2018 වසරේ දී පහළ උද්ධමනකාරී වාතාවරණයක් මධ්‍යයේ සාමාන්‍ය වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය සහ දේශීය බාධාවන්ට ලක්වීමේ අවදානම් සහගත බව වැඩි වශයෙන් පිළිබිඹු කළේ ය. 2018 වසරේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය පසුගිය වසරේ වාර්තා කළ සියයට 3.4ට සාපේක්ෂ ව සියයට 3.2ක අගයක් වාර්තා කළේ ය. සේවා අංශයේ ක්‍රියාකාරකම්වල සිදු වූ සියයට 4.7ක වර්ධනය සහ කෘෂිකාර්මික කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් එම අංශයේ වාර්තා කළ සියයට 4.8ක වර්ධනය මේ සඳහා වැඩි දායකත්වයක් සැපයුවේ ය. ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් කටයුතුවල පසුබෑම හේතු කොට ගෙන වසර තුළ දී කර්මාන්ත අංශයේ වර්ධනය සියයට 0.9ක් දක්වා සැලකිය යුතු ලෙස මන්දගාමී විය. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේ වියදම් ප්‍රවේශය අනුව, පරිභෝජන වියදම් සහ ආයෝජන වියදම් යන දෙඅංශය ම 2018 වර්ෂයේ ආර්ථික වර්ධනය සඳහා දායක විය.
-
The Annual Report of the Central Bank of Sri Lanka for the Year 2018
-
Inflation in March 2019
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ප්‍රධාන වශයෙන් ම පසුගිය වසරේ අනුරූප මාසයේ දී පැවති අඩු පදනම් අගය හේතුවෙන් 2019 පෙබරවාරි මාසයේ පැවති සියයට 2.4 හි සිට 2019 මාර්තු මාසයේ දී සියයට 2.9 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 මාර්තු මාසයේ දී පිළිවෙලින් සියයට -2.3 සහ සියයට 7.1 ලෙස වාර්තා විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකයේ වෙනස, 2019 මාර්තු මාසයේ දී සියයට 1.7 හි නො වෙනස් ව පැවතුණි.
-
External Sector Performance - February 2019
වසර පහකට වඩා වැඩි කාලයකට පසුව වූ අඩුම වෙළඳ හිඟය වාර්තා කරමින් 2019 වසරේ පෙබරවාරි මාසයේදී වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 451 ක් දක්වා තවදුරටත් අඩු විය.
2019 වසරේ පෙබරවාරි මාසයේදී වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වීමට, පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ආනයන වියදම සියයට 27.6 කින් කැපී පෙනෙන ලෙස අඩු වීම සහ අපනයන ආදායම සියයට 7.2 කින් වර්ධනය වීම හේතු විය.
2018 වසරේ දෙසැම්බර් මාසයේ සිට සංචාරක පැමිණීම් මාසිකව 240,000 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා කරමින් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 2019 වසරේ පෙබරවාරි මාසයේදී සංචාරක පැමිණීම් සියයට 7.0 ක වර්ධනයක් වාර්තා කළ අතර එමගින් සංචාරක ඉපැයීම්හි ඉහළ වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගත්තේය.
-
External Sector Performance - January 2019
2019 ජනවාරි මාසයේ වෙළඳ හිඟයෙහි පසුගිය මාසවලදී පිළිබිඹු කළ යහපත් ප්‍රවණතාව අඛණ්ඩව පැවතිණි. වෙළඳ හිඟය 2018 වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා කළ එ.ජ. ඩොලර් මිලියන 701 සහ 2018 වසරේ ජනවාරි මාසයේදී වාර්තා කළ එ.ජ. ඩොලර් මිලියන 1,049 සමඟ සැසඳීමේදී 2019 වසරේ ජනවාරි මාසයේදී එ.ජ. ඩොලර් මිලියන 617 ක් වාර්තා කළේය.
වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වීම, අපනයන ආදායම ඉහළ යෑමේ සහ ආනයන වියදම කැපී පෙනන ලෙස පහළ යෑමේ ඒකාබද්ධ ප්‍රතිඵලයක් විය. 2019 වසරේ ජනවාරි මාසයේදී අපනයන පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 7.5 කින් වර්ධනය වූ අතර, ආනයන සියයට 17.8 කින් සැලකිය යුතු ලෙස අඩු විය.
සංචාරක පැමිණීම් 2019 වසරේ ජනවාරි මාසයේදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 2.2 කින් වර්ධනය වූ අතර, එමගින්, මාසය තුළදී සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 458 ක් ලෙස වාර්තා විය.
-
Sri Lanka Purchasing Managers’ Index - March 2019
2019 පෙබරවාරි මාසයට සාපේක්ෂ ව 2019 මාර්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය විය. නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් පිළිඹිබු කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 46ක් තුළ වාර්තා කළ ඉහළ ම අගයට ළඟා විය. උත්සව සමයේ පවතින ඉල්ලුමත් සමඟ, විශේෂයෙන් ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ, නව ඇණවුම්වල දක්නට ලැබුණු වර්ධනය මාර්තු මාසය තුළ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය.
-
The Central Bank Launched a Roadmap for Sustainable Finance in Sri Lanka
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තිරසාර මූල්‍ය පිළිබඳ වූ ශ්‍රී ලාංකීය පෙර දැක්ම 2019 අප්‍රේල් 10 වැනි දින එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (International Finance Corporation, IFC) තිරසාර බැංකු ජාලයේ (Sustainable Banking Network, SBN) ගෝලීය හමුවේදී දියත් කරන ලදී. මෙම පෙර දැක්ම තුළින් මූල්‍ය නියාමකයින් සහ මූල්‍ය ආයතන සඳහා පුළුල් මඟ පෙන්වීමක් ඉදිරිපත් කර ඇති අතර, මූල්‍ය ආයතන විසින් මූල්‍යනය කරන ව්‍යාපෘතිවලට අනුබද්ධිත පාරිසරික, සමාජයීය සහ පාලන (Environmental, Social and Governance, ESG) අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමත්, කාලගුණික හිතකාමී, සමාජයීය අන්තර්ගතික (Socially Inclusive) හරිත ව්‍යාපාර සඳහා වැඩි අනුග්‍රාහකත්වයක් දැක්වීමත් අපේක්ෂා කරයි.
-
Real-time Notifications for Transactions in Government Securities (SMS/Email Alert Service)
සුරැකුම්පත් ආයෝජන සඳහා තවත් විශේෂාංගයක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාසෙක්‍යු පද්ධතිය ඔස්සේ කෙටි පණිවුඩ හා විද්‍යුත් තැපෑල හරහා දැනුම් දීමේ සේවාවක් 2019 මාර්තු 25 දින සිට හඳුන්වා දෙන ලදී. මෙ මගින් රජයේ සුරැකුම්පත් ආයෝජකයින්ගේ (ලංකාසෙක්‍යු පද්ධතියේ ගනුදෙනුකරුවන්ගේ) දැනුම්වත්භාවය වැඩිදියුණු කිරීම අරමුණු කෙරෙයි.
මෙම කෙටි පණිවුඩ/විද්‍යුත් තැපෑල හරහා දැනුම් දීමේ සේවාව මගින් රජයේ සුරැකුම්පත්වල ආයෝජකයින් හට තම සුරැකුම්පත් ගිණුමේ සිදු කරන ලද සෑම නිර්ලේඛන සුරැකුම්පත් ගනුදෙනුවක් සඳහා ම තත්කාලීන දැනුම් දීමක් සිදු කෙරෙයි. එ නම්, ගනුදෙනුකරුවන්ගේ සුරැකුම්පත් ගිණුමේ හෙවත් CDS ගිණුමේ ගනුදෙනුවක් සිදු කෙරෙන අවස්ථාවේ දී ම ගනුදෙනුකරුවන්ට ඉහත මාධ්‍යයන් ඔස්සේ ඒ පිළිබඳ දැනුම් දීමක් (කෙටි පණිවුඩ “LankaSecure” වෙතින් ද, විද්‍යුත් තැපෑල “no-reply@cbsl.lk” වෙතින් ද) ලැබෙනු ඇත.
-
Monetary Policy Review - No. 2 of 2019
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේ ය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.00 සහ සියයට 9.00 මට්ටමේ පවතී. මැදිකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇති ව, දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ මෙන් ම ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් මනා ව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබී ය.
-
Opening of a Counter to Issue Coins to the General Public
ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙනුවෙන් කාසි නිකුත් කිරීමේ කවුළුවක් කොළඹ 1, ජනාධිපති මාවතේ අංක 30 දරන ශ්‍රී ලංකා මහ බැංකු මුලස්ථානයේ බිම් මහලේ දී මාර්තු 27 වන බදාදා සිට විවෘත කරනු ලැබේ.
රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර සෑම සතියක ම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල දී පමණක් පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා මෙම කවුළුව මහජනයාට ගනුදෙනු සඳහා විවෘත වනු ඇත.
-
Inflation Increased in February 2019
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ප්‍රධාන වශයෙන් ම පදනම් බලපෑම හේතුවෙන් 2019 ජනවාරි මාසයේ පැවති සියයට 1.2 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට 2.4 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 6.5 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට 6.7 දක්වා ඉහළ ගිය අතර, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ද 2019 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට -4.8 හි සිට 2019 පෙබරවාරි මාසයේ දී සියයට -2.9 දක්වා ඉහළ ගියේ ය.