• NCPI based Inflation increased in August 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 6.1හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 6.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, 2020 ජූලි මාසයේ දී සියයට 12.9හි පැවති ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ දී සියයට 13.2 දක්වා ඉහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 1.0හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 1.1 දක්වා ඉහළ ගියේ ය

  • Sri Lanka Purchasing Managers’ Index - August 2020

    2020 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනය විය.

    රටේ ව්‍යාපාරික කටයුතු යථාවත් වීම හේතු කොට ගෙන 2020 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදු වූ අඛණ්ඩ වර්ධනය, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙන් පිළිබිඹු විය. නව ඇණවුම් සහ නිෂ්පාදන යන උපදර්ශක දෙක ම 2020 අගෝස්තු මාසයේ දී ඉහළ ගිය අතර සේවා නියුක්තිය උපදර්ශකයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි.

  • External Sector Performance - July 2020

    වෙ‍ළෙඳ භාණ්ඩ ආනයන වියදම අඩු වීම හමුවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ  ප්‍රේෂණ ඉහළ යෑම හේතුවෙන්  2020 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත් විය. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුව ද, කැපී පෙනෙන වර්ධනයන් කිහිපයක් නිරීක්ෂණය කරන ලදී. වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ ජනවාරි සිට ප්‍රථම වරට ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවා ගිය අතර, 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසු ප්‍රථම වරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ධනාත්මක වර්ධනයක් වාර්තා කළේ ය. අත්‍යවශ්‍ය නො වන භාණ්ඩ ආනයන සීමා කිරීම් තවදුරටත් ක්‍රියාත්මක වීම හමුවේ අපේක්ෂා කළ පරිදි වෙළෙඳ භාණ්ඩ ආනයන පහළ මට්ටමක පැවතියේ ය. 2020 වසරේ ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබුණු අතර, එය 2018 ජනවාරි මාසයේ සිට වාර්තා වූ ඉහළ ම මාසික ප්‍රේෂණ ප්‍රමාණයයි.

  • Launch of 'Ratapuraama LANKAQR' Public Awareness Campaign in Matale

    ශ්‍රී ලංකා මහ බැංකුව මුල්‍ය ආයතන සමඟ එක් ව LANKAQR ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ වැඩසටහන “රට පුරාම LANKAQR“ යන තේමාව යටතේ දීපව්‍යාප්ත වැඩසටහනේ පළමු අදියර ලෙස 2020 සැප්තැම්බර් මස 12 වන දින “මාතලේට LANKAQR“ තේමාව මත ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්විණි. මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහභාගී විය. බලපත්‍රලාභී මුල්‍ය ආයතන, ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතිවල බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවන් ලෙස ක්‍රියා කරන දුරකථන සමාගම් මෙන් ම ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම් නියෝජිතයන්, මාතලේ ප්‍රදේශයේ ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් මෙම උත්සවයට සහභාගී විය. මෙම වැඩසටහනෙහි අරමුණ වුයේ LANKAQR කේත පදනම් කර ගත් ඩිජිටල් ගෙවීම් භාවිතය දිරිමත් කිරීම සහ එමගින් පාරිභෝගිකයාට, ව්‍යාපාරිකයාට සහ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමයි.

  • Release of "Economic and Social Statistics of Sri Lanka - 2020" Publication

    ශ්‍රී ලංකා මහ බැංකුවේ, වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2020” මහජනතාවගේ පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.

    මෙම වසරේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වැනි සංවත්සරයට සමගාමීව සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රකාශනයේ අන්තර්ගතය, පරිශීලනය වඩාත් පහසු වන ලෙස නැවත පෙළගස්වන ලද අතර, තවත් සංඛ්‍යාන ප්‍රකාශනයට එක් කිරීමට ද කටයුතු කරන ලදී. ඒ අනුව, නව අනුවාදයේ සංඛ්‍යාන වගු ක්ෂේත්‍ර අටක් යටතේ වර්ගීකරණය කර ඇත. එනම්, 'ජාතික ගිණුම්', ආර්ථික හා සමාජ යටිතල පහසුකම්', 'මිල, වැටුප් සහ සේවා නියුක්තිය', 'විදේශ වෙළඳාම හා මූල්‍ය', 'රාජ්‍ය මූල්‍ය', 'මුදල් සහ ප්‍රාග්ධන වෙළඳපොළ','මුදල් අංශය' සහ අනෙකුත් රටවල සංඛ්‍යාන වශයෙනි.

    මුද්‍රිත සහ වෙබ් යන මාධ්‍ය දෙකෙන්ම ලබා ගත හැකි මෙම ප්‍රකාශනය, සමාජ හා ආර්ථික සංඛ්‍යාන පිළිබඳව උනන්දු වන ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වනු ඇත.

  • CCPI based Inflation decreased in August 2020

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේය. 2019 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 10.9හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 12.3 දක්වා ඉහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 1.5හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 0.8 දක්වා පහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.8ක් ලෙස නොවෙනස්ව පැවතුණි.

  • Land Valuation Indicator - First Half of 2020

    කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2020 වසරේ පළමු භාගයේ දී 141.6 ක අගයක් වාර්තා කරන ලද අතර, එහි වාර්ෂික වර්ධනය සියයට 7.1 ක් විය. මේ අතර, අර්ධ වාර්ෂික පදනම මත ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සියයට 2.0 ක් විය. පසුගිය කාල පරිඡේදයන්හි දී ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික සහ අර්ධ වාර්ෂික වර්ධනයන් පහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන ලදී.

    ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය. වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 7.2 ක අගය කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වාර්තා වූ අතර, නේවාසික සහ වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි වර්ධනයන් සියයට 7.1 ක් විය.

  • Central Bank Extends the Deadline of Application for 4% Working Capital Loan Scheme until 30th September 2020

    2020 අගෝස්තු 19 වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ කාලසීමාව දීර්ඝ කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකිය.

  • NCPI based Inflation decreased in July 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 6.3හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේය. 2019 ජූලි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, 2020 ජුනි මාසයේ දී සියයට 13.6හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 ජූලි මාසයේ දී සියයට 12.9 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ පැවති සියයට 0.8හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 1.0 දක්වා ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 ජුනි මාසයේ පැවති සියයට 5.6හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 5.9 දක්වා ඉහළ ගියේය.

  • Establishment of Financial Consumer Relations Department of the Central Bank of Sri Lanka

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ, සංශෝධිත, 33 වන වගන්තියේ විධිවිධාන යටතේ නියාමනය කරනු ලබන ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කරනු ලබන සියලුම පැමිණිලි, දුක්ගැනවිලි හා විමසීම් පිලිබදව සේවය සැපයීම සඳහා සම්බන්ධ කර ගත හැකි මධ්‍යස්ථානය ලෙස “මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව” නමින් නව දෙපාර්තමේන්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020.08.10 දින සිට ස්ථාපනය කරන ලදී.

Pages