• Discretionary Payments of Licensed Banks

    බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ඇතුළු අභිමතානුසාරී ගෙවීම් සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ පහත පැහැදිලි කිරීම් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. මීට පෙර, 2020 මැයි 13 වැනි දින නිකුත් කරන ලද විධානයක් මගින්, කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය සමඟ හටගත් සුවිශේෂී තත්ත්වයන් හමුවේ, බලපත්‍රලාභී බැංකුවල ද්‍රවශීලතා සහ ප්‍රාග්ධන මට්ටම් ශක්තිමත් කිරීමේ  වැදගත්කම සැලකිල්ලට ගනිමින්, බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ප්‍රකාශයට පත්කිරීම, ලාභ මෙරටින් බැහැර කිරීම, තම කොටස් ආපසු මිලට ගැනීම, කළමනාකාරිත්වය සඳහා ගෙවනු ලබන දීමනා වැඩි කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල වෙත කරනු ලබන ගෙවීම් ඉහළ දැමීම ආදී අභිමතානුසාරී ගෙවීම් 2020 දෙසැම්බර් 31 දින දක්වා සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී.

  • Beware of Online Financial Frauds and Scams

    සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කර ගත් සහ ජංගම දුරකතන යෙදුම් හරහා විවිධ වර්ගයේ මුල්‍ය වංචා සිදු කෙරෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබී ඇත. මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කර ගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කර ගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ. එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේ දී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ පහත සදහන් රහස්‍ය පාරිභෝගික තොරතුරු ඔවුන්ගෙන් ලබා ගැනීමට මහජනතාව පොළඹවයි.

  • NCPI based Inflation decreased in December 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.6 දක්වා පහළ ගියේ ය. 2019 දෙසැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 9.4හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 7.5 දක්වා පහළ ගියේ ය. එසේ වුව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.7හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගියේ ය.

  • The Central Bank of Sri Lanka Continues its Accommodative Monetary Policy Stance

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ජනවාරි මස 18 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කළේ ය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනා ව සලකා බැලීමෙන් අනතුරු ව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹිණි. 2020 වසර තුළ සමස්ත වෙළෙඳපොළ ණය අනුපාතිකවල අඩු වීම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර, විශේෂයෙන් දේශීය මුදල් වෙළෙඳපොළේ ඉහළ මට්ටමක පවතින අතිරික්ත ද්‍රවශීලතාව සැලකිල්ලට ගනිමින් ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන නොමැති වාතාවරණයක ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ණය අනුපාතිකයන්හි අඛණ්ඩ පහළ යෑමේ අවශ්‍යතාව අවධාරණය කළේ ය.

  • Sri Lanka Purchasing Managers’ Index - December 2020

    රටේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථාවත් වීම හේතු කොට ගෙන නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව 2020 දෙසැම්බර් මාසයේ දී 61.2ක අගයක් වාර්තා කරමින් තවදුරටත් ඉහළ ගියේ ය. නිෂ්පාදනය, නව ඇණවුම්, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් උප දර්ශකවල දක්නට ලැබුණු ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.

  • External Sector Performance - November 2020

    අපනයන ඉපැයීම් පහත වැටීම හමුවේ  වුව ද, 2020 වසරේ නොවැම්බර් මාසයේ දී අඩු වෙළඳ හිඟයක් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩි වීමක් ද ඇතුළු ව විදේශීය අංශයේ ධනාත්මක ප්‍රවණතා ගණනාවක් දක්නට ලැබිණි. අත්‍යවශ්‍ය නො වන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩ ව පවත්වා ගෙන යෑම සහ ගෝලීය වෙ‍ෙළඳපොළෙහි තෙල් මිල ගණන් අඩු මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ ආනයන අඛණ්ඩ ව පහත වැටුණි. කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලත් සමඟ දේශීය නිෂ්පාදන ක්‍රියාවලියට ඇති වූ බාධා හේතුවෙන් පෙර මාසවලට සාපේක්ෂ ව නොවැම්බර් මාසයේ දී භාණ්ඩ අපනයනයේ සැලකිය යුතු අඩුවීමක් සිදු විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ නොවැම්බර් මාසයේ දී ද අඛණ්ඩ වර්ධනයක් වාර්තා කළේ ය. මූල්‍ය ගිණුම සැලකීමේ දී, 2020 වසරේ නොවැම්බර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙ‍ෙළඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන සුළු ශුද්ධ ගෙවීම් වාර්තා කළේ ය.

  • Swarnamahal Financial Services PLC - Resumption of Business for a Limited Purpose on a Conditional Basis

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මහජනතාවගේ සහ ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත සඳහා දැඩි කොන්දේසිවලට යටත් ව, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාර ව, සීමිත අරමුණක් සහ සීමිත කාලයක් සඳහා මුදල් මණ්ඩලය විසින් පත් කරන ලද කළමනාකරණ  මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ආයතනයේ පවත්නා ඉතිරි තැන්පතුවලින් සියයට 50ක ප්‍රමාණයක් ආපසු ගෙවීම (ආපසු ගෙවීමේ සැලැස්ම) සඳහා පමණක් 2021 ජනවාරි 13 සිට 2021 අප්‍රේල් 12 දක්වා වන තෙමසක සීමිත කාල සීමාවක් තුළ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු නාමික ව නැවත ආරම්භ කිරීමට තීරණය කළේ ය.

  • ETI Finance Ltd – Making Application to a Competent Court for Winding Up

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(ආ) වන වගන්තිය ප්‍රකාරව, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය ගණන් බේරා වසා දැමීම සඳහා, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින්, නිසි බලය ඇති අධිකරණයක් වෙත ඉල්ලීමක් කිරීමට සැලැස්වීම සඳහා තීරණය කරන ලදී.

    2011 වසරේ සිට පැවති විවිධ අක්‍රමිකතා සහ ඒ හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අපොහොසත් වීම හේතුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2018 ජනවාරි 02 දින ආයතනයේ අධ්‍යක්ෂවරුන් වෙත විධාන නිකුත් කළ අතර එම ආයතනයේ කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන ලදී.

  • Imposition of Penalties to Enforce Compliance on Financial Institutions During 2020 by the Financial Intelligence Unit (FIU)

    2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නො වන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතන හෝ නම් කරන ලද මූල්‍ය නො වන ව්‍යාපාර විසින් සිදු කරන අදාළ අනුකූල නො වන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකි ය.

    ඒ අනුව, රටේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2020 ජූනි 01 සිට 2020 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රුපියල් මිලියන 2.3ක දඩ මුදලක් පනවන ලදී. මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන වෙත පනවනු ලෑබූ දණ්ඩන, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මෙරට අනුකූලතා මට්ටම වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රසිද්ධ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළේ ය.

  • Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2021 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

Pages