2016 මාර්තු අග භාගයේ දී සිදු කෙරුණු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි හා අදාළ ව මෑතක දී පළ වූ ලිපි මෙන් ම ඒ පිළිබඳ ව වූ සාකච්ඡා තුළින් මතු කරන ලද එම ක්‍රියාවලියේ විනිවිදභාවය සම්බන්ධයෙන් නගන ලද චෝදනා හා බැදේ. 2015 පෙබරවාරි සිට හඳුන්වා දෙන ලද සම්පූර්ණයෙන් ම වෙළෙඳපොළ මත පදනම් ව සිදු කරන ලද නිකුතු වෙන්දේසි ක්‍රියාවලිය ම මෙම චෝදනාවන්ට බඳුන් වූ වෙන්දේසි තුළ දී ද අනුගමනය කරන ලද බව මහජනතාවට දැනුම් දෙනු කැමැත්තෙමු.
රජයේ විශාල සම්පත් අවශ්‍යතා පිළිබඳ ව මුදල් මණ්ඩලය සැලකිල්ලට ගෙන ඇත. අමතර වශයෙන් 2016 වසර මුල දී මූල්‍ය ප්‍රතිපත්ති අවශ්‍යතා මත සිදු කරන ලද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයන්හි ඉහළ දැමීම මෙන් ම අනතුරු ව සිදු කරන ලද ප්‍රතිපත්ති පොලී අනුපාතයන්හි ඉහළ දැමීම ද හේතු කොට ගෙන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරයන්හි ඵලදා අනුපාතයන් ඉහළ යන ලදි.
පවතින හා ඉදිරියේ පැන නැගිය හැකි රජයේ මූල්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගෙන මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් නිර්දේශයන් සිදු කර ඇත.









ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2018” පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය මූල්‍ය, බැංකු සහ මූල්‍ය ආයතන, මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ජනගහනය සහ ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, විදුලි සංදේශ සේවා සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල්වල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද මෙම ප්රකාශනයේ ඇතුළත් වේ.