The Government of Sri Lanka has opened the following bank accounts at Sampath Bank PLC to facilitate collection of donations from both Sri Lankans and foreign philanthropists to provide relief to victims of floods and landslides which occurred in May 2016.
-
Opening of Bank Accounts for the Disaster Relief Fund of the Government of Sri Lanka
-
Inflation in April 2016
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්රතමේන්තුව මගින් ගණනය ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලකෂ්‍යමය පදනම මත 2016 මාර්තු මාසයේ දී වාර්තා කළ සියයට 2.2 හි සිට 2016 අප්‍රේල් මාසයේ දී සියයට 4.3 දක්වා ඉහළ ගියේ ය. ආහාර හා මධ්‍යසාර නො වන පාන වර්ග; මධ්‍යසාර පාන හා දුම්කොළ; රෙදිපිළි හා පාවහන්; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; සෞඛ්‍ය; ප්‍රවාහන; විනෝදාත්මක හා සංස්කෘතික; අධ්‍යාපන; ආපන ශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩ 2016 අප්‍රේල් මාසයේ ලක්ෂ්යමය උද්ධමනය සඳහා බලපා ඇත.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 මාර්තු මස වාර්තා වූ සියයට 2.4හි සිට 2016 අප්‍රේල් මස දී සියයට 2.6 දක්වා ඉහළ ගියේ ය.
-
Release of 'Sri Lanka Socio-Economic Data - 2018' Publication
ශ්‍රී ලංකා මහ බැංකුවේ, 'ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2018' වාර්ෂික ප්රකාශනයේ 41 වෙනි වෙළුම පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.
පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්රකාශනයේ ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සංසන්දනාත්මක ව ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු යන අංශ 14ට අදාළ නවතම දත්ත ඇතුළත් වේ.
-
Inflation in August 2018
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි., 2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්යමය පදනම මත 2018 ජූලි මාසයේ දී පැවැති සියයට 3.4 ට සාපේක්ෂව 2018 අගෝස්තු මාසයේ දී සියයට 2.5 ක් දක්වා පහළ ගියේය. මෙම පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස 2018 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 5.1 සිට 2018 අගෝස්තු මාසයේ දී සියයට 4.7 දක්වා පහළ ගියේය. මාසික වෙනස්වීම සැලකූ විට, ජා.පා.මි. දර්ශකය 2018 ජූලි මාසයේ වාර්තා වූ දර්ශක අංක 126.6 සිට 2018 අගෝස්තු මාසයේ දී දර්ශක අංක 125.4 දක්වා පහළ යෑමට ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ පහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු වූ අතර විශේෂයෙන් එළවලු, පොල්, අමු මිරිස් සහ මාළු ඒ අතර විය.
-
Date of Announcement of the Monetary Policy Review - No. 6 of 2018
‘2018 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති’ යන මැයෙන් පෙර දැක්මේ දී ප්‍රකාශ කළ පරිදි 2018 සැප්තැම්බර් මස 28 වැනි දින නිකුත් කිරීමට නියමිත ව තිබූ 2018 අංක 6 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2018 ඔක්තෝබර් මස 2 වැනි අඟහරුවාදා පෙරවරු 7.30ට නිකුත් කරන බව දන්වා සිටිමු.
-
Margin Deposit Requirement against Letters of Credit (LCs) opened with Commercial Banks for the Importation of Vehicles
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වහා ම ක්‍රියාත්මක වන පරිදි, මූලික වශයෙන් වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන හැර අනෙකුත් රථවාහන ආනයන සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පනවන ලදී. මේ අනුව, එම රථවාහන කාණ්ඩ ආනයනය කිරීමේ දී ණයවර ලිපි විවෘත කිරීම සියයට සියයක අවම මුදල් ආන්තිකයක් යටතේ පමණක් සිදු කළ යුතු ය.
සාර්ව ආර්ථික ස්ථායිතාවට තර්ජනයක් විය හැකි මෑත කාලීන ප්රවණතාවන් පදනම් ව මෙලෙස ආන්තික මුදල් අවශ්‍යතාව පැනවීමට තීරණය කර ඇත. මෙම ප්රවණතාවන් වන්නේ:
-
The Central Bank of Sri Lanka meets the People of Rajarata and Wayamba
පාසල් සිසු සිසුවියන් ඇතුළු රජරට හා වයඹ ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සැපයෙන සේවාවන් පහසුවෙන් ලබා දීම සඳහාත්, එම සේවාවන් පිළිබඳ ව ඔවුන් දැනුම්වත් කිරීම උදෙසාත් පැවැත්වෙන 'මහ බැංකුව ඔබ හමුවට...' විවෘත දිනය 2018 සැප්තැම්බර් 21 සහ 22 දිනවල දී අනුරාධපුර ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලයේ දී සහ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී (සල්ගාදු ක්‍රීඩාංගනයේ දී) පැවැත්වේ.
පෙරවරු 9.00 සිට රාත්‍රී 7.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේ දී මහජනතාවට තම අර්ථසාධක අරමුදල පිළිබඳ ගැටලු නිරාකරණය කර ගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය පිළිබඳ තොරතුරු ලබා ගැනීම කළ හැකි ය. ඊට අමතර ව කාසි හා නෝට්ටු හුවමාරුව ද සිදු කෙරේ.
-
Clarification on the Erroneous Report regarding Sri Lanka issued by Nomura Holdings Inc.
Nomura Holdings ආයතනය විසින් සිදු කරන ලද විශ්ලේෂණයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාව ඇතුළු නැගී එන ආර්ථිකයන්හි විනිමය අනුපාතික අර්බුදයක් ඇතිවීමේ අවදානමක් ඇති බව මෑතක දී ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.
තවදුරටත් එම වාර්තාව උපුටා දක්වමින් එම මාධ්‍ය ආයතන ශ්‍රී ලංකාවේ කෙටිකාලීන විදේශ ණය එක්සත් ජනපද ඩොලර් බිලියන 160ක් තරම් ඉහළ අගයක් ගන්නා බව සඳහන් කරන ලදී. ශ්‍රී ලංකාවේ විදේශ ණය කිසිසේත් ම මෙ වැනි අගයකට ළඟා වී නොමැති බැවින්, තම ගණනය කිරීම්හි සිදු වී ඇති වැරදි නිවැරදි කරන ලෙස Nomura ආයතනය වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා ඇත.
-
Sri Lanka Purchasing Managers’ Index - August 2018
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 ජූලි මස වාර්තා කළ 57.2ක අගයට සාපේක්ෂ ව 2018 අගෝස්තු මාසයේ දී 58.2ක දර්ශක අගයක් දක්වා වැඩි විය. මෙම වර්ධනය සඳහා විශේෂයෙන් ම රෙදිපිළි හා නිමි ඇඳුම් අංශයේ නව ඇණවුම් වැඩිවීම නිසා ඉහළ ගිය නිෂ්පාදනය හේතු විය. තව ද, සේවා නියුක්තිය වැඩි වේගයකින් ඉහළ ගියේ ය. මේ සඳහා ආහාර සහ පාන අංශයේ ඉදිරි අපේක්ෂාවක් යහපත් වීම හේතුවෙන් අලුතින් සේවකයින් බඳවා ගැනීම ප්‍රධාන වශයෙන් බලපෑවේ ය. කෙ සේ වුව ද, ගැනුම් තොග, යම් අඩුවීමක් පෙන්නුම් කළේ ය. මේ සඳහා ලෝහමය නො වන වෙනත් ඛනිජ නිෂ්පාදන අංශයේ ගැනුම් තොග අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු විය. එ නමුත්, රෙදිපිළි හා නිමි ඇඳුම් අංශයේ ගැනුම් තොග වර්ධනය විය. මේ අතර, සාමාන්‍යයෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ඉහළ යාම තුළින් මෑත කාලීන ව ආර්ථිකය වර්ධනය වන බව පිළිබිඹු වේ.
-
Statement of the Monetary Board on Treasury Bond Auctions
2016 මාර්තු අග භාගයේ දී සිදු කෙරුණු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි හා අදාළ ව මෑතක දී පළ වූ ලිපි මෙන් ම ඒ පිළිබඳ ව වූ සාකච්ඡා තුළින් මතු කරන ලද එම ක්‍රියාවලියේ විනිවිදභාවය සම්බන්ධයෙන් නගන ලද චෝදනා හා බැදේ. 2015 පෙබරවාරි සිට හඳුන්වා දෙන ලද සම්පූර්ණයෙන් ම වෙළෙඳපොළ මත පදනම් ව සිදු කරන ලද නිකුතු වෙන්දේසි ක්‍රියාවලිය ම මෙම චෝදනාවන්ට බඳුන් වූ වෙන්දේසි තුළ දී ද අනුගමනය කරන ලද බව මහජනතාවට දැනුම් දෙනු කැමැත්තෙමු.
රජයේ විශාල සම්පත් අවශ්‍යතා පිළිබඳ ව මුදල් මණ්ඩලය සැලකිල්ලට ගෙන ඇත. අමතර වශයෙන් 2016 වසර මුල දී මූල්‍ය ප්‍රතිපත්ති අවශ්‍යතා මත සිදු කරන ලද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයන්හි ඉහළ දැමීම මෙන් ම අනතුරු ව සිදු කරන ලද ප්‍රතිපත්ති පොලී අනුපාතයන්හි ඉහළ දැමීම ද හේතු කොට ගෙන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරයන්හි ඵලදා අනුපාතයන් ඉහළ යන ලදි.
පවතින හා ඉදිරියේ පැන නැගිය හැකි රජයේ මූල්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගෙන මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් නිර්දේශයන් සිදු කර ඇත.