• Monetary Policy Review - December 2015

    පුළුල් මුදල් සැපයුම (M2b) වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2014 පෙර මාසයේ වාර්තා වූ සියයට 16.0 සිට 2015 ඔක්තෝබර් මාසයේ දී සියයට 17.0ක ඉහළ අගයකින් තවදුරටත් වර්ධනය වූ අතර මේ සඳහා බැංකු පද්ධතිය මගින් පෞද්ගලික හා රාජ්‍ය අංශවලට ලබා දුන් ණය වර්ධනය දායක විය. පෞද්ගලික අංශය වෙත වාණිජ බැංකු විසින් සපයන ලද ණය ප්‍රමාණය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ සියයට 22.2ක වර්ධනය හා සාපේක්ෂ ව සියයට 26.3කින් වර්ධනය විය.  පෞද්ගලික අංශය වෙත වූ ණය ගලා යෑම තවදුරටත් ඉහළ අගයකින් වර්ධනය වී ඇතැයි 2015 නොවැම්බර් මාසය සඳහා වූ තාවකාලික දත්ත මගින් ද තහවුරු වේ. මේ අතර, මුදල් වෙළෙඳපොළ අතිරික්ත ද්‍රවශීලතාව අඛණ්ඩ ව ඉහළ අගයක පැවතීම ද මුදල් ප්‍රසාරණය ඉහළ නැංවීමට හේතු වී ඇත.  

  • External Sector Performance - October 2015

    වෙළෙඳ හිඟය අඩු මට්ටමක පැවතීම, සංචාරක ඉපැයීම්හි වූ අඛණ්ඩ වර්ධනය සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මන්දගාමී ව වර්ධනය වීම සමඟ 2015 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. මෑත මාස කිහිපය තුළ දී භාණ්ඩ ආනයනය අඩ වුව ද, ගෝලීය ඉල්ලුම පහළ යෑම හමුවේ අපනයන අඩු වීම හේතුවෙන් 2015 ඹක්තෝබර් අග වන විට සමුච්චිත වෙළෙඳ හිඟය සියයට 2.5 කින් වැඩි විය. 2015 ඔක්තෝබර් මස අග වන විට දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5 ක් වූ අතර නවවන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව මගින් වූ ලැබීම් සහ අනෙකුත් විනිමය ලැබීම් සමඟ 2015 නොවැම්බර් මාසයේ දී දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 7.3 දක්වා ඉහළ ගියේ ය. 

  • Central Bank opens its Regional Office in Nuwara Eliya

    ග්‍රාමීය ආර්ථික කටයුතුවලට පහසුකම් සැලසීම සහ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම මගින් ප්‍රාදේශීය ව කටයුතු කිරීම තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් 2016 ජනවාරි මස 17 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නුවරඑළියේ ප්‍රාදේශීය කාර්යාලයක් විවෘත කරන ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ කළමනාකාරිත්වයේ නිලධාරීන් මෙන් ම වාණිජ බැංකුවල සහ රජයේ ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කරනු ලබයි. 

  • Inflation in December 2015

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2015 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.8 හි සිට 2015 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා පහළ ගියේ ය. 2015 දෙසැම්බර් මස වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය සියයට 3.8 කි.

  • Monetary Policy Review - January 2016

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම (M2b) පෙර මාසයේ වාර්තා වූ සියයට 17.0 හා සැසඳීමේ දී 2015 නොවැම්බර් මාසයේ දී සියයට 17.2 ක ඉහළ අගයකින් තවදුරටත් වර්ධනය විය. 2015 ඔක්තෝබර් මස 27 වැනි දින නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය තුළින් වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක ලැබීම් හේතුවෙන් නොවැම්බර් මාසයේ දී බැංකු අංශයේ ශුද්ධ විදේශීය වත්කම් වර්ධනය විය. මෙම ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුතුව හේතුවෙන් 2015 නොවැම්බර් මාසයේ දී රජය විසින් බැංකු අංශයෙන් ලබා ගත් ණය ප්‍රමාණය අඩු වූ අතර රාජ්‍ය සංස්ථා විසින් බැංකු අංශයෙන් ලබා ගත් ණය ප්‍රමාණයේ ද අඩු වීමක් දක්නට ලැබිණ. මේ අතර පුළුල් මුදල් සැපයුමේ වර්ධනයට තුඩු දෙන ප්‍රධාන සාධකයක් වන වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණයේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2015 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයට 26.3 හා සැසඳීමේ දී 2015 නොවැම්බර් මාසයේ දී සියයට 27.0 ක් විය.

  • Appointment of a New Deputy Governor

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සුනිල් ලංකාතිලක මහතා 2016 ජනවාරි 24 වැනි දින සිට එම බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුර සඳහා ගරු මුදල් අමාත්‍යතුමාගේ අනුමැතිය සහිත ව මුදල් මණ්ඩලය විසින් පත් කර ඇත. 

  • External Sector Performance - November 2018

    ආනයන වියදම කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කිරීම සමඟ 2018 නොවැම්බර් මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස අඩු විය.

    2018 නොවැම්බර් මාසයේ දී අපනයන පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂ ව සියයට 4.1 කින් ඉහළ ගිය අතර, ආනයන සියයට 9.1 කින් පහළ ගියේ ය.

    සංචාරකයින් වැඩි ප්‍රමාණයක් පැමිණෙන කාලය ආරම්භ වීමත් සමඟ 2018 නොවැම්බර් මාසයේ දී සියයට 18.2 ක වර්ධනයක් වාර්තා කරමින් සංචාරක ඉපැයීම් නැවත ශක්තිමත් ලෙස ඉහළ ගියේ ය. 2019 වසර පුරා සංචාරක අංශය සිය ශක්තිමත් කාර්යසාධනය අඛණ්ඩ ව පවත්වා ගනු ඇතැ යි අපේක්ෂිත ය.

  • Foreign Investment Threshold in Treasury Bills and Treasury Bonds

    2019 ජනවාරි 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වල විදේශ ආයෝජන සීමාව, පවත්නා මුළු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් සියයට 10 සිට සියයට 5 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.

  • Econ-Icon Season IV Written Examination - District Winners

    2019 වසරේ දී පැවැත්වීමට නියමිත Econ Icon – Season IV රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය සඳහා දිස්ත්‍රික් මට්ටමින් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් හොඳම පාසල් 16 තේරීම  පිණිස ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල හා එක් ව 2019 ජනවාරි 22 දින ලිඛිත පරීක්ෂණයක් පවත්වන ලදි. දිවයින පුරා තෝරා ගත් මධ්‍යස්ථානවල පැවැති මෙම තරගයට අ.පො.ස. (උ. පෙ.) ආර්ථික විද්‍යාව හදාරන සිසු සිසුවියන්ගෙන් සැදුම් ලත් පාසැල් කණ්ඩායම් දිස්ත්‍රික් මට්ටමින් සහභාගී විය. සියලු ම දිස්ත්‍රික්කවලින් ප්‍රථම ස්ථානය දිනා ගත් පාසල්වල නාම ලේඛනය පහත දැක්වේ.

  • Inflation in December 2018

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 නොවැම්බර් මාසයේ සියයට 1.0 හි සිට 2018 දෙසැම්බර් මාසයේ දී සියයට 0.4 දක්වා පහළ ගියේය. 2018 දෙසැම්බර් මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි දක්නට ලැබුණු පහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් පහළ යෑම හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2018 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට -3.9 හි සිට 2018 දෙසැම්බර් මාසයේ දී සියයට -4.5 දක්වා පහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය ද 2018 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 5.2 හි සිට 2018 දෙසැම්බර් මාසයේ දී සියයට 4.7 දක්වා පහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2018 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.7 සිට 2018 දෙසැම්බර් මාසයේ දී සියයට 2.1 දක්වා පහළ ගියේය.

Pages