නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 ජනවාරි මාසයේ දී 56.2ක අගයක් වාර්තා කරමින් 2016 දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 2.1කින් පහළ යන ලදී. මෙම මන්දගාමීත්වය සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගෙන් පිළිබිඹු වූ ආකාරයට, උත්සව සමයෙන් පසු ව 2017 වසර සඳහා ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම ප්‍රධාන වශයෙන් හේතු විය. ඉදිරියේ දී ඇති විය හැකි තොග පමාවීම් සඳහා පූර්වෝපායයක් ලෙස ගැනුම් තොග එක් රැස් කිරීම හේතුවෙන් ගැනුම් තොග දර්ශකය ජනවාරි මාසයේ දී ඉහළ යන ලදී. එ මෙන් ම, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ද ඉහළ යන ලදී. මේ අතර, සේවා නියුක්ති උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ යන ලදී. මෙහි දී සියළු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරන ලදී.
-
SL Purchasing Managers’ Index Survey - January 2017
-
Monetary Policy Review: No. 1 – 2017
ආහාර සහ ආහාර නො වන කාණ්ඩ දෙකෙහි ම මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය, 2016 දෙසැම්බර් මාසයේ දී වාර්තා කරන ලද සියයට 4.5 හා සැසඳීමේ දී 2017 ජනවාරි මාසයේ දී සියයට 5.5ක් දක්වා ඉහළ ගියේ ය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය ද 2016 දෙසැම්බර් මාසයේ වාර්තා කරන ලද සියයට 5.8 සිට 2017 ජනවාරි මාසයේ දී සියයට 7.0 ක් දක්වා ඉහළ ගියේ ය. කාල පමාවක් සහිත ව ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්යමය වෙනස මත පදනම් ව ගණනය කරනු ලබන මතුපිට හා මූලික උද්ධමනයෙහි කිසියම් ඉහළ යෑමක් පෙන්නුම් කරමින් 2016 දෙසැම්බර් මාසයේ දී පිළිවෙළින් සියයට 4.2ක් සහ සියයට 6.7ක් විය.
-
External Sector Performance – October 2016
සංචාරක ඉපැයීම් අඛණ්ඩ ව වර්ධනය වුව ද, වෙළෙඳ හිඟය පුළුල් වීම හේතුවෙන් 2016 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායම සුළු වශයෙන් වර්ධනය වුව ද ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ දී වෙළෙඳ හිඟය පුළුල් විය. වරාය නගර නිර්මාණ ව්‍යාපෘතියෙහි කැණීම් කටයුතු සඳහා භාවිත කරන යාත්‍රාවක් ආනයනය කිරීම මූලික කොට ගෙන 2016 ඔක්තෝබර් මාසයේ දී ආනයන වියදම කැපී පෙනෙන ලෙස වැඩි විය. මේ අතර, 2016 ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සුළු වශයෙන් වැඩි වූ අතර, සංචාරක ඉපැයීම්වල හිතකර වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි විය. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ ලැබීම් සහ රජය විසින් ලබා ගත් දිගු කාලීන ණය මගින් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශක්තිමත් වුව ද, 2016 වසරේ ඔක්තෝබර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ ගෙවීමක් දැකිය හැකි විය.
-
Inflation in December 2016
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2016 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.1 හි සිට 2016 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. 2016 දෙසැම්බර් මස ලක්ෂ්යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2016 දෙසැම්බර් මාසයේ දී ද පසුගිය මාසයේ වාර්තා වූ සියයට 4.0 හි නො වෙනස් ව පැවතුණි.
-
A Commemorative Coin to mark the 100th Anniversary of Visakha Vidyalaya, Colombo 5
කොළඹ 5, විශාඛා විද්‍යාලයට වසර 100 ක් පිරීම නිමිත්තෙන්, රටෙහි ප්‍රමුඛතම පාසලක් ලෙස එය ජාතියට සිදු කරන ලද දායකත්වය ඇගැයීමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රුපියල් 2,000 ක් වන සංසරණය නො වන රිදී සමරු කාසියක් නිකුත් කරන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් 2017.01.23 වැනි දින විශාඛා විද්‍යාලයීය ජෙරමියස් දියෙස් ශාලාවේ දී, මෙහි පළමු කාසිය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබී ය.
-
Statement issued by the Monetary Board on measures taken with respect to the Employees Provident Fund
සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෑත කාලයේ දී මාධ්‍ය වාර්තා ගණනාවක් ප්‍රකාශයට පත් වී ඇත.
මේ වන විට, මුදල් මණ්ඩලයේ උපදෙස් මත, 2015 හා 2016 වසරවල දී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ සේවක අර්ථසාධක අරමුදල විසින් සිදු කරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී. මෙ වැනි පරීක්ෂණයක දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින් සිදු කළ කටයුතු ද පරීක්ෂාවට ලක් වන හෙයින්, 2015 හා 2016 වසරවල දී රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම් හා ඒ හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් බාහිර ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන මෙන් නීති ක්‍රියාත්මක කරන බලධාරීන් වෙතින් ද ඉල්ලා ඇත.
සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්, විශේෂයෙන් ම එහි ආයෝජන සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, පසුගිය මාස 6 ක කාල සීමාව තුළ මුදල් මණ්ඩලය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. මෙකී ක්‍රියාමාර්ග මගින් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් තවදුරටත් තහවුරු වනු ඇත.
-
Sri Lanka Purchasing Managers' Index Survey - December 2016
නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 දෙසැම්බර් මාසයේ දී 58.3 ක දර්ශක අගයක් වාර්තා කරමින් අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන ලදී.
සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ 59.7 ක දර්ශක අගයක සිට දෙසැම්බර් මාසයේ දී 59.8 ක දර්ශක අගයක් දක්වා සුළු වශයෙන් ඉහළ යන ලදී.
-
External Sector Performance – September 2016
වෙළෙඳ හිඟය අඩු වීම සහ සංචාරක ඉපැයීම්වල අඛණ්ඩ ඉහළ යෑමත් සමඟ 2016 සැප්තැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය වර්ධනය විය. අපනයන ආදායම ඉහළ යෑම සමඟ ම ආනයන වියදම පහළ යෑම හේතුවෙන් සැප්තැම්බර් මාසය තුළ දී වෙළෙඳ හිඟය අඩු විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සුළු අඩු වීමක් පෙන්නුම් කළ ද, 2015 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ් ව 2016 සැප්තැම්බර් මාසය තුළ දී සංචාරක ඉපැයීම් වර්ධනය විය. තව ද, කොළඹ කොටස් වෙළෙඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ විදේශීය අයෝජන සහ රජය වෙත වූ දිගු කාලීන ණය ලැබීම් 2016 සැප්තැම්බර් මාසය තුළ මූල්‍ය ගිණුම ශක්තිමත් කිරීම සඳහා දායක විය.
-
Financial Intelligence Unit of Sri Lanka Entered into a Memorandum of Understanding with Department for Registration of Persons
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2017 ජනවාරි 11 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්යක්ෂ එච්. අමරතුංග මහතා විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදී.
-
External Sector Performance – February 2017
2017 වසරේ පෙබරවාරි මාසයේ දී වෙළෙඳ ගිණුමේ හිඟය පුළුල් වීම, සංචාරක ඉපැයීම් පහළ යෑම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල මධ්‍යස්ථ වර්ධනය සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් මන්දගාමී ව පැවතුණි. අපනයන පහළ යෑම සහ ප්‍රධාන වශයෙන් ඉන්ධන සහ සහල් ආනයනය ඉහළ යෑම හේතුවෙන් සමස්ත ආනයන වියදම ඉහළ යෑම මධ්‍යයේ පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟයේ සැලකිය යුතු පුළුල් වීමක් වාර්තා විය. පෙබරවාරි මාසය තුළ දී සංචාරක පැමිණීම් සුළු වශයෙන් අඩු වීමත් සමඟ සංචාරක ඉපැයීම් පහළ ගිය අතර, ධාවන පථය අළුත්වැඩියා කිරීමේ කටයුතු වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දිවා කාලයේ දී වසා තැබීම ඒ සඳහා යම් තරමකට හේතු විය. පෙබරවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්හි වර්ධනය අපේක්ෂිත මට්ටමට වඩා අඩු මට්ටමක පැවතුණි. තව ද, මෙම මාසය තුළ දී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් සැලකිය යුතු ගෙවීම් වාර්තා වීම මූල්‍ය ගිණුම වෙත අහිතකර බලපෑමක් ඇති කළේ ය.