• The Central Bank of Sri Lanka Maintains Policy Interest Rates at Current Levels

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 ජූලි මස 05 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ ම පවත්වා ගැනීමට තීරණය කළේ ය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මගින් මැදිකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එ මගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ හිතකර වර්ධනය සඳහා දායක වීමට අරමුණු කෙරේ. 

  • Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යෑමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2018 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බල පැවැත්වෙන පරිදි මාස හයක (06) කාල සීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.

  • External Sector Performance - April 2018

    2018 අප්‍රේල් මාසයේදී ජංගම ගිණුමේ මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පිළිබිඹු වීම මධ්‍යයේ වුවද, ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ අඛණ්ඩ ලැබීම් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය ශක්තිමත් විය. විශේෂයෙන්ම, 12 වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන් ලද ලැබීම්, ව්‍යාපෘති ණය හා අක්වෙරළ බැංකු ඒකක ණය සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන වැනි මූල්‍ය ගිණුම වෙත වූ ඉහළ ලැබීම් 2018 අප්‍රේල් මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය මෙතෙක් පැවති ඉහළම මට්ටම වන එ.ජ. ඩොලර් බිලියන 9.9 මට්ටම කරා ළඟා වීම සඳහා හේතු විය. ජංගම ගිණුමෙහි දැක්වෙන පරිදි අපනයන ආදායම් වර්ධනය අඩු මට්ටමක පවතින අතරතුර ආනයන වියදම වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් 2018 අප්‍රේල් මාසයේදී වෙළඳ හිඟය පුළුල් විය. කෙසේ වුවද, මාසය තුළදී සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව හිතකර වර්ධනයක් වාර්තා කළේය.

  • Statement Issued by Dr. Indrajit Coomaraswamy, Governor of the Central Bank of Sri Lanka

    පසුගිය දිනවල දිගින් දිගට ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට විරුද්ධ ව, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මාධ්‍ය මගින් චෝදනා නගා තිබිණි.

    මහ බැංකු අධිපතිවරයා වශයෙන් මා විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතු ව ඇත. විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය වීරසිංහ මා මෙතෙක් මහ බැංකු අධිපතිවරයා වශයෙන්  කටයුතු කළ වසර දෙක තුළ දී බැංකුවේ කාර්යයන්ට අදාළ ව සුවිශේෂී දායකත්වයක් සිදු කළ නිලධාරියෙකි.

    හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැති බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමි. 

     

  • The Department of Census and Statistics Compiles the Gross Domestic Product

    2007 වසරේ සිට දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. එ සේ වුව ද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලද බවට සාමාන්‍ය ජනතාව නො මග යවමින් ඇතැම් පාර්ශ්ව විසින් ප්‍රකාශයන් මාධ්‍ය වෙත  නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. 

  • Financial Intelligence Unit of Sri Lanka Entered into a Memorandum of Understanding with Securities and Exchange Commission of Sri Lanka

    2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 ජූනි මස 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිනි. සුරැකුම්පත් අංශයට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අවදානම් මත පදනම් වූ ප්‍රවේශය පදනම් කර ගත් අධීක්ෂණ සොයා ගැනීම්වලට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමේ රාමුවක් සැකසීම මෙහි පරමාර්ථය විය.  

  • Inflation in May 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 අප්‍රේල් මාසයේ පැවති සියයට 1.6 ට සාපේක්ෂව 2018 මැයි මාසයේ දී සියයට 2.1 ක් දක්වා ඉහළ ගියේය. 2018 මැයි මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි සිදු වූ ඉහළ යෑමට, ආහාර නොවන කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් ඉහළ නැංවීම ප්‍රධාන වශයෙන් හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස 2018 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 6.1 සිට 2018 මැයි මාසයේ දී  සියයට 5.7 දක්වා පහළ ගියේය.

  • Sri Lanka Purchasing Managers’ Index - May 2018

    නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2018 මැයි මාසයේ දී 60.6ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2018 අප්‍රේල් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 15.1 කින් ඉහළ ගියේ ය. ඒ මඟින්, අප්‍රේල් මාසයේ දක්නට ලැබුනු සෘතුමය පහළ යෑමෙන් පසු ව නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් ව ඇති බව පිළිබිඹු වේ. මේ සඳහා, විශේෂයෙන් ම රෙදිපිළි සහ නිමි ඇඳුම් අංශය සඳහා මැයි මාසය තුළ ඇති වූ නව ඇණවුම්හි ඉහළ යාම මෙන් ම, අප්‍රේල් මාසය තුළ වැඩි නිවාඩු දින ප්‍රමාණයක් පැවැතීම හේතුවෙන් නිම කළ නො හැකි වූ ඇණවුම්හි නිෂ්පාදන කටයුතු කිරීම, නිෂ්පාදන ක්‍රියාකාරකම්හි ඇති වූ ඉහළ යෑම සඳහා හේතු විය. නව ඇණවුම්, ගැනුම් තොග සහ සේවා නියුක්තිය යන උප දර්ශක ද මැයි මාසය තුළ ඉහළ ගියේ ය.  කෙ සේ වුව ද, රෙදිපිළි සහ නිමි ඇඳුම් අංශය සඳහා වන සේවා නියුක්ති උප දර්ශකය දර්ශක අගය වන 50.0ට වඩා අඩු මට්ටමක පැවැතුණි.

  • The International Monetary Fund Releases the Fifth Tranche of US dollars 252 million under the Extended Fund Facility

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් 2018 වසර සඳහා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ  හතරවන වගන්තිය (Article IV) සම්බන්ධ සාකච්ඡා අවසන් කර, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිවිවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774 ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 252 ක) පස්වන වාරිකය මුදා හැරීම අනුමත කළේ ය. ශ්‍රී ලංකා රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සහ ගෙවුම් තුලනය සඳහා සහාය දැක්වීම විස්තීර්ණ ණය පහසුකමෙන් අරමුණු කෙරේ.

  • External Sector Performance - March 2018

    2018 මාර්තු මාසයේ දී විදේශීය අංශයේ මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් දක්නට ලැබිණ. ආනයන වියදම් අඛණ්ඩ ව ඉහළ ගිය ද, 2018 මාර්තු මාසයේ දී අපනයන මෙතෙක් වාර්තා වූ ඉහළ ම අගය වාර්තා කළ අතර, වසරේ පෙර මාස දෙකෙහි පැවති ප්‍රවණතාව වෙනස් වී වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා එය දායක විය. 2018 ජනවාරි මාසයේ සිට දක්නට ලැබුණු යහපත් ප්‍රවණතාව අඛණ්ඩ ව පවත්වා ගනිමින් සංචාරක ඉපැයීම් 2018 මාර්තු මාසයේ දී ද සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. 2018 පෙබරවාරි මාසයේ දී අඩු වීමක් වාර්තා කළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද මෙම මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර, විශේෂයෙන් ම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන ඉවත් කර ගැනීමත් සමඟ මාර්තු මාසයේ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුමේ ගෙවීම් ඉහළ යෑමක් දක්නට ලැබිණ. රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය හිතකර මට්ටමක පැවතුණි.

Pages