• Release of 'Economic and Social Statistics of Sri Lanka - 2018' Publication

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2018”  පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු,  රාජ්‍ය මූල්‍ය, බැංකු සහ මූල්‍ය ආයතන, මුදල්  සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ජනගහනය සහ ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය,  විදුලි සංදේශ සේවා සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල්වල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද මෙම ප්‍රකාශනයේ ඇතුළත් වේ.

  • Clarification Regarding False Information Published in the Media About Expenses Incurred by the Governor of the Central Bank of Sri Lanka

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් සිය පුද්ගලික කටයුතු සඳහා මහජන මුදල් වැය කර ඇති බවට විපක්ෂයේ දේශපාලනඥයෙක් චෝදනා නගා තිබුණු අතර ඒ පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියක් ලබා දී තිබුණි.

    මහ බැංකු අධිපතිවරයා හෝ මහ බැංකු කාර්ය මණ්ඩලය විසින් හෝ පුද්ගලික වියදම් සඳහා එකදු සතයක් ලබා ගෙන නොමැත. කිසිදු අයථා හෝ නීති විරෝධී ආකාරයකින් මහජන මුදල් වියදම් කිරීමක් ද සිදු කර නොමැත.

    මහ බැංකු අධිපතිවරයා සහ කාර්ය මණ්ඩලය සහභාගී වන ජාත්‍යන්තර හා දේශීය නිල රාජකාරී කටයුතුවල දී අදාළ වියදම් මහ බැංකුව විසින් දරනු ලැබේ. මෙය අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ද පවත්නා පොදු තත්ත්වයකි. 

  • External Sector Performance - February 2016

    වෙළෙඳ හිඟය අඩු වීම සහ සංචාරක ඉපැයීම් හා විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලෙස වූ විදේශ විනිමය ලැබීම්වල වර්ධනයක් වාර්තා වීම හේතුවෙන් 2016 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. අපනයන ආදායමේ සිදු වූ අඩු වීම හමුවේ වුව ද ඉන්ධන ආනයන, ආහාර හා පාන සහ ප්‍රවාහන උපකරණ ආනයන වියදමේ සිදු වූ විශාල අඩු වීම හේතුවෙන් වෙළෙඳ හිඟය අඩු විය. කෙ‍ සේ නමුත්, මෙම කාල පරිච්ඡේදය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ ශුද්ධ ගෙවීමක් වාර්තා කළේ ය. 

    සම්පූර්ණ ලිපිය

  • Inflation in May 2016

    ජනලේඛන සහ සංඛ්‍ය‍ාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 අප්‍රේල් මාසයේ දී වාර්තා කළ සියයට 4.3 හි සිට 2016 මැයි මාසයේ දී සියයට 5.3 දක්වා ඉහළ ගියේ ය. ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම කෙරෙහි නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන උප කාණ්ඩය හැරුණු විට අනෙකුත් ආහාර නො වන කාණ්ඩ මෙන් ම ආහාර කාණ්ඩය ද දායක විය. 

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 අප්‍රේල් මස වාර්තා වූ සියයට 2.6 හි සිට 2016මැයි මස දී සියයට 2.7 දක්වා ඉහළ ගියේ ය. 

  • Monetary Policy Review - June 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකා ආර්ථිකය 2015 වසරේ අවසන් කාර්තුවේ වාර්තා කරන ලද සියයට 2.5ක මූර්ත වර්ධනයට සාපේක්ෂ ව 2016 වසරේ පළමු කාර්තුව තුළ දී සියයට 5.5කින් වර්ධනය වී ඇත. 2016 වසරේ පළමු කාර්තුව තුළ දී පිළිවෙළින් සියයට 8.3කින් සහ සියයට 4.9කින් වර්ධනය වූ කාර්මික අංශය හා සේවා අංශය ආශ්‍රිත ක්‍රියාකාරකම් ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර කෘෂිකර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙම කාල සීමාව තුළ දී සියයට 1.9ක මන්දගාමී වර්ධනයක් වාර්තා කළේ ය. පළමු කාර්තුව තුළ වාර්තා කරන ලද වර්ධන අනුපාතිකය වර්ෂය සඳහා වන ආර්ථික වර්ධන අපේක්ෂා සමඟ අනුකූල වේ. 

  • Commencement of Compensation Payment to CIFL Depositors

    මුදල් ව්‍යාපාර පනතේ 37(3) වගන්තියට අනුකූල ව 2018.03.05 දින සිට වලංගු වන පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. ආයතනයට නිකුත් කරනු ලැබූ බලපත්‍රය මුදල් මණ්ඩලය විසින් අවලංගු කරන ලදි.

    2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි (සංශෝධනය කරන ලද) ප්‍රකාර ව 2018.08.27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. ආයතනයේ රක්ෂණය කරන ලද තැන්පත්කරුවන් සඳහා හානිපූරණ ගෙවීම් ආරම්භ කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව සතුටින් දැනුම් දෙනු ලබයි.

  • Financial Intelligence Unit of Sri Lanka entered into a Memorandum of Understanding with Insurance Regulatory Commission of Sri Lanka

    2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 අගෝස්තු 01 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. රක්ෂණ අංශයට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ, අවදානම මත පදනම් කරගත් අධීක්ෂණ තුළින් අනාවරණය වූ තොරතුරු හුවමාරු කර ගැනීමේ රාමුවක් සැකසීම මෙහි පරමාර්ථය විය.

  • External Sector Performance - June 2018

    2018 ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. එක්සත් ජනපද ඩොලර් මගින් දැක්වූ විට වසර තුළ මෙතෙක් වාර්තා වූ අඩු ම වෙළෙඳ හිඟය ජුනි මාසයේ දී වාර්තා වුව ද, අපනයන ආදායම් ඉහළ යෑමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් ඉහළ යෑම හේතුවෙන් 2017 වසරේ ජුනි මාසය හා සැසැඳීමේ දී 2018 ජුනි මාසයේ දී වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2017 ජුනි මාසයට සාපේක්ෂ ව අඩු වීමක් පෙන්නුම් කළ ද, වසර ආරම්භයේ සිට දක්නට ලැබුණු වර්ධන ප්‍රවණතාව අඛණ්ඩ ව පවත්වා ගනිමින් 2018 ජුනි මාසයේ දී සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය.

  • Inflation in July 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 ජුනි මාසයේ දී පැවැති සියයට 2.5ට සාපේක්ෂ ව  2018 ජූලි මාසයේ දී සියයට 3.4ක් දක්වා ඉහළ ගියේ ය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් පෙර වසරේ පැවති පහළ පදනම සහ ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිලෙහි වූ මාසික ඉහළ යෑම හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 5.3 සිට 2018 ජූලි මාසයේ දී සියයට 5.1 දක්වා පහළ ගියේ ය. 

  • Clarification on the EPF’s equity investment in Weligama Hotel Properties Limited (WHPL)

    වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ මව් සමාගම වන ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොල වෙත ඉදිරිපත් කරන ලද සාංගමික හෙළිදරව් කිරීමක් සහ ඒ පිළිබඳව ඇතැම් මාධ්‍යවල පලවූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුවී තිබේ.

    වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ කොටස්, එච්පීඑල් ප්‍රොපර්ටීස් ගෲප් ආයතනය වෙත විකිණීමට අදහස් කරන බව 2018 ජූනි මාසයේදී වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ සභාපති විසින්, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත. ඉන් පසුව, මේ සම්බන්ධව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගම සමඟ සාකච්ඡා ගණනාවක් සිදුකරන ලදී. ඒ අනුව වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ සිදුකර ඇති කොටස් ආයෝජනයෙහි තක්සේරුවක් ලබාගැනීමට, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති අතර තක්සේරු ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතී.

Pages