ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 ඔක්තෝබර් 08 වැනි දින රාජගිරියේ පිහිටි බැංකු විදු පියසේදී පැවැත්වෙන FinLit Expo – Colombo ප්‍රදර්ශනය සමඟ මූල්‍ය සාක්ෂරතා මාසය – 2026 (FinLit Month) ආරම්භ කෙරේ. දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විවිධ ක්‍රියාකාරකම් රැසකින් සමන්විත මෙම ජාතික වැඩසටහන, මූල්‍ය දැනුම වර්ධනය කිරීම, වගකීම් සහගත මූල්‍ය හැසිරීම් ප්‍රවර්ධනය කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පැවැත්වේ. මෙම මූල්‍ය සාක්ෂරතා මාසය, ජාතික මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ උපායමාර්ගය (NFIS) යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකීය මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශයට අනුකූලව දියත් කෙරෙන පුළුල් ජාතික වැඩපිළිවෙළෙහි මූලිකාංගයකි.
-
The Central Bank of Sri Lanka Inaugurates The Financial Literacy Month – 2026
-
The Central Bank of Sri Lanka releases the Key Findings of the Systemic Risk Survey (SRS) – H2 of 2026
2026 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ (SRS) මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ අවධානම් පිලිබඳ ආකල්ප හා ඒ කෙරෙහි පවතින විශ්වාසය ග්‍රහණය කරගනිමින් 2026 ජූලි 17 සිට 2026 අගෝස්තු 14 දක්වා කාලය තුළ සිදු කරන ලදී
-
IMF Reaches Staff-Level Agreement on the Seventh Review under the Extended Fund Facility with Sri Lanka
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ජා.මූ. අරමුදලේ වසර 4ක විස්තීර්ණ ණය පහසුකමෙහි හත්වන සමාලෝචනය පිළිබඳව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි අතර, 2026 වසර සඳහා අදාළ IVවන වගන්තිය ප්‍රකාරව උපදේශන සාකච්ඡාව අවසන් කළේය.
-
Sri Lanka’s Inflation Target is set at 5% for the next three years
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 වගන්තියට අනුකූලව, 2026 ඔක්තෝබර් 01 වැනි දින මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති, ගරු අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් නව මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම ගිවිසුම 2026 ඔක්තෝබර් 01 දිනැති අංක 2508/28 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.
-
CCPI-based headline inflation remained unchanged in September 2026
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 අගෝස්තු මාසයට සාපේක්ෂව 2026 සැප්තැම්බර් මාසයේ දී සියයට 8.0හි නොවෙනස්ව පැවතුණි.
-
External Sector Performance - August 2026
අඛණ්ඩව මාස හතරක් මුළුල්ලේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව, විදේශීය ජංගම ගිණුම 2026 වසරේ අගෝස්තු මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 133ක අතිරික්තයක් වාර්තා කළේය. ආනයන වියදම් අඩුවීම හේතුවෙන් මෑත මාසවලට සාපේක්ෂව වෙළඳ හිඟය අඩුවීම මෙම අතිරික්තයට ප්‍රධාන වශයෙන් සහාය විය. මැද පෙරදිග ගැටුම් උත්සන්න වීම හේතුවෙන් විදේශීය අංශයට බලපෑ පීඩන පිළිබිඹු කරමින්, 2026 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත හිඟය එ.ජ. ඩොලර් මිලියන 291ක් විය.
-
Sri Lanka PMI - Construction expanded in August 2026
පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 59.4ක අගයක් වාර්තා කළේය. පවතින බිටුමන් (තාර) හිඟය හේතුවෙන් මාර්ග ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය අඩාල වී ඇති බවත්, එමගින් සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය සීමා වී ඇති බවත් සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.
-
The Central Bank of Sri Lanka maintains the policy rate at the current level
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. 2026 වසරේ මැයි මාසයේ දී පූර්වෝපායික පියවරක් ලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ක්‍රියාමාර්ගය මෙන්ම ඒ හා සමගාමීව ක්‍රියාවට නැංවූ අනෙකුත් ක්‍රියාමාර්ගවල බලපෑම් බොහෝ දුරට දැනටමත් ආර්ථිකය වෙත සම්ප්‍රේෂණය වී පැවතීම පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ අවධානය යොමු විය. එමෙන්ම, මැදපෙරදිග කලාපයේ පවතින භූදේශපාලනික ආතතීන් හේතුවෙන් මතුවන අවිනිශ්චිතතා සහ එල් නිනෝ තත්ත්වයන් තුළින් ආර්ථිකයට ඇති විය හැකි අවදානම් පිළිබඳව ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
-
The Central Bank of Sri Lanka releases the “Sri Lanka Socio-Economic Data – 2026” Publication
ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2026" වාර්ෂික ප්‍රකාශනය මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙය, එම ප්‍රකාශන මාලාවේ 49 වන වෙළුමයි.
-
IMF Staff Team Concludes Visit to Sri Lanka
එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායමක් මෑතකාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ විස්තීර්ණ ණය පහසුකම යටතේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය, සහ 2026 වසර සඳහා වන IVවන වගන්තිය යටතේ වන උපදේශනයට අදාළ ප්‍රතිපත්ති නිර්දේශ සාකච්ඡා කිරීම සඳහා 2026 වසරේ සැප්තැම්බර් මස 10වන දින සිට 23වන දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. සංචාරය අවසානයේ දී ජා.මූ. අරමුදල විසින් 2026 වසරේ සැප්තැම්බර් මස 23වන දින පහත මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.








