නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017දෙසැම්බර් මාසයේ දී වාර්තා කළ 59.1ක දර්ශක අගයට සාපේක්ෂ ව 2018 ජනවාරි මාසයේ දී 51.7ක දර්ශක අගයක් වාර්තා කළේ ය. ඒ අනුව 2017 වසරේ අවසාන මාස දෙක තුළ දී දක්නට ලැබුණු සෘතුමය ඉහළ යෑමෙන් අනතුරු ව, නිෂ්පාදන අංශයේ කටයුතු 2017 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව ජනවාරි මාසයේ දී අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කෙරේ. මේ සඳහා, නිෂ්පාදන සහ නව ඇණවුම් උප දර්ශකවල දක්නට ලැබුණු මන්දගාමිත්වය ප්‍රධාන වශයෙන් හේතු විය. තව ද, සේවා නියුක්ති උප දර්ශකය 2017 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව 2018 ජනවාරි මාසයේ දී මන්දගාමී වූ අතර ගැනුම් තොග උප දර්ශකය පහත වැටීමක් පෙන්නුම් කරයි. මේ අතරතුර දී, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් ඉහළ ගියේ ය.
-   
          SL Purchasing Managers’ Index Survey - January 2018    
  
 -   
          Regulatory Action on a Primary Dealer – Pan Asia Banking Corporation PLC    
  
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, 2018 පෙබරවාරි මස 14 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී හි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2018 පෙබරවාරි මස 15 වැනි දින පෙ.ව. 10.00 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.
 -   
          Monetary Policy Review - No. 1 of 2018    
  
පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2018 පෙබරවාරි 14 වන දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගැනීමට තීරණය විය.
මැදිකාලීන ව උද්ධමනය මැදි-තනි අගයක මට්ටමේ පවත්වා ගෙන යෑම සහ එමගින් තිරසාර වර්ධනයකට පහසුකම් සැලසීමේ අරමුණ සමඟ මුදල් මණ්ඩලයේ මෙම තීරණය අනුකූල වේ. මෙම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා තුඩු දුන් සාධක පහත පරිදි වේ.
 -   
          Provincial Gross Domestic Product – 2015    
  
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2010වසර පදනම් වර්ෂය ලෙස සලකා (2010 - ස්ථාවර මිල ගණන් යටතේ) සකස් කර ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් 2015 වසර සඳහා පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන ලදි. දළ දේශීය නිෂ්පාදිතය හා සම්බන්ධ එක් එක් අයිතමවල අගයන් පළාත් මට්ටමින් සකස් කර ගත් දර්ශක පදනම් කොට ඒ ඒ පළාත් සඳහා බෙදා හැරීමෙන් පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන ලදි.
2015 වසරේ දී, ස්ථාවර මිල (මූර්ත අගය) අනුව සියයට 4.8කින් වර්ධනය වූ දළ දේශීය නිෂ්පාදිතය පවත්නා වෙළෙඳපොළ මිල (නාමික අගය) අනුව රුපියල් බිලියන 11,183 දක්වා සියයට 7.0කින් වර්ධනය විය. පවත්නා වෙළෙඳපොළ මිල අනුව ගණනය කළ පළාත් දළ දේශීය නිෂ්පාදිතය සංඛ්‍යා සටහන 1හි දක්වා ඇත.
 -   
          External Sector Performance - May 2016    
  
වෙළෙඳ හිඟය පුළුල් වීම, සංචාරක ඉපැයුම් අඛණ්ඩ ව වර්ධනය වීම සහ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වර්ධනය වීම සමඟ 2016 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂ ව ආනයන වියදම සුළු වශයෙන් වර්ධනය වූ අතර තේ, රබර් නිෂ්පාදන සහ රෙදිපිළි සහ ඇඟලුම් අපනයනයන්හි මන්දගාමී ක්‍රියාකාරිත්වය හමුවේ අපනයන ඉපැයුම් අඩු වීම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් විය. කෙ සේ නමුත්, සමුච්චිත පදනම මත 2016 මැයි මාසය අග වන විට වෙළෙඳ හිඟය ඉහළ යෑමෙන් වූ බලපෑම සංචාරක සේවා මත වූ අඛණ්ඩ ඉපැයීම්, වර්ධනය වූ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ මූල්‍ය ගිණුම වෙත වූ මධ්‍යස්ථ ලැබීම් ප්‍රමාණය සමඟ තරමක් දුරට සමනය විය.
 -   
          Economic and Social Statistics of Sri Lanka - 2016     
  
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රකාශනයක් වන 'ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2016' පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනයේ දළ දේශීය නිෂ්පාදිතය, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය බැංකු, බැංකු සහ මූල්‍ය ආයතන, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය හා විදුලි සංදේශ සේවා, ජනගහනය සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද ඇතුළත් වේ. ඊට අමතර ව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද ආදායම් හා වියදම් පිළිබඳ සමීක්ෂණයෙන් සොයා ගත් ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය, දරිද්‍රතාව සහ කුටුම්භ ලක්ෂණවලට අදාළ තොරතුරු ද මෙහි ඇතුළත් කර ඇත. තව ද, මූලික ආර්ථික විචල්‍යයන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද පළාත් මට්ටමින් මෙම ප්‍රකාශනයේ ඇතුළත් වේ.
 -   
          Clarification over Recent Media Reports on Recording of Government Debt    
  
2018 පෙබරවාරි 8 වැනි දින රාජ්‍ය ණය වාර්තා කිරීම සහ ගිණුම් පවත්වා ගැනීම පිළිබඳ ව පැවැති මාධ්‍ය වාර්තා කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.
 -   
          SL Purchasing Managers’ Index Survey - July 2016    
  
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජූනි මාසයේ වාර්තා කළ 55.1 සිට 2016 ජූලි මාසයේ දී 50.6ක් දක්වා පහළ ගියේ ය. මෙහි දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සහ උප දර්ශක මැයි මාසයට සාපේක්ෂ ව ජූනි මාසයේ දැක් වූ සැලකිය යුතු වර්ධනයෙන් පසු ව ජූලි මාසය තුළ දී මෙ ලෙස මන්දගාමී වී ඇත. මේ සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන දර්ශකවල පහත වැටීම ප්‍රධාන වශයෙන් හේතු විය. තව ද, සේවා නියුක්ති සහ ගැනුම් තොග දර්ශක හැරුණු කොට සියලු ම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව පහත වැටුණි. නිෂ්පාදන සහ ගැනුම් තොග දර්ශක හැරුණු කොට සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50ට වඩා අඩු අගයක් වාර්තා කළ ද නිෂ්පාදන සහ ගැනුම් තොග දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතීම හේතුවෙන් සමස්ත දර්ශකය වර්ධනය විය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.
 -   
          Issue of a Circulation Standard Commemorative Currency Note to Mark the 70th Independence Celebration of Sri Lanka    
  
2018 පෙබරවාරි 4 දිනට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1000 ක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 4 වැනි සමරු මුදල් නෝට්ටුව ද වේ.
සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්‍රමුඛ වර්ණය හා ආරක්‍ෂණ සළකුණු දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රුපියල් 1000 වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුව හා සමාන වන අතර පහත සඳහන් වෙනස්කම් පමණක් සිදු කර ඇත.
 -   
          External Sector Performance - November 2017    
  
රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සඳහා විදේශීය ආයෝජන ඉහළ යෑම හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් අඛණ්ඩ ව ඉහළ යෑම සහ සංචාරක ඉපැයීම්වල සුළු වර්ධනය, 2017 වසරේ නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සඳහා හිතකර ලෙස දායක විය. 2016 නොවැම්බර් මාසයේ දී අපනයන වටිනාකම අඩු අගයක් ගැනීම හේතුවෙන් 2017 නොවැම්බර් මාසයේ දී අපනයන අංක දෙකක අගයක වර්ධනයක් වාර්තා කරනු ලැබුව ද, ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින අහිතකර ආර්ථික හා භූ-දේශපාලනික තත්ත්වය හේතුවෙන් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ව පහත වැටුණි. ඒ අනුව, 2017 වසරේ නොවැම්බර් අවසානය වන විට ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.0 ක අතිරික්තයක් වාර්තා කළේය.
 
            







