ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වසර 5ක සහ වසර 10ක පරිණත කාලයන් සහිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමේ දී අනුගමනය කරන ලද මෙහෙයුම් ක්‍රියාවලිය සහ එම බැඳුම්කරවල ඵලදායිතා අනුපාතයන් පිළිබඳ ව මෑත කාලීන ව මුද්‍රිත මාධ්‍යන්හි පළ වූ ලිපි සම්බන්ධයෙන් පහත දැක්වෙන පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
-
Issuances of International Sovereign Bonds (ISB) by the Central Bank of Sri Lanka
-
Sri Lanka Purchasing Managers’ Index - February 2019
නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම සඳහා 2019 ජනවාරි මාසයට සාපේක්ෂව 2019 පෙබරවාරි මාසයේදී, විශේෂයෙන්ම නිමි ඇඳුම් නිෂ්පාදන අංශයේ, නව ඇණවුම් සහ නිෂ්පාදනයෙහි දක්නට ලැබුණු මන්දගාමීත්වය හේතු විය. පෙබරවාරි මාසය තුළ රාජකාරී දින ගණන අඩු වීම මෙම මන්දගාමීත්වයට ප්‍රධාන වශයෙන් හේතු විය. නව ඇණවුම් සහ නිෂ්පාදනයෙහි සිදුවූ අඩු වීමට සමගාමීව තොග මිළදී ගැනීම් වල ද අඩු වීමක් දක්නට ලැබුණි.
කෙසේ වුවත්, ඉදිරි උත්සව සමයේ ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය කර ගැනීමේ අරමුණින් කරන ලද නව බඳවාගැනීම් හේතුවෙන් රැකියා නියුක්තියෙහි සුළු වර්ධනයක් දක්නට ලැබුණි. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලයෙහි සුළු වැඩි වීමක් දක්නට ලැබුණි. පෙබරවාරි මස මුල් භාගයේදී ඇතිවූ සැපයුම් ගෙන්වා ගැනීමේ ගැටළු සහ චීන අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් ඇතිවූ බාධා, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලයෙහි වැඩි වීමට හේතු විය. නව ඇණවුම් සහ නිෂ්පාදනය යන උප දර්ශක හැරුණුකොට අනෙකුත් සියලුම උප දර්ශක, කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී.
-
External Sector Performance - December 2018
ආනයන වියදම් කැපී පෙනෙන ලෙස අඩු වීම සමඟ 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස පහළ ගියේ ය. 2018 දෙසැම්බර් මාසයේ දී අපනයන වාර්ෂික පදනම මත සියයට 1.4කින් වර්ධනය වූ අතර, ආනයන සියයට 15.3කින් පහළ ගියේ ය.
2018 වසරේ දී මුළු භාණ්ඩ අපනයන එක්සත් ජනපද ඩොලර් බිලියන 11.9ක් දක්වා සියයට 4.7කින් වර්ධනය වූ අතර, ආනයන එක්සත් ජනපද ඩොලර් බිලියන 22.2ක් දක්වා සියයට 6.0ක ඉහළ යෑමක් වාර්තා කළේ ය. මේ අනුව, වෙළෙඳ හිඟය 2017 වසරේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 9.6ක සිට 2018 වසරේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 10.3ක් දක්වා යම් ඉහළ යෑමක් වාර්තා කළේ ය.
2018 වසරේ දෙසැම්බර් මාසයේ දී සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව සියයට 4.8ක වර්ධනයක් වාර්තා කරමින් ශක්තිමත් මට්ටමක පැවති අතර, එම නිසා, 2018 වසරේ මුළු සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4ක් දක්වා 2017 වසරට සාපේක්ෂ ව සියයට 11.6කින් වර්ධනය විය.
-
The Democratic Socialist Republic of Sri Lanka USD 2.4 billion International Sovereign Bond Offering
එක්සත් ජනපද ඩොලර් බැඳුම්කර වෙළෙඳපොළ වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (“ශ්‍රී ලංකාව”) වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 5ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.0ක් හා වසර 10ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4ක ප්‍රමුඛ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත බැඳුම්කර (බැඳුම්කර) දෙකක්, පිළිවෙලින් 2024 මාර්තු 14 සහ 2029 මාර්තු 14 යන කල් පිරීම් දින සහිත ව 2019 මාර්තු 07 වැනි දින නිකුත් කරන ලදී. මෙම බැඳුම්කර සඳහා මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් (Moody’s Investor Service), ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poor’s ) සහ ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) යන ආයතන මගින් පිළිවෙලින් ‘B2’ , ‘B’ සහ ‘B’ යන ශ්‍රේණිගත කර තිබේ.
-
Land Price Index – Second Half of 2018
2018 වසරේ දෙවන භාගය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් ගණනය කරන ලද ඉඩම් මිල දර්ශකය 125.9ක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 වසරේ දෙවන භාගයේ වාර්තා වූ අගයට සාපේක්ෂ ව සියයට 18ක වර්ධනයකි. නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් මිල දර්ශකයේ අනු දර්ශක තුනෙහි ම ඉහළ යෑම මෙම වර්ධනය සඳහා හේතු විය.
නිශ්චල දේපළ අංශයේ වර්ධනයන් අධීක්ෂණය කිරීම සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පර්චසයක් සඳහා වන මිල ගණන් උපයෝගී කර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලැබේ. මෙහි දී ඉඩම් භාවිතය සම්බන්ධයෙන් වන විවිධත්වය සැලකිල්ලට ගෙන සමජාතීත්වය පවත්වා ගැනීම සඳහා නේවාසික, වාණිජ සහ කාර්මික යන ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක් ගණනය කරනු ලබන අතර, එම අනු දර්ශක තුනෙහි සාමාන්‍යය ඇසුරෙන් ඉඩම් මිල දර්ශකය ගණනය කරනු ලැබේ.
-
IMF Reaches Staff-Level Agreement on the Fifth Review of Sri Lanka’s Extended Fund Facility
තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලසුම යටතේ ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ පස්වැනි සමාලෝචනයේ සාකච්ඡා නැවත ඇරඹීම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2019 පෙබරවාරි 14 - 28 කාලය තුළ දී කොළඹට පැමිණි අතර සිය සංචාරය අවසානයේ ගොරෙති මහත්මිය විසින් පහත ප්‍රකාශය සිදු කරන ලදී.
-
The Financial Action Task Force Endorsed the Progress Made by Sri Lanka
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන මූල්‍ය කාර්යසාධක බලකාය (Financial Action Task Force – FATF) විසින් ශ්‍රී ලංකාව එහි ක්‍රියාකාරී සැලැස්ම සම්පූර්ණ කර ඇති බවට මූලික නිර්ණය ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවත්වීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බවට සහ එම කටයුතු තිරසාර මට්ටමින් පවත්වා ගෙන යනු ලබන බවට ද, එ මෙන් ම අනාගතයේ දී ඒ සඳහා අවශ්‍ය දේශපාලන කැපවීම පවතින බවට ද තහවුරු කර ගැනීම සඳහා වූ එතැන් පරීක්ෂාවක් නිර්දේශ කරන ලදී. 2019 පෙබරවාරි 20 - 22 කාල පරිච්ඡේදය තුළ දී පැරීසියේ පවත්වනු ලැබූ මූල්‍ය කාර්යසාධක බලකා සැසි වාරයේ දී මෙම තීරණය ගන්නා ලදී.
-
Monetary Policy Review - No. 1 of 2019
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 පෙබරවාරි මස 21 වැනි දින පැවති රැස්වීමේ දී වාණිජ බැංකු වෙතැති සියලු ම රුපියල් තැන්පතු වගකීම්වලට අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, 2019 මාර්තු මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සියයට 5.00 දක්වා ප්‍රතිශතාංක 1.00 කින් අඩු කිරීමට තීරණය කළේය. තව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළ අතර, ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.00 සහ සියයට 9.00 මට්ටමේ පවතී. මැදිකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය උපරිම වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇති ව, දේශීය ආර්ථිකයේ සහ දේශීය මූල්‍ය වෙළඳපොළ තුළ මෙන් ම ගෝලීය ආර්ථිකයේ දැනට පවත්නා සහ අපේක්ෂිත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරු ව මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබී ය.
-
Inflation in January 2019
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ පැවති සියයට 0.4 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.2 දක්වා ඉහළ ගියේ ය. 2019 ජනවාරි මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයේ දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා පදනම් බලපෑම සහ ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතු විය. ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 4.7 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 6.5 දක්වා ඉහළ ගියේ ය. කෙසේ වුව ද, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට -4.5 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට -4.8 දක්වා තවදුරටත් පහළ ගියේ ය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකයේ වෙනස, 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.1 සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.8 දක්වා පහළ ගියේ ය.
-
A Response From the Governor, CBSL to the News Item Published in LankaCNews
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මැතිතුමා විසින් මා වෙත යොමු කරනු ලැබ ඇතැ යි සඳහන් කර LankaCNews වෙබ් අඩවියේ 2019.02.17 දින ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ ගනුුදෙනු පිළිබඳ ව පළ කරනු ලැබූ ලිපිය කෙරෙහි මාගේ අවධානය යොමු කොට ඒ සම්බන්ධයෙන් පහත කරුණු පැහැදිලි කිරීමට අපේක්ෂා කරන අතර එම ලිපිය මෙතෙක් මා වෙත ලැබී නැති බව ද මෙයින් දන්වා සිටිමි.