• Uninterrupted Operations of the Central Bank of Sri Lanka to Continue

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයකු කොවිඩ්-19 ආසාදනයට ලක් වී ඇති බව 2020 නොවැම්බර් 19 වන දින අනාවරණය විය. ඔහු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවෙයි.

    මේ බව අනාවරණය වූ වහා ම වෛරසය පැතිර යෑම වැලැක්වීම සඳහා අවශ්‍ය සියලු කඩිනම් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇත. මහ බැංකු මූලස්ථාන පරිශ්‍රය පූර්ණ හා දැඩි විෂබීජහරණයකට ලක් කිරීම, ආසාදිතයාගේ සමීප ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීම මේ වන විටත් සිදු කොට අවසන් ය. එම පරීක්ෂණ අනුව ආසාදිතයා හැර අන් කිසි ම නිලධාරියකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. නමුත් පූර්ව ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස ආසාදිතයා අනාවරණය වූ දින දක්වා  ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජ්‍යේෂ්ඨ නිලධාරීන් සියලු දෙනා ම 2020 නොවැම්බර් 20 වන දා සිට සති දෙකක කාලයක් නිවසේ සිට සිය සේවා සපයනු ඇත.

  • Issuance of Sri Lanka Development Bonds (SLDBs)

    එක්සත් ජනපද ඩොලරයෙන් නාමනය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම ශ්‍රී ලංකා රජය මඟින් සිදු කරයි. මෑතකදී සිදු කළ සංවර්ධන බැඳුම්කර නිකුතුව නොවැම්බර් මස 10 සිට 13 වන දින දක්වා සිදු කෙරිණි. එහි ගෙවීම් කළ යුතු දිනය නොවැම්බර් 18 දින වේ. එම වෙන්දේසියේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 24.82 ක මුදලක් රැස් කරන ලදී. එහිදී වසර 1 මාස 2 සිට වසර 4 මාස 2 දක්වා වන පරිණත කාලයන් ස්ථාවර ඵලදා අනුපාතිකය සියයට 6.69 සිට 6.82 දක්වා නිකුත් කෙරිණි.

  • Debt Moratorium for COVID - 19 Affected Businesses and Individuals

    කොවිඩ්-19 ව්‍යසනයේ දෙවන ව්‍යාප්තිය නිසා ව්‍යාපාර හා පුද්ගලයින් විසින් මුහුණපා ඇති ගැටළු සලකා බලමින්, බලපත්‍රලාභී බැංකු විසින් කොවිඩ්-19 ව්‍යසනය මගින් බලපෑමට ලක්වී ඇති පුද්ගලයන් හා ව්‍යාපාර වෙත ලබා දී ඇති ණය සහනයෝජනා ක්‍රමය 2020 ඔක්තෝබර් 01 දින සිට තවත් මාස හයක කාලයකින් දීර්ඝ කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත නියෝග කර සිටී. සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන් විසින් ණය සහන කාලය දීර්ඝ කරගැනීම සඳහා වන ඉල්ලීම් 2020 නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කල යුතුවේ. මෙම යෝජනාක්‍රමයේ ප්‍රධාන අංගයන් පහත පරිදි වේ.

  • External Sector Performance - September 2020

    වෙළඳ හිඟය අඛණ්ඩව පහත වැටීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු ලෙස වැඩි වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ස්ථාවරත්වය යනාදියෙහි හිතකර බලප‍ෑම හේතුවෙන් 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත් විය. අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා භාණ්ඩ අපනයනය වර්ධනය වීමත්, මාසය තුළ භාණ්ඩ ආනයන අඩු වීමත් සමඟ වෙළඳ හිඟය පෙර වසර හා සසඳන විට 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී අඩු විය. 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2011 වසර අවසානයෙන් පසු ඉහළ ම වාර්ෂික වර්ධන වේගය වාර්තා කළේය. මූල්‍ය ගිණුමේ, රජයේ සුරැකුම්පත් වෙළඳපොළ තුළ මෙම මාසය තුළ විදේශ ආයෝජන ලැබීම් සුළු ප්‍රමාණයක් වාර්තා වූ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් ගෙවීම් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම් විනිමය අනුපාතිකයට ඇති පීඩනය ලිහිල් කළ අතර, දළ නිල සංචිත ඉහළ නැංවීම සඳහා ශුද්ධ පදනම මත විදේශ විනිමය අවශෝෂණය කර ගැනීමට මහ බැංකුවට හැකියාව ලැබිණි. මෙම ප්‍රවණතා නිරූපණය කරමින්, 2020 වසරේ සැප්තැම්බර් මාසය තුළ ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය විය.

  • Central Bank Extends the Grace Period of 4% Working Capital Loan Scheme from 6 Months to 9 Months

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීමේ ජාතික වැදගත්කම හඳුනාගත් ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර, වාර්ෂිකව 4%ක පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කර ඇත.

    කෙසේ වෙතත්, කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ල හේතුවෙන් බොහෝ ණයලාභීන් අපේක්ෂා කළ පරිදි තම ව්‍යාපාර යථා තත්ත්වයට පත්කර ගැනිමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙන බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, ණය ආපසු ගෙවීම සඳහා ණයලාභීන්ට පහසුකම් සැලසීමේ සහ දිරිගැන්වීමේ වැදගත්කම සලකා බැලීමෙන් අනතුරුව, සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ලියාපදිංචි කර ඇති ණය සඳහා අදාළ සහන කාලය, ලිඛිත ඉල්ලීමක් කරනු ලබන ණයලාභීන් සඳහා තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළේය.

  • The Central Bank publishes 'Recent Economic Developments: Highlights of 2020 and Prospects for 2021'

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා" ප්‍රකාශනය අද දින එළිදක්වන ලදී. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා භාෂා ත්‍රිත්වයෙන් ම බාගත කර ගැනීමට හැකියාව ඇත.*

    ආර්ථික ප්‍රවණතා යාවත්කාලීන කිරීමට අමතරව, 2020 ඔක්තෝබර් මස මැද දක්වා ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින්, 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද මැදි කාලීන සාර්ව ආර්ථික රාමුවෙහි යාවත්කාලීන කිරීමක් ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා" තුළින් මෙවර ඉදිරිපත් කර ඇත. මෙම වසරේ වාර්තාව ප්‍රකාශයට පත්වනුයේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විවිධාකාර සමාජ ආර්ථික අභියෝග සහ අවිනිශ්චිතතාවලට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින තීරණාත්මක සංධිස්ථානයක දී ය.

  • Cancellation of the Licence issued to Axis Bank Limited (Axis Colombo Branch) based on the request made by the Axis Bank Limited, India

    ඉන්දියාවේ ඇක්සිස් බැංකුව විසින් 2019 වසරේදී එම බැංකුවේ ගෝලීය මෙහෙයුම් පිළිබඳව ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණය මත කරන ලද ඉල්ලීම සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, ඇක්සිස් බැංකුවේ කොළඹ ශාඛාව විසින් සිදු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ එම බැංකුව සදහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට නියමයන් හා කොන්දේසි කිහිපයකට යටත්ව අනුමැතිය ලබා දී තිබේ.

    ඇක්සිස් බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසි වලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක සෑහීමකට පත්වීමෙන් පසු, බැංකු කටයුතු කරගෙන යාම සඳහා ඇක්සිස් බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 30 දින සිට අවලංගු කරන ලදී.

  • CCPI based Inflation remained unchanged at 4 per cent in October 2020

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.0හි නො වෙනස් ව පැවති අතර, 2019 ඔක්තෝබර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 11.5හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 10.0 දක්වා පහළ ගිය නමුත්, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 0.9හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 1.3 දක්වා ඉහළ ගියේ ය.

  • Special Arrangements made by Employees’ Provident Fund Department of the Central Bank of Sri Lanka to Provide Uninterrupted EPF Related Services to its Stakeholders

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ පවතින දුෂ්කරතා මධ්‍යයේ සිය සේවාවන් අඛණ්ඩ ව සැපයීම සඳහා යොදා ඇති විධිවිධාන පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සිය පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීමට අපේක්ෂා කරයි. ප්‍රතිලාභ ගෙවීම්, දායක මුදල් හා දායක මුදල් විස්තර වාර්තා රැස්කිරීම, වීසා අවැසිතාවන් සඳහා ශේෂ තහවුරු ප්‍රකාශ හා දායක මුදල් විස්තර වාර්තා නිකුත් කිරීම සහ නාම හා ගිණුම් සංශෝධන සේවාවන් පහත සඳහන් පරිදි සපයනු ලැබේ.

  • Cancellation of the Licence issued to ICICI Bank Limited (ICICI Colombo Branch)

    ඉන්දියාවේ අයිසීඅයිසීඅයි බැංකුව කළ ඉල්ලීම සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, ශ්‍රී ලංකාවේ අයිසීඅයිසීඅයි බැංකුවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ ඒ සදහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට නියමයන් හා කොන්දේසි කිහිපයකට යටත් ව අනුමැතිය ලබා දී තිබේ.

Pages