නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 ජනවාරි මාසයේ දී වාර්තා කළ 51.7ක දර්ශක අගයට සාපේක්ෂ ව 2018 පෙබරවාරි මාසයේ දී 55.6ක දර්ශක අගයක් වාර්තා කළේ ය. ඒ අනුව, 2018 ජනවාරි මාසයේ දී ඇති වූ සෘතුමය පහළ යෑමෙන් අනතුරු ව, පෙබරවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ කටයුතු වැඩි වේගයකින් වර්ධනය විය. මේ සඳහා, නව ඇණවුම් උප දර්ශකයේ ඉහළ යෑම ප්‍රධාන වශයෙන් ම බලපෑවේ ය. එ මෙන් ම, නව ඇණවුම් උප දර්ශකය ඉහළ යෑමත් සමඟ ම නිෂ්පාදන උප දර්ශකය ද ඉහළ ගියේ ය. එ සේ නමුත්, පෙබරවාරි මාසය තුළ රාජකාරී දින ගණන අඩු වීම හේතුවෙන්, මෙම ඉහළ යෑම නව ඇණවුම උප දර්ශකයේ ඉහළ යෑමට සාපේක්ෂ ව අඩු අගයක් වේ. තව ද, ගැනුම් තොග උප දර්ශකය ද මෙම මාසය තුළ දී ඉහළ ගිය අතර, සේවා නියුක්ති උප දර්ශකය සුළු වශයෙන් ඉහළ යන ලදී. මේ අතරතුර දී, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව වැඩි වේගයකින් ඉහළ ගියේ ය.
-   
          SL Purchasing Managers’ Index - February 2018    
  
 -   
          IMF Staff Concludes the 2018 Article IV Mission with Sri Lanka and Discusses Progress of Economic Reform Program    
  
සාමාජික රටක සංචාරය (දූත මෙහෙය) අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය විසින් බොහෝ විට නිකුත් කරනු ලබන සමාප්ති ප්‍රකාශනය මගින් එම නිලධාරීන්ගේ මූලික නිරීක්ෂණ විස්තර කෙරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පත් භාවිතා කිරීමට (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට) ඉල්ලීමක් කර ඇති විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා පනතේ හතරවන වගන්තිය යටතේ නිතිපතා (සාමාන්‍යයෙන් වාර්ෂික ව) සිදු කරනු ලබන උපදේශනවල කොටසක්, නිලධාරීන් විසින් අධීක්ෂණය කරනු ලබන වැඩසටහන්වලට අදාළ සාකච්ඡාවල කොටසක් හෝ ආර්ථික ප්‍රවණතා අධීක්ෂණය කරනු ලබන වෙනත් වැඩසටහන්වල කොටසක් ලෙස දූත මෙහෙයන් ක්‍රියාත්මක කෙරේ.
 -   
          Clarification on the Cancellation of Licence and Certificate of Registration Issued  to Central Investments and Finance PLC    
  
සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් අැන්ඩ් ෆිනෑන්ස් පී එල් සී වෙත 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද බලපත්‍රය සහ 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කිරීම සම්බන්ධයෙන් 2018 මාර්තු 5 වැනි දින නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පැහැදිලි කරයි. 2017 දෙසැම්බර් 5 වැනි දින පුවත්පත් නිවේදනයක් මගින් මහජනතාව වෙත දැනුම් දුන් පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් අැන්ඩ් ෆිනෑන්ස් පී එල් සී ආයතනයේ සියලු ම රක්ෂිත තැන්පතුවලට ශ්‍රී ලංකා රක්ෂණ තැන්පතු සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයේ රෙගුලාසි අනුව තැන්පත්කරුවෙකු සඳහා රුපියල් 600,000ක උපරිමයක් දක්වා ගෙවීම් සිදු කරනු ඇත.
 -   
          Central Investments and Finance PLC - Cancellation of Licence issued under the Finance Business Act No. 42 of 2011 and Certificate of Registration issued under the Finance Leasing Act No. 56 of 2000    
  
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී සමාගමේ සිදු ව ඇති විවිධාකාර වංචනික කටයුතු සහ කළමනාකාරණ දුර්වලතා හේතු කොට ගෙන දැඩි මූල්‍ය ගැටලුවලට පසුගිය වසර හතර තුළ මුහුණ දීමට සිදු ව ඇත. සමාගමේ තැන්පත්කරුවන් පසුගිය වසර හතර පුරා ම සිය තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට අපොහොසත් වී ඇති අතර, විවිධ උපක්‍රම හරහා ආයතනය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ගත් සියලු ප්‍රයත්න අසාර්ථක විය. වර්තමානයේ පවතින තත්ත්වයෙන් ම මෙම සමාගම අඛණ්ඩ ව පවත්වා ගෙන යෑම තැන්පත්කරුවන්ට සහ අනෙකුත් සම්බන්ධිත පාර්ශ්වයන්ට තවදුරටත් අහිතකර විය හැක.
 -   
          The Central Bank Responds to Misleading News Reports on Future Interest Rate Movements    
  
ඉදිරි කාලයේ දී දේශීය පොලී අනුපාතිකවල ඉහළ යෑමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන්නේ යැ යි මෑතක දී පළ වූ මාධ්‍ය වාර්තා කිහිපයක් පිළිබඳ ව ශ්‍රී ලකා මහ බැංකුවේ අවධානය යොමුව ඇත. මෙම වාර්තාවල පොලී අනුපාතික ඉහළ යෑමක් අපේක්ෂා කිරීම සඳහා හේතු වූ සාධක ලෙස සංචිත පහළ යෑම, අපේක්ෂිත මට්ටමට වඩා වූ ඉහළ ආනයන සහ රාජ්‍ය සුරැකුම්පත්වලට අදාළ ඉහළ ගිය පොලී අනුපාතික යනාදිය දක්වා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන පුරෝකථනවලට අනුව, මෑත කාලීන ව වෙළෙඳපොළ පොලී අනුපාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා නො කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. මතුපිට උද්ධමනය, මූලික උද්ධමනය, උද්ධමන අපේක්ෂා, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය, ණය ප්‍රසාරණය, ආර්ථික කටයුතුවල ප්‍රසාරණය මෙන් ම ජාත්‍යන්තර සංචිත මට්ටමේ මෑත කාලීන වෙනස්වීම්වලට අනුව තාර්කික වෙළෙඳපොළක් පොලී අනුපාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා කරන්නේ යැ යි සාධාරණීයකරණය කළ නො හැක.
 -   
          Central Bank Releases Summary Trading Statistics on Government Securities Secondary Market Information for the First Time    
  
රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රතිපත්තිමය පියවරක් ලෙසට අද සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද්විතීයික වෙළෙඳපොළ තුළ රජයේ සුරැකුම්පත් ගනුදෙනු සාරාංශගත වෙළෙඳ සංඛ්‍යාලේඛන නිකුත් කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව, 2016 අගෝස්තු මස 1 වැනි දින සිට සියලු ප්‍රාථමික අලෙවිකරුවන්, ප්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු සහ තොරතුරු ඉලෙක්ට්‍රොනික පද්ධතියක් වන බ්ලූම්බර්ග් (Bloomberg) හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලද වෙළෙඳ පද්ධතිය තුළ අන්තර් ප්‍රාථමික අලෙවි ගනුදෙනු වාර්තා කිරීම සිදු කළ යුතු වන්නේ ය. තව ද, සියලු ම ප්‍රාථමික අලෙවිකරුවන් ආයෝජකයින් සමඟ කරනු ලබන මිලියන 50 ඉක්මවන සියලු ම විකුණුම් හා අදාළ තොරතුරු විනාඩි 30ක් ඇතුළත එම පද්ධතිය වෙත වාර්තා කළ යුතු වන්නේ ය.
 -   
          Land Price Index - Second Half of 2017    
  
නිශ්චල දේපල අංශයේ ප්‍රවර්ධනය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් දර්ශක කිහිපයක් සම්පාදනය සහ විශ්ලේෂණය කරනු ලබයි. මේ අනුව, 1998 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් අර්ධ වාර්ෂික ව ඉඩම් මිල දර්ශකය සම්පාදනය කෙරේ. මෙම දර්ශකය ගණනය කිරීමේ දී තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක් ආවරණය වන පරිදි ප්‍රදේශ 50ක පමණ ඉඩම් මිල ගණන් භාවිත කරයි. මෙහි දී ඉඩම් භාවිතය පිළිබඳ වන විවිධත්වය සැලකිල්ලට ගෙන නේවාසික, වාණිජ සහ කාර්මික යන ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක් ගණනය කෙරේ. මෙම අනු දර්ශක තුනේ සාමාන්‍ය ඇසුරෙන් ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරයි.
 -   
          External Sector Performance - December 2017    
  
ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය 2017 දෙසැම්බර් මාසයේ දී අඛණ්ඩ ව වර්ධනය වූ අතර ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ඉහළ යෑම මීට ප්‍රධාන වශයෙන් හේතු විය. 2017 දෙසැම්බර් මාසයේ දී අපනයන ආදායම ඉහළ වේගයකින් වර්ධනය වුව ද, ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් විය. කෙ සේ වුව ද, පුළුල් වූ වෙළෙඳ හිඟය සංචාරක ඉපැයීම් හා විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ව ලැබීම හේතුවෙන් යම් තාක් දුරකට සමනය විය. කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රාග්ධන ලැබීම්වල දක්නට ලැබුණු වර්ධනය මෙම මස තුළ දී ද අඛණ්ඩ ව දක්නට ලැබුණි. විදේශීය අංශයේ වූ හිතකර වර්ධනයන් පිළිබිඹු කරමින් 2017 වසරේ දී ගෙවුම් තුලනයේ එක්සත් ජනපද ඩොලර් මිලියන 2,068ක අතිරික්තයක් වාර්තා වූ අතර, 2017 වසර අවසානය වන විට රටෙි දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 8.0ක් විය. මේ අතර, 2017 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල සියයට 2.0කින් අවප්‍රමාණය විය.
 -   
          Inflation in January 2018    
  
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 දෙසැම්බර් මාසයේ පැවැති සියයට 7.3ට සාපේක්ෂ ව 2018 ජනවාරි මාසයේ දී සියයට 5.4ක් දක්වා පහළ ගියේ ය. මේ සඳහා 2017 ජනවාරි මාසයේ දී පැවැති ඉහළ පදනම් අගය මෙන් ම 2018 ජනවාරි මාසයේ දී ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම ද හේතු විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2017 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.7 සිට 2018 ජනවාරි මාසයේ දී සියයට 7.6 දක්වා පහළ ගියේ ය.
 -   
          Sri Lanka Listing in the Financial Action Task Force and Measures Initiated by  Sri Lanka to Improve Global AML/CFT Standards    
  
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස කටයුතු කරනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකාය (Financial Action Task Force - FATF) විසින් මුදල් විශුද්ධිකරණය/ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ගෝලීය වශයෙන් සිදුවන වෙනත් අදාළ වැරදි වැළැක්වීම සඳහා නිර්දේශ 40ක් හඳුන්වා දී ඇත. මූල්‍ය කාර්ය සාධක බලකායට අනුබද්ධිත කලාපීය සංවිධානයක් ලෙස මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (Asia Pacific Group on Money Laundering – APG) කටයුතු කරනු ලබන අතර, මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශවලට කලාපය තුළ ඇති අනුකූලතාව ඔවුන් විසින් නිරීක්ෂණය කරනු ලබයි. තව ද, ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් වේ.
 
            







