මේ දිනවල සමාජ මාධ්‍යවල, විශේෂයෙන් මුහුණුපොතෙහි (Facebook) සංසරණය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ රුව අනිසි ලෙස භාවිතා කරමින් කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද වංචනික වීඩියෝ පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැඩි ලෙස අනතුරු අඟවයි. මහජනතාව නොමග යවනසුලු මෙම වීඩියෝ මගින් මහ බැංකුවේ අධිපතිවරයා අසාමාන්‍ය මූල්‍ය ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වන ආයෝජන යෝජනා ක්‍රම අනුමත කරන අයෙකු වශයෙන් ව්‍යාජ ලෙස හඳුන්වා දී තිබේ. මාර්ගගත මූල්‍ය වංචා ගැන දැනුමක් නැති පුද්ගලයන් සතු මුදල්, වංචනික ලෙස අත්පත් කර ගැනීමේ අරමුණින් ඔවුන් ව සැක කටයුතු බාහිර පුද්ගලයන් වෙත යොමු කිරීම මෙහි දී සිදු වේ.
-
Beware of Fraudulent AI-generated videos Misusing the CBSL Governor’s Image
-
The Sri Lankan foreign exchange market unveils a foreign exchange matching platform
වඩාත් පුළුල් විදේශ විනිමය වෙළඳපොළක් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන මූලිකත්වයට අනුකූල ව, ශ්‍රී ලංකා විදේශ විනිමය වෙළඳපොළ සාර්ථක ලෙස විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාවක් එළිදක්වා ඇත. දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මිල අනාවරණ හැකියාව වැඩි දියුණු කිරීම සහ එහි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා හඳුන්වා දෙන ලද මෙම වේදිකාව වෙත ප්‍රවේශ වීමට සියලු ම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ඇත. ඒ අනුව, මේ සඳහා දේශීය විදේශ විනිමය වෙළඳපොළ විසින් බ්ලූම්බර්ග් (Bloomberg) ආයතනයේ BMatch විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාව තෝරා ගෙන ඇත.
-
IMF Executive Board Completes the Third Review Under the Extended Fund Facility Arrangement with Sri Lanka
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ පවතින මාස 48ක විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය දැක්වීම සඳහා විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 334ක් පමණ) මූල්‍යන පහසුකමක් වෙත ක්ෂණික ප්‍රවේශය හිමිවිය. මෙය ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන සිව්වන වාරිකය වන අතර, ජා.මූ. අරමුදලෙන් මේ දක්වා ලබා දී ඇති මුළු මූල්‍යන සහාය ඒ අනුව, වි.ගැ.හි. බිලියන 1.02ක් (එ.ජ. ඩොලර් බිලියන 1.34ක් පමණ) දක්වා ඉහළ යයි.
-
External Sector Performance - January 2025
වෙළඳ හිඟය ඉහළ යෑම මධ්‍යයේ වුව ද, සේවා අපනයන, සංචාරක සේවා සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවලට අදාළ ඉහළ ලැබීම් හේතුවෙන්, 2025 වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව පැවතියේය.
-
CCPI-based headline inflation remained in the negative territory in February 2025
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව හයවන මාසයටත් ඍණ අගයක පවතිමින් 2025 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 4.0ක අවධමනයට සාපේක්ෂව 2025 පෙබරවාරි මාසයේ දී සියයට 4.2ක අවධමනයක් වාර්තා කළේය.
-
SL Purchasing Managers’ Index (PMI) for Construction Industry – January 2025
ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පිළිඹිබු කරමින් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2025 ජනවාරි මාසයේ දී දර්ශකාංක 52.9ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. විශේෂයෙන්ම, ස්ථාවර මිල මට්ටම් සහ හිතකර කාලගුණය වැනි යහපත් ව්‍යාපාරික තත්ත්ව හේතුවෙන්, දැනට පවතින ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් අවසන් වෙමින් පවතින බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ. තවද, මෙම ප්‍රගතිය තවදුරටත් පවත්වා ගැනීම සඳහා නව ව්‍යාපෘතිවල පවතින අවශ්‍යතාවය ද ඔවුහු අවධාරණය කළහ.
-
Land Valuation Indicator – Second Half of 2024
කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ දෙවන භාගයේ දී 236.8 ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 7.7 ක වැඩි වීමකි. නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 9.9ක, 9.4ක සහ 3.9ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් මෙම වැඩිවීමට දායක විය. අර්ධ වාර්ෂික පදනමින්, එනම්, 2024 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව එම වසරේ දෙවන භාගයේ දී, ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අඩු වේගයකින් වර්ධනය වී ඇත. ඉහළම වර්ධනය නේවාසික අනු දර්ශකය මගින් නිරීක්ෂණය වූ අතර, අනුපිළිවෙළින්, වාණිජ හා කාර්මික අනු දර්ශක ද වර්ධනය වී ඇත.
-
Use of the Word ‘Finance’ in Contravention of the Provisions of the Finance Business Act, No. 42 of 2011
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, 'මුදල්', 'මුල්‍යකරණය' හෝ 'මුල්‍ය' යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතුය.
-
SL Purchasing Managers’ Index (PMI) – January 2025
2025 ජනවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 ජනවාරි මාසයේදී 59.0ක දර්ශක අගයක් වාර්තා කළේය. මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධනාත්මක ලෙස දායක විය.
-
The Central Bank of Sri Lanka releases the Monetary Policy Report – February 2025
2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මුදල් ප්‍රතිපත්ති වාර්තා වසරකට දෙවරක් ප්‍රකාශයට පත් කරන අතර, මෙවර නිකුතුවේ අන්තර්ගතය 2025 වසරේ ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත.