මෑතක දී පැවැත්වුණු මුදල් මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා වූ කරුණු පිළිබඳ ව මාධ්‍ය වාර්තා කිහිපයක පළ කර තිබූ සාවද්‍ය කරුණු සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව සිය ස්ථාවරය මෙ සේ පැහැදිලි කර සිටී.
සේවක අර්ථසාධක අරමුදල මඟින් රාජ්‍ය සුරැකුම්පත්වලට අදාළ ව සිදු කර තිබූ ගනුදෙනු සම්බන්ධ ව සිදු කරන ලද පරීක්ෂණයෙන් අනාවරණය වූ කරුණු අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීම තීරණය කිරීම සඳහා මුදල් මණ්ඩලය විසින් එම පරීක්ෂණ වාර්තාව සාකච්ඡාවට ලක් කරන ලදී. යම් වරදක් සිදු කර ඇති බවට සාක්ෂි මඟින් පෙනී යන්නේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර කාර්යය පටිපාටීන්ට අනුකූල ව අදාළ කවර හෝ නිලධාරීන්ට එරෙහි ව විනය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කිරීමට මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී.