රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සහ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇති විය හැකි සෘණාත්මක බලපෑම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත පදනම් ව පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිත ව ගරු මුදල් අමාත්‍යවරයා විසින් 2020 ජූලි 2 දිනැති අංක 2182/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි පළ කරන ලද නියමයෙහි වලංගු කාලය 2021 ජනවාරි 2 දින සිට තවත් මාස හයක කාලයකින් දීර්ඝ කරමින් 2020 දෙසැම්බර් 18 දිනැති අංක 2206/25 දරන ගැසට් නිවේදනයේ පළ කරන ලද නියමය නිකුත් කරන ලදී.
-
Continuation of Measures Taken to Preserve the Foreign Currency Reserve Position of Sri Lanka
-
Road Map 2021: Monetary and Financial Sector Policies for 2021 and Beyond
2020 වසර අප බොහෝ දෙනෙකු හැකි ඉක්මනින් අමතක කර දැමීමට කැමති වසරක් වනුයේ ප්‍රධාන වශයෙන් කොරෝනා වසංගතය මගින් ලොව පුරා මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි ඇති කරන ලද භයානක බලපෑම් හේතුවෙනි. අප දැනට අත්දකින මෙම කොවිඩ්-19 වසංගතය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ අන් සෑම අභියෝගයකටම වඩා දරුණුතම ගෝලීය අර්බුදය යි. පසුගිය මාස දහයක පමණ කාලය තුළ අපට අසන්නට ලැබුණේ ඛේදවාචක, මරණ හා බිය ගෙනෙන තොරතුරු ය. අප ජීවිතවලට අතිමහත් කම්පන ගෙන දුන් අවස්ථා තිබූ අතර, නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට තවත් කොපමණ කලක් ගත වේදැයි අපි නොදනිමු. කෙසේ වෙතත්, අපට නව වසරක් උදා වී ඇති අතර, තත්ත්වය තරමක් ඉක්මනින් යහපත් අතට හැරෙනු ඇති බවට අපේක්ෂා මෙන්ම සැබෑ සාධක ද පෙනෙන්නට ඇත. 2020 වසරේ අප්‍රසන්න සිහිවටන පසෙක ලා ඉදිරියට යන අප, අනාගතය පිළිබඳව ධනාත්මකව සිතිය යුතු අතර, ඛේදවාචක පිලිබඳ අනාවැකි පළකරන්නන් කුමක් කීව ද සුභදායක හා අපේක්ෂා සහගත බවක් අප වටා ජනිත කිරීම වැදගත් ය.
-
CCPI based Inflation increased marginally to 4.2 per cent in December 2020
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 10.3හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 9.2 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.6හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 2.0 දක්වා ඉහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස 2020 දෙසැම්බර් මාසයේ දී අඛණ්ඩව තෙවන මාසයටත් සියයට 4.6හි නොවෙනස්ව පැවතුණි.
-
The Central Bank of Sri Lanka issues an Uncirculated Commemorative Coin to mark its 70th Anniversary
1950 අගෝස්තු මාසයේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ සමෘද්ධිය උදෙසා සුවිශේෂී හා වටිනා දායකත්වයක් ලබා දෙමින් වසර 70 ක් සම්පූර්ණ කර ඇත. සිය 70 වන සංවත්සරය සංකේතවත් කරමින්, පහත සඳහන් ප්‍රධාන ලක්‍ෂණ සහිත මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා නොවන සමරු කාසියක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
-
Sri Lanka Prosperity Index - 2019
ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2018 වසරේ වාර්තා කළ 0.811 ක අගයට සාපේක්ෂ ව 2019 වසරේ දී 0.802ක අගයක් වාර්තා කළේ ය. මේ සඳහා 'ආර්ථික සහ ව්‍යාපාර පරිසරය' සහ 'සමාජ-ආර්ථික යටිතල පහසුකම්' යන උපදර්ශකයන්හි පහළ යෑම හේතු වී ඇති අතර ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකය මෙම වසර තුළ දී වැඩිදියුණු වී ඇත.
-
Announcement of the Road Map: Monetary and Financial Sector Policies for 2021 and Beyond
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති විසින් 2021 සහ ඉදිරියට මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීම 2021 ජනවාරි මස 04 වැනි සඳුදා සිදු කිරීමට නියමිත ව ඇත.
දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පෙර දැක්ම එළිදැක්වීම අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන අතර මෙම වීඩියෝව 2021 ජනවාරි 04 වැනි සඳුදා පෙරවරු 11.00ට ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය හරහා නැරඹිය හැක.
-
The Central Bank takes Steps to Stem the Undue Depreciation of the Rupee
විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත. මෙම ක්‍රියාමාර්ගත් අත්යවශ්ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය 2020 නොවැම්බර් මස නිරීක්ෂණය කළ එ.ජ. ඩොලරයට රුපියල් 185ට වඩා අඩු මට්ටමකට අතිප්රමාණය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
-
NCPI based Inflation decreased in November 2020
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.5හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ ගියේය. 2019 නොවැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 10.6හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 9.4 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.5හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 1.7 දක්වා ඉහළ ගියේය.
-
Provincial Gross Domestic Product - 2019
දිවයිනේ වාණිජ සහ පරිපාලන අගනගර ඇතුළත් බස්නාහිර පළාත, අඛණ්ඩව ආර්ථිකයේ පෙරගමන්කරු ලෙස දායකත්වය ලබා දී ඇත. කෙසේ වුවද, පළාත්බද වර්ධන විෂමතාවන්ගේ අඩු වීම පිළිඹිබු කරමින් බස්නාහිර පළාත ද.දේ.නි සඳහා දැක්වූ දායකත්වය, 2019 වසරේදී යම් අඩු වීමක් පෙන්නුම් කර ඇත.
රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි) ඉහළම දායකත්වය (සියයට 39.1) බස්නාහිර පළාත විසින් ලබා දී ඇත. කෙසේ වෙතත්, සෙසු පළාත්වල දායකත්වයන්හි වර්ධනය හේතුවෙන් මෙම අගය 2018 ට සාපේක්ෂව සියයට 0.5 කින් අඩු වී ඇත. මධ්‍යම පළාත (සියයට 11.5) සහ වයඹ පළාත (සියයට 10.7) පිළිවෙලින් දෙවන සහ තෙවන ඉහළම දායකත්වයන් ලබා දී ඇත.
-
Appoinment of New Deputy Governors
මුදල් මණ්ඩලය විසින් ගරු මුදල් ඇමතිතුමාගේ අනුමැතිය සහිතව සහකාර අධිපතිවරුන් වන ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්. ඩබ්ලිව්. ජී. ආර්. ඩී. නානායක්කාර මහතා 2020 දෙසැම්බර් මස 14 වැනි දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කරන ලදී.