• As expected, CCPI based headline inflation accelerated towards the target in September 2025

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී ධන අගයක් වාර්තා කළ අතර, 2025 සැප්තැම්බර් මාසයේ දී,අපේක්ෂා කල පරිදි උද්ධමන ඉලක්කය කරා ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළේය.ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට අනුකූලව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 1.2හි සිට 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.5 දක්වා ඉහළ ගියේය.

  • Sri Lanka PMI - Construction increased in August 2025

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය,  2025 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 61.1ක් දක්වා ඉහළ ගියේය. ප්‍රතිචාර දැක්වූවන්ට අනුව, තාවකාලිකව අත්හිටුවන ලද ඇතැම් ඉදිකිරීම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමත් සමග ව්‍යාපෘති ලබා ගැනීමේ හැකියාව තවදුරටත් වර්ධනය වීම හේතුවෙන් ඉදිකිරීම් අංශයේ විශ්වාසය ඉහළ ගොස් ඇත.

  • The Central Bank of Sri Lanka (CBSL) releases the “Sri Lanka Socio-Economic Data – 2025” Publication

    ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2025" වාර්ෂික ප්‍රකාශනය මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙය, එම ප්‍රකාශන මාලාවේ 48 වන වෙළුමයි.

    පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු යන ශීර්ෂ 14 ක් යටතේ දත්ත ඇතුළත් වේ. මෙම ප්‍රකාශනය පුළුල් පරාසයක සමාජ-ආර්ථික දත්ත සංක්ෂිප්ත හා සාරාංශ ආකාරයෙන්  ඉදිරිපත් කරන බැවින්, එය ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයින්, ශාස්ත්‍රඥයින්, වෘත්තිකයන්, සිසුන් සහ මහජනතාව සඳහා ප්‍රයෝජනවත් ප්‍රකාශනයක් වනු ඇත.

  • The Central Bank of Sri Lanka keeps the Overnight Policy Rate (OPR) unchanged

    මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.

  • SL Purchasing Managers’ Index (PMI) – August 2025

    2025 අගෝස්තු මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

    නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 55.2ක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පිළිබිඹු කරනු ලැබීය. මෙහිදී,  සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුනි.  

  • Public Awareness on the Rs. 2000 Circulated Commemorative Currency Note Issued to Mark the 75th Anniversary of the Central Bank of Sri Lanka

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2025.08.29 දින රුපියල් 2000 ක සංසරණය සඳහා වන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. 

    නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලැබේ.

  • Central Bank of Sri Lanka releases the key findings of the Systemic Risk Survey (SRS)

    2025 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත.

    මෙම ප්‍රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන් තුළ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය, මූල්‍ය පද්ධතියට බලපෑම් ඇති කළ හැකි අවදානම් මූලාශ්‍ර සහ එවැනි අවදානමක් හට ගැනීම පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් හි නිරීක්ෂණ සංක්ෂිප්තයක් ඉදිරිපත් කෙරේ. මෙහි ඉදිරිපත් කර ඇති ප්‍රතිඵල, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගේ පිළිතුරු මත පමණක් පදනම් වී ඇති අතර, එමගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස් පිළිබිඹු නොවේ.

  • Central Bank Inaugurates “Financial Literacy Month 2025” from 10th September

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වර්ෂයේ සැප්තැම්බර් මස 10 වන දින “මූල්‍ය සාක්ෂරතා මාසය” ආරම්භ කරනු ලබන අතර එය මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීම කරා යන ප්‍රගතිශීලි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම මුලපිරීම මූල්‍ය සාක්ෂරතා පෙරදැක්ම යටතේ ක්‍රියාත්මක වන අතර එය “මූල්‍ය සාක්ෂරතාවයෙන් හෙබි ශ්‍රී ලංකාවක්” නිර්මාණය කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් දැක්මට අනුකූල වේ. 

  • CCPI based inflation turns positive in August 2025, marking the end of the deflationary phase

    අඛණ්ඩව මාස 11 ක් පැවති අවධමන තත්ත්වයෙන් අනතුරුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජූලි මාසයේ පැවති සියයට 0.3ක අවධමනයට සාපේක්ෂව, 2025 අගෝස්තු මාසයේ දී සියයට 1.2ක ධන අගයක් වාර්තා කළේය.

  • Release of ‘Economic and Social Statistics of Sri Lanka – 2025’

    ‘Economic and Social Statistics of Sri Lanka – 2025’, an annual release of socio-economic statistics of the Central Bank of Sri Lanka, is now available for public access. This is an online data release containing long series of data in an easily accessible and downloadable format, catering to the data requirements of various stakeholders. 

Pages