• External Sector Performance – January 2017

    2017 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. ආනයන වියදම ඉහළ යෑම සහ අපනයන ආදායම අඩු වීම හේතුවෙන් ජනවාරි මාසය තුළ දී වෙළෙඳ හිඟය පුළුල් විය. කෙ සේ නමුත්, 2017 ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් තුළින් වූ විදේශ විනිමය ලැබීම් සාපේක්ෂ ව ඉහළ වර්ධනයක් වාර්තා කළ අතර, පෙර වසරේ අනුරූප මාසය සමඟ සැසඳීමේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මධ්‍යස්ථ ප්‍රමාණයකින් වර්ධනය විය. 2017 ජනවාරි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ විදේශ විනිමයේ ගලා යෑමක් දැකිය හැකි විය. 

    සම්පූර්ණ ලිපිය

  • 'Central Bank Comes to You…' Open Day Programme conducted by the Central Bank of Sri Lanka

    පාසල් සිසු සිසුවියන් ඇතුළු කඳුරට ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සැපයෙන සේවාවන් පහසුවෙන් ලබා ගැනීම සඳහාත්, එම සේවාවන් පිළිබඳ ව ඔවුන් දැනුම්වත් කිරීම උදෙසාත් පැවැත්වෙන විවෘත දින වැඩසටහන, 'මහ බැංකුව ඔබ හමුවට...' නමින් 2017 මැයි 5 සහ 6 දිනවල දී මාතලේ ත්‍රිකුණාමල පාරේ මන්දණ්ඩාවල පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්වේ. 

    පෙරවරු 9.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේ දී මහජනතාවට තම අර්ථසාධක අරමුදල පිළිබඳ ගැටළු නිරාකරණය කර ගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පලුදු වූ සහ අපිරිසිදු මුදල් නෝට්ටු වෙනුවට අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීම, කාසි හා නෝට්ටු හුවමාරුව, මුදල් කෞතුකාගාරය යනාදී සේවාවන් සපයා ඇත. ඊට අමතර ව මහ බැංකු අධිපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය හමු වී සාකච්ඡා කිරීමට ද ඉඩ ප්‍රස්ථා සලසා ඇත. 

  • Transparency in Government Securities Market Further Improves

    ශ්‍රී ලංකා මහ බැංකුව 2017.04.26 දින සිට රාජ්‍ය සුරැකුම්පත්වල ප්‍රතිමිල දී ගැනීම් ගනුදෙනු සඳහා බ්ලූම්බර්ග් (Bloomberg) විද්‍යුත් බැඳුම්කර වෙළෙඳ පද්ධතිය භාවිත කරන ලෙස ප්‍රාථමික ගනුදෙනුකරුවන් හා නිල ලත් බැංකුවලට නියම කොට ඇත. ඒ අනුව, ඔවුන් පහත සඳහන් කරුණුවලට අනුගත විය යුතු ය. 

  • Amalgamation of the Operation of Regional Sub-office of the Central Bank of Sri Lanka in Jaffna with Regional Office in Kilinochchi

    යාපනයේ ස්ථාපනය කර තිබූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය උප කාර්යාලය 2017 ජූනි 15 දින සිට කිලිනොච්චියේ අරිවියල් නගර්හි කිලිනොච්චිය ප්‍රාදේශී්‍ය කාර්යාලය සමඟ ඒකාබද්ධ කළ බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ. ඒ අනුව, මින් ඉදිරියට කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය මඟින් වර්තමානයේ ඉටු කරනු ලබන සේවාවලට අමතර ව යාපනය ප්‍රාදේශීය කාර්යාලය මඟින් මෙතෙක් ඉටු කරනු ලැබූ සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ සේවා, මහ බැංකු ප්‍රකාශන අලෙවිය හා යාපනය ප්‍රදේශය තුළ සිදු කරනු ලැබූ කුසලතා/කළමනාකරණ සංවර්ධන වැඩසටහන් හා අනෙකුත් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ණය ලබා දීමේ යාන්ත්‍රණය ප්‍රවර්ධනය කිරීම වැනි විවිධ සේවා ද කිලිනොච්චි ප්‍රාදේශී්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ඇත. 

  • Licensed Banks Adopt Basel III Capital Standards to Strengthen Resilience

    ශ්‍රී ලංකා මහ බැංකුව විිසින් 2016 වසර අවසානයේ නිකුත් කරන ලද අවම ප්‍රාග්ධන ප්‍රමිතීන් පිළිබඳ විධානයන් අනුව 2017 ජූලි 1 වැනි දින සිට ලියාපදිංචි බැංකු අවම ප්‍රාග්ධන ප්‍රමිතීන් ක්‍රියාවට නංවනු ඇත. මෙම විධානයන් බැංකුවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට අන්තර්ජාතික පියවීම් බැංකුව (BIS) නිකුත් කළ බාසල් III තෝලනය සහ ද්‍රවශීලතාව පිළිබඳ මාර්ගෝපදේශයන්ට අනුකූල වේ.

    සම්පූර්ණ ලිපිය

  • Suspension of Business of Perpetual Treasuries Limited

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් අාඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, 2017 ජූලි මස 6 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරු‍වෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2017 ජූලි මස 6 වැනි දින පස්වරු 4.30 සිට බල පැවැත්වෙන පරිදි මාස හයක (06) කාල සීමාවක් සඳහා අත්හිටුවීමට තීරණය කරන ලදී.

    මෙම නියාමන ක්‍රියාමාර්ගය වෙළෙඳපොළ කටයුතු කෙරෙහි අගතිදායක නො වන බවට සහතික වීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ. තව ද, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ගනුදෙනුකරුවන්ගේ සහ ප්‍රතිපාර්ශ්වයන්ගේ හිමිකම්වලට හානි නො වන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි පරිදි ගනු ලැබේ. 

  • External Sector Performance - April 2017

    2017 වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. 2017 අප්‍රේල් මාසයේ දී අපනයන ආදායම වර්ධනය වුව ද, ආනයන වියදම වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ හිඟය ද පුළුල් විය. 2017 අප්‍රේල් මාසයේ දී සංචාරක ඉපැයීම් ඉහළ ගිය ද, පුළුල් වූ වෙළෙඳ හිඟය සමඟ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද අඩු වීම හේතුවෙන් විදේශීය ජංගම ගිණුම මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. කෙ සේ වෙතත්, කොළඹ කොටස් හුවමාරුව සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ විදේශ විනිමය ලැබීම් හේතුවෙන් ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම සවිමත් විය.   

    සම්පූර්ණ ලිපිය

  • The Annual Report of the Central Bank of Sri Lanka for the Year 2016

    1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 67 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත පිළිගන්වන ලදී.

    සම්පූර්ණ ලිපිය

     

  • Inflation in March 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 පෙබරවාරි මාසයේ දී වාර්තා ක‍ළ සියයට 8.2 හි සිට 2017 මාර්තු මාසයේ දී සියයට 8.6 දක්වා ඉහළ ගියේ ය. 2017 මාර්තු මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 2017 මාර්තු මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑමට පසුගිය වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ පැවැති අඩු පදනම් අගය හේතු විය. 

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ සියයට 5.1 හි සිට 2017 මාර්තු මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගියේය.

  • SL Purchasing Managers’ Index Survey - March 2017

    නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 මාර්තු මාසයේ දී 66.5ක දර්ශක අගයක් වාර්තා කරමින් 2017 පෙබරවාරි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 9.4කින් ඉහළ යන ලදී. මෙම ඉහළ යෑම තුළින් මාර්තු මාසයේ දී ද නිෂ්පාදන ක්‍රියාකාරකම්හි අඛණ්ඩ වර්ධනය පිළිබිඹු වන අතර මේ සඳහා අලුත් අවුරුදු උත්සව සමයෙහි ඇති වන ඉල්ලුමෙහි වර්ධනය සහ ඊට අනුරූප නිෂ්පාදන කටයුතුවල ඉහළ යෑම පිළිබිඹු කරමින් නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක වර්ධනය විය. මේ අතර, පසුගිය මාසය තුළ ඇති වූ භාණ්ඩ තොග ලැබීමේ වූ ප්‍රමාදය යථා තත්ත්වයට පත් වීම සහ භාණ්ඩ තොග රැස් කර ගැනීම හේතුවෙන් ගැනුම් තොග උප දර්ශකය ඉහළ යන ලදී. කෙ සේ වුව ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය පහත වැටුණි. මේ සඳහා චීනයේ නව අවුරුදු උත්සව සමය අවසන් වීමත් සමඟ සැපයුම් සාමාන්‍ය පරිදි ලැබීම විශේෂයෙන් ම හේතු විය. තව ද, සේවා නියුක්ති උප දර්ශකය සුළු වශයෙන් පහත වැටුණි. මෙහි දී සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී.

Pages