටහැනිව සිදු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතයයි.