ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යෑමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 පෙබරවාරි මස 15 වැනි දින පෙරවරු 10.00 සිට බල පැවැත්වෙන පරිදි මාස හයක (06) කාල සීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.
-
Regulatory Action on a Primary Dealer - Pan Asia Banking Corporation PLC
-
Suspension of Business of NatWealth Securities Limited
ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා බල පැවැත්වෙන නියාමනයන්ට අනුකූල වීමට නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට අඛණ්ඩ ව ම නො හැකි වීම සලකා බලමින් ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදු කරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 මැයි මස 31 වැනි දින පස්වරු 4.30 සිට බල පැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2019.05.30 දින පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය කරන ලදී.
-
Monetary Policy Review - No. 3 of 2019
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2019 මැයි මස 30 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.50 සහ සියයට 8.50 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට තීරණය කළේ ය.මැදි කාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇති ව, දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ මෙන් ම, ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් මනා ව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබී ය.
-
External Sector Performance - March 2019
2019 වසරේ පළමු කාර්තුව තුළ දී වෙළෙඳ ගිණුමේ හිඟය, 2018 වසරේ පළමු කාර්තුව තුළ දී පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 2,982 සිට එක්සත් ජනපද ඩොලර් මිලියන 1,661ක් දක්වා පහත වැටුණු අතර ඒ සඳහා පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව අපනයන ආදායම සියයට 5.6කින් ඉහළ යෑම සහ ආනයන වියදම සියයට 19.3කින් පහළ යෑම හේතු විය.
වෙළෙඳ හිඟය 2018 වසරේ මාර්තු මාසයේ දී වාර්තා කළ එක්සත් ජනපද ඩොලර් මිලියන 871 හා සැසඳීමේ දී, 2019 වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 592ක් දක්වා අඩු වී ඇත.
2019 වසරේ මාර්තු මාසයේ දී වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වීමට, පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂ ව ආනයන වියදම සියයට 12.6කින් කැපී පෙනෙන ලෙස අඩු වීම මෙන් ම අපනයන ආදායම සියයට 2.6කින් වැඩි වීම ද හේතු විය.
-
Inflation Increased in April 2019
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන්, 2019 මාර්තු මාසයේ පැවති සියයට 2.9 හි සිට 2019 අප්‍රේල් මාසයේ දී සියයට 3.6 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, 2019 අප්‍රේල් මාසයේ දී, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට -1.2ක් වූ අතර ආහාර නො වන කාණ්ඩයේ උද්ධමනය අඛණ්ඩ ව සිව්වන මාසයටත් ඉහළ යමින් සියයට 7.5ක් ලෙස වාර්තා විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2019 මාර්තු මාසයේ පැවති සියයට 1.7 හි සිට 2019 අප්‍රේල් මාසයේ දී සියයට 1.9 දක්වා ඉහළ ගියේ ය.
-
Sri Lanka Purchasing Managers’ Index - April 2019
2019 මාර්තු මාසයට සාපේක්ෂ ව දර්ශකාංක 25.9කින් පහළ යමින් මෙතෙක් වාර්තා කළ පහළ ම දර්ශක අගය වූ 41.0ක් වාර්තා කරමින් 2019 අප්‍රේල් මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් පහළ යන ලදී. විශේෂයෙන් ම ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි නව ඇණවුම් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදු වූ සැලකිය යුතු අඩු වීම, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම පහළ යෑමට හේතු විය. අප්‍රේල් මාසයේ දී පැවති අලුත් අවුරුදු නිවාඩුව සහ පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාරයෙන් පසු රටේ පැවති ආරක්ෂක වැඩ පිළිවෙළ කර්මාන්ත ශාලාවන්හි සුමට ක්‍රියාකාරීත්වය කෙරෙහි අහිතකර ලෙස බලපාන ලදී. මේ හේතුවෙන්, කර්මාන්ත ශාලාවන්හි රාජකාරී වේලාවන් සීමා කිරීමට සිදුවීම, අපේක්ෂිත නිෂ්පාදන මට්ටම් ළඟා කර ගැනීමට නො හැකි වීමට හේතු වූ බව රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයේ බොහෝමයකගේ ප්‍රතිචාරය විය.
-
Regulatory Actions Taken by the Central Bank of Sri Lanka on The Finance Co PLC
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා 2019 පෙබරවාරි 15 දින සිට බල පැවැත්වෙන පරිදි කෙටි කාලීන පියවරක් ලෙස 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් බලාත්මක කිරීමට පියවර ගන්නා ලදී. එම නියාමන ක්‍රියාමාර්ග අතර ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් නව තැන්පතු බාර ගැනීම අත්හිටුවීම, තැන්පතු ආපසු ගැනීම අත්හිටුවීම, ණය හා අත්තිකාරම් ප්‍රදානය අත්හිටුවීම ආදිය අන්තර්ගත වේ.
-
The International Monetary Fund Releases the Sixth Tranche of US Dollars 164.1 Million Under the Extended Fund Facility
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (ජා.මූ. අරමුදලෙහි) විධායක කමිටුව විසින් විස්තීර්ණ ණය පහසුකමට අදාළ පස්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 118.5 ක (දළ වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 164.1) හයවැනි වාරිකය මුදා හැරීම අනුමත කරන ලදී. විධායක කමිටුව විසින් මෙම පහසුකම 2020 වසරේ ජුනි මාසය දක්වා වසරකින් දීර්ඝ කරන ලද අතර ඉතිරි වාරික මුදා හැරීම් ඊට අනුකූලව සිදු කිරීමට නියමිතය.
-
Sale of Subsidiaries Sub-subsidiaries and Investment Properties of ETI Finance Ltd
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය 2017 අග භාගයේ සිට මුහුණ දුන් උග්‍ර ද්‍රවශීලතා අර්බුදය ද ඇතුළත් ව 2011 සිට පැවති විවිධ අක්‍රමිකතා සඳහා විසඳුම් ලබා දීමට ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත.
ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පැවති අතිශයින් අවදානම් ද්‍රවශීලතා තත්ත්වය මත තැන්පත්කරුවන්ට අයත් තැන්පතු ආපසු ගෙවීමේ දුෂ්කරතා හේතු කොට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ආයතනයේ මෙහෙයුම් කටයුතු සීමා කරමින් විධාන කීපයක් 2018.01.02 වන දින නිකුත් කරන ලදී. තව ද, ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සලකා බැලීමෙන් අනතුරු ව තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමේ මූලික අරමුණින් ඊ ටී අයි ෆිනෑන්ස් ලිම්ටඩ් ආයතනයේ හඳුනා ගත් පාලිත සමාගම්, උප පාලිත සමාගම් ඇතුළු ආයෝජන වත්කම් ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක සමස්ථ වටිනාකමකට විකිණීමට මුදල් මණ්ඩලය විසින් එකඟතාව ලබා දෙන ලදී.
-
Measures to Reduce Lending Rates and Drive Credit Flows to Small and Medium Enterprises (SMEs) Sector
වෙළෙඳපොළ ද්‍රවශීලතාව වර්ධනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළීම සහ එක් දින පොලී අනුපාතික අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග ලබා ගෙන තිබිය දී, බලපත්‍රලාභී බැංකු හා බැංකු නො වන මූල්‍ය ආයතන මගින් ණය ලබා දීමේ දී, අධික පොලී අනුපාත අය කිරීම සහ තැන්පතු සඳහා ඉතා ඉහළ පොලී අනුපාත ලබා දීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. විශේෂයෙන් ම, මනා ලෙස පාලනය කරන ලද උද්ධමනයක් හා උද්ධමන අපේක්ෂාවක් පවත්වා ගෙන යනු ලබන වටපිටාවක් තුළ, ශ්‍රී ලංකාවේ මූර්ත පොලී අනුපාත කලාපයේ අනෙකුත් ආර්ථිකයන් හා සැසඳීමේ දී අධික ව පවතින බව පෙනී යන කරුණකි.