ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සහ විදේශීය ණය සේවාකරණය සම්බන්ධයෙන් ජනතාව නො මග යවන ආකාරයේ පුවත්පත් වාර්තාවක් පළ වී ඇත.
එම පුවත්පත් වාර්තාවේ අන්තර්ගතය තුළින් රටේ විදේශීය අංශයේ තත්ත්වය පිළිබඳ වැරදි අර්ථ කථනයක් ලබා දී ඇත. 2015-2018 කාලපරිච්ඡේදය තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 8.9ක් වූ රජයේ ණය ගැනීම් මහ බැංකු සංචිත තුළට අවශෝෂණය කර ගත් බව එම පුවත්පත් වාර්තාවේ සඳහන් කර ඇති නමුත්, රජයේ නිල ණය කළමනාකරු ලෙස වගකීම දරන මහ බැංකුව විසින් මෙම කාල පරිච්ඡේදය තුළ සංචිත ප්‍රයෝජනයට ගනිමින් සිදු කළ සැලකිය යුතු ප්‍රමාණයක විදේශ ණය ආපසු ගෙවීම් සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නැත.








