• SL Purchasing Managers’ Index Survey - June 2017

    නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 ජූනි මාසයේ දී 56.1ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2017 මැයි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 1.8කින් පහළ යන ලදී. අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ යම් පමණකට වූ බලපෑම මත නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ පහළ යෑම 2017 ජූනි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් මැයි මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වීමට හේතු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගැනුම් තොග මට්ටම ඉහළ ගිය අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය සුළු වශයෙන් පහළ යන ලදී. කෙ සේ වුව ද, පසු ගිය මාසයේ දී වාර්තා කළ පහත වැටීමට සාපේක්ෂ ව සේවා නියුක්ති උප දර්ශකය මෙම මාසය තුළ දී ඉහළ යෑමක් පෙන්නුම් කරන ලදී. තව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී.

  • Monetary Policy Review - No. 4 of 2017

    පවතින සහ වෙනස් වන දේශීය හා ජාත්‍යන්තර සාර්ව ආර්ථික වාතාවරණය සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 ජූනි මස 22 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයෙහි අදහස වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. 

    මුදල් මණ්ඩලයෙහි මෙම තීරණය මැදි කාලීන ව උද්ධමනය මැදි-තනි අගයක මට්ටමේ පවත්වා ගැනීමත් එ මගින් තිරසාර වර්ධන මාවතකට පහසුකම් සැලසීමත් යන අරමුණ හා අනුකූල වේ. මෙම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා වූ පසුබිම පහත පරිදි වේ. 

  • SAARCFINANCE Group Meeting and SAARCFINANCE Governors’ Symposium held in Colombo on 12 July 2017

    සාර්ක් මූල්‍ය ජාලයේ 34 වැනි කණ්ඩායම් රැස්වීම සහ සාර්ක් මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් යුතු ව 2017 ජූලි මස 12 වැනි දින කොළඹ දී පවත්වන ලදි. සාර්ක් මූල්‍ය ජාලයේ 34 වැනි කණ්ඩායම් රැස්වීම සඳහා සාර්ක් කලාපයේ මහ බැංකු අධිපතිවරු, මුදල් අමාත්‍යාංශ ලේකම්වරු සහ සාර්ක් කලාපීය මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශවල නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. 

  • 20th Annual Meeting of the Asia/Pacific Group on Money Laundering in Colombo, Sri Lanka during July 17-21, 2017

    මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව සාමාජික රටවල් 41ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජනය සහිත දේශීය සහ විදේශීය ආරාධිතයන් 450කගේ පමණ සහභාගීත්වයෙන් 2017 ජූලි මස 17 සිට 21 දක්වා කොළඹ දී පැවැත්වේ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වේ. 

  • A Commemorative Coin to Celebrate 150 Anniversary of Ceylon Tea

    'සිලෝන් ටී' ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් සහ දිගු කාලීන අපනයන වෙළෙඳ භාණ්ඩයක් ලෙස ජාතික ආර්ථිකයට සිදු කරන ලද දායකත්වය සලකා එහි 150 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රුපියල් 10 ක් වන සමරු කාසියක් නිකුත් කරන ලදී. 

    මෙහි පළමු කාසි කාණ්ඩය 2017 ජූලි මස12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති උත්සවයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන් වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී. 

    මෙම සමරු කාසිය 2017 ජූලි මස 13 වැනි දින සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන අතර සංසරණයේ පවතින අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි අතරෙහි ගෙවීම් සඳහා භාවිත කළ හැකි වේ. 

    සම්පූර්ණ ලිපිය

  • SL Purchasing Managers’ Index Survey - April 2017

    නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 අප්‍රේල් මාසයේ දී 41.8ක දර්ශක අගයක් වාර්තා කරමින් 2017 මාර්තු මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 24.7කින් සෘතුමය සාධක හේතුවෙන් පහළ යන ලදී. ඒ අනුුව,  අප්‍රේල් මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම්වල යම් පහත වැටීමක් පෙන්නුම් කරයි. නිෂ්පාදන සහ නව ඇණවුම් උප දර්ශක, මාර්තු මාසයේ දී වාර්තා කළ සැලකිය යුතු වර්ධනයට සාපේක්ෂ ව මෙම මාසය තුළ දී පහත වැටීම මේ සඳහා විශාල වශයෙන් දායක විය. එ සේ ම, අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ දී වැඩි නිවාඩු දින ගණනක් පැවැතීම ද නිෂ්පාදන කටයුතු පහත වැටීම කෙරෙහි හේතු වූ බව සමීක්ෂණයට තොරතුරු සපයන්නන් විසින් සඳහන් කරන ලදී. තව ද, සියළු ම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව පහත වැටුණු අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය හැර අනෙකුත් සියළු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා අඩු අගයක් වාර්තා කරන ලදී.

  • Central Bank of Sri Lanka Clarifies Misleading News Reports on Statements Made by the Governor

    2017 මැයි 9 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල පළ වූ සාවද්‍ය වාර්තා කීපයක් වෙත මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. අවිධිමත් ගනුදෙනු හරහා සේවක අර්ථසාධක අරමුදලට පාඩු සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු සහ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු/නිලධාරින් මාරු කළ බව මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කර ඇතැ යි ඉහත සඳහන් පුවත්පත් වාර්තාවල සඳහන් වේ. 

    ඒ අනුව, එම පුවත්පත් වාර්තාවල පළ වී තිබූ සාවද්‍ය කරුණු සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත ප්‍රකාශය නිකුත් කරනු ලැබේ. 

  • Monetary Policy Review - No. 3 of 2017

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය, අපේක්ෂිත පරිදි 2017 මාර්තු මාසයේ දී පැවැති සියයට 7.3 සිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 6.9 දක්වා අඩු වූ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය ද පෙර මාසයේ දී වාර්තා කරන ලද සියයට 7.3 සිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 6.8 දක්වා අඩු විය. 2017 මාර්තු මාසයේ දී ඉහළ ගිය ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013=100) මගින් මනිනු ලබන උද්ධමනය ද, 2017 අප්‍රේල් මාසයේ දී එ වැනි ම අඩු වීමක් පෙන්නුම් කරනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

  • Democratic Socialist Republic of Sri Lanka USD 1.5 billion International Sovereign Bond Offering

    The Central Bank of Sri Lanka, on behalf of the Government of Sri Lanka (Sri Lanka), successfully priced a new U.S.$1.5 billion 10-year International Sovereign Bond (Bonds) on May 4th, 2017. The Bonds have been rated ‘B1’, ‘B+’ and ‘B+' by Moody's Investors Service, Standard and Poor’s and Fitch Ratings respectively.

    This marks Sri Lanka’s eleventh U.S. dollar benchmark offering in the international bond markets since 2007 and is a clear testament of the international investor community’s continued support for Sri Lanka through the years. Citigroup, CITIC CLSA Securities, Deutsche Bank, HSBC, ICBC International, J.P. Morgan and Standard Chartered Bank acted as the Joint Lead Managers and Bookrunners on this successful transaction.

  • IMF Reaches Staff-Level Agreement on the Second Review of Sri Lanka’s Extended Fund Facility

    මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මතය වන අතර එ මඟින් අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු නො කෙරෙයි. මේ දක්වා රැස් කර ගෙන ඇති කරුණු පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වාර්තාවක් පිළියෙළ කරන අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත් තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙයි. 

Pages