• Notice to General Public on Prohibited Pyramid Schemes

    1988 අංක 30 දරන (සංශෝධිත)බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව  SGO/sgomine.com” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත.

  • SL Purchasing Managers’ Index (PMI) – October 2025

    2025 ඔක්තෝබර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 61.0ක අගයක් වාර්තා කළේය. මෙම වැඩිවීම පුළුල් පදනමක් මත සිදුවූ අතර සියළුම උප දර්ශක මෙම ප්‍රසාරණය සඳහා ධනාත්මක ලෙස දායක විය. 

  • Public Consultation on Amendments to the Finance Business Act, No.42 of 2011 (FBA)

    මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම, අනවසර මුදල් ව්‍යාපාර විමර්ශනය කිරීම සහ නඩු පැවරීම, ශක්‍ය නොවන මුදල් සමාගම් නිරාකරණය සහ ගණන් බේරා වසා දැමීම යන අවශ්‍යතා හඳුනා ගනිමින්, මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා කර ඇත. 

  • CCPI based headline inflation further accelerated as expected towards the target in October 2025

    උද්ධමන ඉලක්කය කරා අඛණ්ඩව ලඟා වීම පෙන්නුම් කරමින් කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 ඔක්තෝබර් මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට අනුකූලව යමින්, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.5හි සිට 2025 ඔක්තෝබර් මාසයේ දී සියයට 2.1 දක්වා ඉහළ ගියේය. 

  • Sri Lanka PMI - Construction increased in September 2025

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය,  ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල 2021 වසරේ අග භාගයේ සිට වාර්තා වූ ඉහළම වැඩිවීම වාර්තා කරමින්,  2025 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 67.6ක අගයක් දක්වා ඉහළ ගියේය. ව්‍යාපෘති අවස්ථා අඛණ්ඩව පැවතීම මගින් ඉදිකිරීම් අංශයේ වර්ධනය සඳහා ස්ථාවර පදනමක් සපයා ඇති බව ප්‍රතිචාර දැක්වූවන් විසින් අවධාරණය කරන ලදී.

  • External Sector Performance – September 2025

    2025 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ විදේශීය අංශයෙහි මාසික ජංගම ගිණුමෙහි අඛණ්ඩ අතිරික්තයන් වාර්තා කිරීමෙන් පසුව, 2025 වසරේ සැප්තැම්බර් මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, පළමු මාස නවය සඳහා ජංගම ගිණුමෙහි සමුච්චිත අතිරික්තය එ.ජ. ඩොලර් බිලියන 1.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

    ප්‍රධාන වශයෙන් වාහන ආනයනය වැඩිවීම හමුවේ ආනයන වියදම එ.ජ. ඩොලර් බිලියන 2ක් ඉක්මවා යාම හේතුවෙන්, 2025 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය ඉහළ ගියේය.

  • Appointment of New Deputy Governors of the Central Bank of Sri Lanka

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත, ගරු මුදල් ඇමතිතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට ද සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් මස 03 වන දා සිට ද ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇත. 

  • Sri Lankan Delegation Engaged in High-Level Meetings at the 2025 World Bank Group/ International Monetary Fund Annual Meetings, and Governor was Honoured with “A Grade” Award by Global Finance Magazine

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිස, 2025 වසරේ ඔක්තෝබර් මස 13 සිට 18වන දින  දක්වා වොෂින්ටන් ඩී.සී.හි පැවති ලෝක බැංකු සමූහයේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2025 වාර්ෂික රැස්වීම් අතරතුර දී, ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික  සහ බහුපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සක්‍රීයව සම්බන්ධ විය.

  • SL Purchasing Managers’ Index (PMI) – September 2025

    2025 සැප්තැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 55.4ක අගයක් වාර්තා කළේය. මෙහිදී, සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුනි.

  • Appointment of a New Member to the Governing Board of the Central Bank of Sri Lanka

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා විසින් ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ මහතා 2025 ඔක්තෝබර් 02 වැනිදා සිට බලාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනමය සහ කළමනාකරණ කටයුතු පාලනය කිරීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා වගකිව යුතු ආයතනය ලෙස පාලක මණ්ඩලය පිහිටුවා ඇත. තව ද, ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 12 (1) (ආ) වගන්තිය ප්‍රකාර ව පාලක මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ  සාමාජිකයින් ලෙස ද කටයුතු කරයි.  

Pages