• External Sector Performance - March 2017

    2017 වසරේ මාර්තු මාසයේ දී අපනයන ආදායම, පසුගිය මාස දෙක තුළ දී වාර්තා කළ පහ‍‍ළ යෑමේ ප්‍රවණතාව වෙනස් කරමින් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී සියයට 9.8 කින් වර්ධනය විය.  කෙසේ වෙතත්, අපනයන ආදායම අභිබවා ආනයන වියදම ඉහ‍ළ යෑම හේතුවෙන්  2017 වසරේ මාර්තු මාසයේ දී වෙළෙඳ හිඟය, 2016 වසරේ අනුරූප මාසය හා සැසඳීමේ දී පුළුල් විය. ධාවන පථය අළුත්වැඩියා කිරීමේ කටයුතු වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි දෛනික කටයුතු සීමා කිරීම හේතුවෙන් සංචාරක ඉපැයීම්, පෙර මාසයේ දී මෙන් ම අඩුවීමක් වාර්තා කළේ ය. මේ අතර, 2017 මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්හි ද අඩුවීමක් වාර්තා විය.

  • Appointment of a New Deputy Governor

    මුදල් මණ්ඩලය විසින් ගරු මුදල් අමාත්‍යතුමාගේ අනුමැතිය සහිත ව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති කේ.ඩී.රණසිංහ මහතා 2017 අප්‍රේල් මස 30 වැනි දින සිට නියෝජ්‍ය අධිපති තනතුර සඳහා පත්කර ඇත.

    කේ.ඩී. රණසිංහ මහතා

  • CBSL Denies Incorrect Media Reports on Qatari Riyals

    කටාරි රියාල් භාර නො ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙකුත් බැංකුවලට දැනුම් දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව තරයේ ප්‍රතික්ෂේප කරයි.

  • External Sector Performance - February 2017

    2017 වසරේ පෙබරවාරි මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පුළුල් වීම, සංචාරක ඉපැයීම් පහළ යෑම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල මධ්‍යස්ථ වර්ධනය සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් මන්දගාමීව පැවතුණි. අපනයන පහළ යෑම සහ ප්‍රධාන වශයෙන් ඉන්ධන සහ සහල් ආනයනය ඉහළ යෑම හේතුවෙන් සමස්ත ආනයන වියදම ඉහළ යෑම මධ්‍යයේ පෙබරවාරි මාසයේ දී වෙළඳ හිඟයේ සැලකිය යුතු පුළුල් වීමක් වාර්තා විය. පෙබරවාරි මාසය තුළ දී සංචාරක පැමිණීම් සුළු වශයෙන් අඩුවීමත් සමඟ සංචාරක ඉපැයීම් පහළ ගිය අතර, ධාවන පථය අළුත්වැඩියා කිරීමේ කටයුතු වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දිවා කාලයේ දී වසා තැබීම ඒ සඳහා යම් තරමකට හේතු විය. පෙබරවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්හි වර්ධනය  අපේක්ෂිත මට්ටමට වඩා අඩු මට්ටමක පැවතුණි. තවද, මෙම මාසය තුළ දී  රජයේ සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් සැලකිය යුතු ගෙවීම් වාර්තා වීම මූල්‍ය ගිණුම වෙත අහිතකර බලපෑමක් ඇති කළේය.

  • Inflation in April 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (ජා.පා.මි.ද.) (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 මාර්තු මාසයේ දී වාර්තා ක‍ළ සියයට 8.6 හි සිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 8.4 දක්වා පහළ ගියේය. 2017 අප්‍රේල් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස 2017 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 5.6 හි සිට 2017 අප්‍රේල් මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගියේය.

  • Central Bank releases the publication 'A Guide to Financial Services in Sri Lanka'

    ශ්‍රී ලංකාවේ මූල්‍යායතන පිළිබඳ ව පොදු මහජනතාවගේ දැනුම්වත්භාවය උදෙසා විශේෂයෙන් සැකසුණු නවතම මහ බැංකු ප්‍රකාශනය වන “A Guide ti Financial Services in Sri Lanka” දැන් නිකුත් වී ඇත. 1995 නොවැම්බර්සිට 2004 ජූනි දක්වා මහ බැංකු අධිපති වූ ඒ. එස්. ජයවරර්ධන මහතාට උපහාර පිණිස එළිදැක්වුණු මෙම ප්‍රකාශනය මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරිමහතා විසින් රචනා කොට ඇත. ඒ. එස්. ජයවර්ධන මහතාගේ යෝජනාවක් සහ මග පෙන්වීම යටතේ සමරසිරිමහතා විසින් 2002 වසරේඅප්‍රේල් මාසයේ දීමුල් වරට රචනා කොට නිකුත් කළ මෙම ප්‍රකාශනයේ අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවාවන් පිළිබඳ මූලික දැනුමක් පොදු මහජනතාවට ලබා දීමයි.

Pages