දකුණු ආසියාතික කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක්) සාමාජික රටවල් අතර පවත්නා විනිමය හුවමාරු පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දීමට ඉන්දීය සංචිත බැංකුව එකඟ වී ඇත.
මීට අමතර ව එක්සත් ජනපද ඩොලර් බිලියනයක් ලබා ගැනීම සඳහා ඉන්දීය සංචිත බැංකුව සමග ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම සඳහා ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවෙන් කරන ලද ඉල්ලීම ද සලකා බැලෙමින් පවතී.
ආනයන සහ ණය සේවාකරණය සම්බන්ධ මුදල් ගෙවීම් සිදුකරමින්, අවිධිමත් ගැලපීම් වලක්වා අවශ්‍ය විටෙක දී ව්‍යවහාර මුදල් තත්ත්වය මනාව පවත්වා ගැනීමෙන් දළ විදේශ සංචිත ප‍්‍ර‍්‍රමාණවත් පරිදි පවත්වා ගැනීමෙන් ද ආයෝජන විශ්වාසය ඉහළ නැංවීමෙහි ලා ඉන්දීය සංචිත බැංකුවෙන් ලැබුණු කඩිනම් සහයෝගය මහෝපකාරී වනු ඇත.
මෙම එකඟතාවට එළඹීමේ දී ඉන්දීය මධ්‍යම රජයත්, නව දිල්ලියේ ශ‍්‍ර‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත්, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයත් දැක්වූූ ක‍්‍ර‍්‍රියාශීලී සහයෝගය ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුව අගය කරයි.