Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

පෙර වසරවල අප්‍රේල් මාසය තුළ පැවති රටාවට අනුගත වෙමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2025 අප්‍රේල් මාසයේ දී පහත වැටුණි

පසුගිය වසරවල අලුත් අවුරුදු සමයේ පැවති රටාව පෙන්නුම් කරමින්, සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025  අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 41.4ක් දක්වා පහත වැටුණි. කෙසේ වෙතත්, පෙර වසරේ අනුරූප මාසය හා සැසඳීමේ දී,  2025 අප්‍රේල් මාසයේ පහත වැටීම සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණි. අලුත් අවුරුදු සැමරුම් හේතුවෙන් සිය ඉදිකිරීම් ස්ථාන බොහොමයක් මෙම මාසය තුළ දිගු කාලයක් තාවකාලිකව වසා දමා තිබූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවෝ සඳහන් කළහ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය සැමරීම සඳහා මූල්‍ය ස්ථායීතා සමුළුව පවත්වයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම සඳහා සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව ආරක්ෂා කරමින් මෑත අතීතයේ දී මුහුණ දුන් ආර්ථික අභියෝග ජය ගැනීමේ දී ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වය පිළිබිඹු කිරීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම සඳහා 2025 මැයි 23 වන දින කොළඹ දී මූල්‍ය ස්ථායීතා සමුළුව පැවැත්වීය. කලාපීය සහ ජාත්‍යන්තර විශේෂඥතාව ඒකාබද්ධ කරමින්, මූල්‍ය ස්ථායීතා අභියෝග සහ ප්‍රතිපත්ති ප්‍රතිචාර පිළිබඳ අත්දැකීම් සහ අවබෝධයන් බෙදා ගැනීමට මෙම සමුළුව වටිනා අවස්ථාවක් ලබා දුන් අතර, එමගින් දේශීය මෙන්ම විදේශීය වශයෙන් සහභාගී වූ පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ හිමි විය. 

ශ්‍රී ලංකා මහ බැංකුව, 2025 මැයි 22 වන දින කොළඹ දී පැවති මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම් රැස්වීමේ සත්කාරකත්වය දරන ලදී

මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි (Financial Stability Board) ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම (Regional Consultative Group for Asia) 2025 මැයි 22 වන දින කොළඹ දී රැස් විය. 2024 අප්‍රේල් මාසයේ දී ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම් රැස්වීම සාර්ථකව පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුව මෙම රැස්වීමෙහි සත්කාරකත්වය දැරූ දෙවන අවස්ථාව මෙය විය.

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහළ දමයි

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින පැවති සිය රැස්වීමේ දී, මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේය.  දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙම ලිහිල් කරන ලද  මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අඩු  උද්ධමන පීඩන මධ්‍යයේ උද්ධමනය 5%ක ඉලක්කය කරා ළඟාවීම සඳහා සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. 

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2025 අප්‍රේල්

2025 අප්‍රේල් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින්, පෙර වසරවල අප්‍රේල් මාසය තුළ පැවති රටාවට අනුගත වෙමින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන අතර, සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව තිරසර මූල්‍ය පෙරදැක්ම 2.0 දියත් කරයි

දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන සහ සමාජීය වශයෙන් සැමට ප්‍රතිලාභ අත්වන මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන අඛණ්ඩ උත්සාහයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව 2025 මැයි 05 වන දින තිරසර මූල්‍ය පෙරදැක්ම 2.0 මහ බැංකු සන්ථාගාරයේ දී දියත් කරන ලදී.

Pages

නිවේදන