• Erroneous News Report on Debt Service Payments on account of Sri Lanka Development Bonds and Foreign Currency Loans from Domestic Banks

    ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ රජය විසින් දේශීය බැංකු මගින් ලබා  ගත් විදේශීය ව්‍යවහාර මුදලින් නාමනය කරන ලද ණය සඳහා ආපසු ගෙවිය යුතු මුදල් පියවීම සැලසුම් සහගත ව ප්‍රමාද කිරීම පිළිබඳ සාවද්‍ය සහ සනාථ නො කළ වාර්තාවක් අද එක්තරා පුවත්පතක් ප්‍රකාශයට පත් කොට ඇති බව මහ බැංකුව විසින් කණස්සල්ලෙන් යුතු ව නිරීක්ෂණය කරන ලදී.

  • CCPI based Inflation increased to 4.1 per cent in March 2021

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේ ය. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 7.9හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 9.6 දක්වා ඉහළ ගියේ ය. එමෙන් ම, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 1.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 1.8 දක්වා ඉහළ ගියේ ය.

  • The Central Bank of Sri Lanka enters into a Bilateral Currency Swap Agreement with the People’s Bank of China

    දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, දෙපාර්ශ්වයේ ම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිත කිරිමට හැකි වන පරිදිත්,  ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ චීන මහජන බැංකුව (PBoC) ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹෙන ලදී. මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වේ. 2020 දී, චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක් විය (ශ්‍රී ලංකාවේ ආනයනයන්ගෙන් 22.3%).

  • NCPI based Inflation increased in February 2021

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජනවාරි මාසයේ පැවති සියයට 3.7හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ දී පැවති සියයට 5.9හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 6.9 දක්වා ඉහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති සියයට 1.8හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 1.9 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.

  • Increase of the Maximum Compensation Payment under the Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme (SLDILSS)

    ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන උපරිම වන්දි මුදල මෙතෙක් පැවැති රුපියල් 600,000 සීමාවේ සිට රුපියල් 1,100,000 දක්වා රුපියල් 500,000 කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු හා මුල්‍ය සමාගම්වල බලපත්‍ර අවලංගු කළ හෝ අත්හිටවූ අවස්ථාවලදී එම ආයතනවල තැන්පතුකරුවන්ට උපරිම සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව පසුගිය සමයේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර අවලංගු කරන ලද හෝ අත්හිටුවන ලද සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී (සී. අයි. එෆ්. එල්.), ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් (ටී.එස්. සී. එෆ්. එල්.), ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ් (ටී.කේ.එස්.), ද ෆිනෑන්ස් කොම්පැණි පී.එල්.සී (ටී. එෆ්. සී.), ඊ.ටී. අයි. ෆිනෑන්ස් ලිමිටඩ් (ඊ. ටී. අයි.) සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. (එස්. එෆ්. එස්.) යන මුල්‍ය සමාගම් හයෙහි (06) තැන්පතුකරුවන් සඳහා වන්දි මුදල් ගෙවීමේදී ද මෙම සංශෝධිත සීමාව අදාළ වනු ඇත.

  • Sri Lanka Purchasing Managers’ Index - February 2021

    පෙබරවාරි මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනය විය.

    2021 පෙබරවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 59.4ක් වාර්තා කරමින් අඛණ්ඩ වර්ධනයක් පවත්වා ගැනීමට සමත් වූ අතර, නිෂ්පාදන සහ නව ඇණවුම් වල සිදුවූ වර්ධනය මේ සඳහා හේතු විය. තවද, තොග මිලදී ගැනුම් සහ සේවා නියුක්ති උප දර්ශක මෙන්ම ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඉහළ යාමද සමස්ත දර්ශකය ඉහළ අගයක පැවතීමට හේතු විය.

    සේවා අංශය තවදුරටත් වර්ධනය වීමක් පෙන්නුම් කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 පෙබරවාරි මාසයේ දී 56.5ක් දක්වා ඉහළ ගියේය. නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි දක්නට ලැබුණු ඉහළ යෑම් මෙම වර්ධනය සඳහා දායක විය. 

  • Concessionary Scheme for Leasing Facilities Obtained by Businesses and Individuals Engaged in Passenger Transportation

    මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන් හට කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් ලබා ගෙන ඇති කල්බදු (ලීසිං) පහසුකම් සඳහා 2021 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මාස හයක් හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා, ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් (මින් ඉදිරියට මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන) වෙත දැනුම් දී ඇත.

  • External Sector Performance - January 2021

    ප්‍රධාන වශයෙන් වෙළඳ හිඟය අඩු වීම සහ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2021 ජනවාරි මාසයේ දී අංශ ගණනාවක් ඔස්සේ තවදුරටත් යථා තත්ත්වයට පත් විය. 2020 ජනවාරි මාසයට සාපේක්ෂව 2021 ජනවාරි මාසයේදී වෙළඳ ගිණුමේ හිඟය අඩුවීම, වෙළඳ භාණ්ඩ අපනයනයහෙි පහළ වැටීම අභිබවා වෙළඳ භාණ්ඩ ආනයන පහළ වැටීමේ ප්‍රතිඵලයකි. මේ අතර, විදේශීය ජංගම ගිණුම ශක්තිමත් කරමින් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2021 ජනවාරි මාසයේදී සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේ ය. මූල්‍ය ගිණුම සැලකීමේදී , 2021 ජනවාරි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන සුළු ලැබීමක් වාර්තා වූ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් ශුද්ධ ගෙවීම් වාර්තා විය. 2021 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමේ පීඩනයකට ලක් වුව ද, මහ බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ රජය විසින් අත්‍යවශ්‍ය නොවන ආනයන සදහා වන සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙම පීඩනය පාලනය කිරීමට උපකාරී විය.

  • Launching of the First-ever National Financial Inclusion Strategy of Sri Lanka

    ශ්‍රී ලංකාව සඳහා වන මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ප්‍රථම ජාතික උපාය මාර්ගය අද දින, එනම්  2021.03.04, එළිදක්වන ලදී. මෙම එළිදැක්වීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මැතිතුමන් විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපායමාර්ගය පිළිගැන්වීම තුළින් සංකේතාත්මකව සනිටුහන් කරන ලදී. මෙම අවස්ථාවට  මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය  ප්‍රතිතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලී  මහතා  සහ අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත අමීනා අරිෆ් මහත්මිය සහභාගී වූහ.

  • The Central Bank of Sri Lanka Reaffirms its Commitment to Continue the Current Accommodative Monetary Policy Stance

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෑතක දී පෞද්ගලික අංශයට සපයන ලද ණය මන්දගාමී වීම සහ ආර්ථිකයේ ඵලදායී අංශවලට ණය ලබා දීම ප්‍රමාණවත් නොවීම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර දේශීය නිෂ්පාදන මත පදනම් වූ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම සඳහා සහාය වීමට මූල්‍ය පද්ධතිය මගින් ඵලදායී අංශ සඳහා සක්‍රීයව ණය ලබා දීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි. තවද, මෑතකදී ඇතැම් වෙළඳපොළ පොලී අනුපාතිකවල ඉහළ යෑම මුදල් මණ්ඩලය විසින් නිරීක්ෂණය කරන ලද අතර, අඩු උද්ධමනයක් පවතින වාතාවරණය තුළ, ආර්ථිකය තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්වන තෙක් අඩු පොලී අනුපාතික ව්‍යුහය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා වූ කැපවීම මුදල් මණ්ඩලය විසින් යළිත් අවධාරණය කරයි.

Pages