• Inflation in October 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.7 සිට 2016 ඹක්තෝබර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේ ය. 2016 ඔක්තෝබර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 සැප්තැම්බර් මස වාර්තා වූ සියයට 3.8 සිට 2016 ඔක්තෝබර් මස දී සියයට 4.0 දක්වා ඉහළ ගියේ ය. 

  • Provincial Gross Domestic Product - 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන නාමික අගය මත දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව බෙදා හැරීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් 2016 වසර සඳහා පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන ලදි. සමස්ත දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව ගනනය කිරීමේ දී එහි එක් එක් අයිතමයේ වටිනාකමට අදාළ පළාත් මට්ටමින් සකස් කර ගත් දර්ශක යොදා ගන්නා ලදි. 

  • Monetary Policy Review - November 2016

    2015 අවසානයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දක්වමින් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය වර්ධනය අපේක්ෂා කළ පරිදි 2016 සැප්තැම්බර් මාසයේ දී සැලකිය යුතු ලෙස අඩු විය. ඒ අනුව, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය වර්ධනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 අගෝස්තු මස වාර්තා වූ සියයට 27.3 හා සාපේක්ෂ ව 2016 සැප්තැම්බර් මාසයේ දී සියයට 25.6ක් ලෙස වාර්තා විය. පෞද්ගලික අංශය සඳහා ලබා දුන් ණය වර්ධනයේ අඩු වීමක් සිදු වුව ද, රාජ්‍ය අංශය විසින් වාණිජ බැංකුවලින් ලබා ගත් ණය ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම 2016 අගෝස්තු මස වාර්තා කරන ලද සියයට 17.3 හා සාපේක්ෂ ව 2016 සැප්තැම්බර් මාසයේ දී සියයට 18.4කින් ඉහළ ගියේ ය. මේ අතර, දේශීය මුදල් වෙළෙඳපොළ රුපියල් ද්‍රවශීලතාව නැවත සමතුලිත මට්ටමකට පත් වීම වෙළෙඳ පොළ පොලී අනුපාත දැනට පවතින මට්ටමේ ස්ථාවර ව පවත්වා ගැනීමට උපකාරී වනු ඇතැ යි අපේක්ෂිත ය. 

  • Licensing, Regulation and Supervision of Companies Carrying on Microfinance Business

    2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනත මඟින් මෙතෙක් කිසියම් හෝ නියාමනයකට භාජනය නො වූ ක්ෂුද්‍රමූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රමවේදයකට යටත් වනු ඇත. අඩු ආදායම්ලාභීන්ට සහ ක්ෂුද්‍ර ව්‍යාපාර කටයුතුවලට මූල්‍ය පහසුකම් සැලසීම වැඩිදියුණු කිරීම, මූල්‍යමය අන්තර්ගතභාවය ඉහළ නැංවීම, ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල ස්ථායීතාව සහ පද්ධතීන් ශක්තිමත් කිරීම, ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල අරමුදල් මූලාශ්‍ර පිළිබඳ පුළුල් ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීම, පාරිභෝගික රැකවරණය ප්‍රවර්ධනය කිරීම සහ සුරක්ෂිත සහ ස්ථාවර මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණු වේ. 

  • Licensed Banks to enhance Minimum Capital by end 2020

    ශක්තිමත් සහ ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නංවන ලදි. මේ සඳහා සලකා බලනු ලබන ප්‍රාග්ධනය බොහෝ දුරට අලාභ දරා ගැනීමට හැකි වන පරිදි ඉහළ ම ධාරිතාවකින් යුතු උසස් ගුණාත්මක බවක් ඇති ප්‍රාග්ධනයකි. 

    බැංකු සතු ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ බාසල් III රාමුව ක්‍රියාත්මක කිරීමට මෙම අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීම උපකාරී වන අතර බැංකු අංශය තුළ සිදු කරනු ලබන ඒකාබද්ධ කිරීම් සඳහා ද මෙය මග පෙන්වීමක් විය හැක.

    සම්පූර්ණ ලිපිය

  • External Sector Performance - August 2016

    වෙළෙඳ හිඟය පුළුල් වීම හමුවේ වුව ද සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල හිතකර වර්ධනයත් සමඟ 2016 අගෝස්තු මාසයේ දී විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. 2016 අගෝස්තු මාසය තුළ දී අපනයන සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ ද ආනයන වර්ධනය වීමත් සමඟ වෙළෙඳ හිඟය පුළුල් විය. කෙ සේ නමුත්, වෙළෙඳ ගිණුමේ බලපෑම අවම කරමින් සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය විය. මේ අතර, 2016 අගෝස්තු මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන සහ රජය වෙත වූ දිගු කාලීන ණය ලැබීම් මගින් මූල්‍ය ගිණුම ශක්තිමත් විය. 

    සම්පූර්ණ ලිපිය

  • Inflation in September 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 අගෝස්තු මාසයේ පැවති සියයට 7.9 ට සාපේක්ෂ ව 2017 සැප්තැම්බර් මාසයේ දී සියයට 8.6 ක් දක්වා ඉහළ ගියේ ය. 2017 සැප්තැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 6.5 හි සිට 2017 සැප්තැම්බර් මාසයේ දී සියයට 6.8  දක්වා ඉහළ ගියේ ය. 

  • 9th International Research Conference of Central Bank of Sri Lanka

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නව වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2016 වසරේ දෙසැම්බර් මස 2 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්තුණ ශාලාවේ දී පැවැත් වී ය.

  • SL Purchasing Managers’ Index Survey - November 2016

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 නොවැම්බර් මාසයේ දී 58.4ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙය 2016 ඔක්තෝබර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයන් 1.9කින් ඉහළ යෑමකි. මේ සඳහා, සේවා නියුක්තිය සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ ඉහළ වර්ධනය බෙහෙවින් දායක විය. තව ද, නව ඇණවුම් උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ ගියේ ය. මේ අතර, එළඹෙන උත්සව සමය සඳහා රැස් කර ගත් තොග භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගැනුම් තොග උප දර්ශකය නොවැම්බර් මාසයේ දී පහත වැටුණු අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ඉහළ ගියේ ය. කෙ සේ වුව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

  • Inflation in November 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ඔක්තෝබර් මාසයේ දී වාර්තා කළ සියයට 5.0 සිට 2016 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේ ය. 2016 නොවැම්බර් මස ලන්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 නොවැම්බර් මාසයේ දී ද පසුගිය මාසයේ වාර්තා වූ සියයට 4.0 නො වෙනස් ව පැවැතුණි. 

Pages