ප්‍රාග්ධන ප්‍රවාහ තවදුරටත් ලිහිල් කිරීම සහ ජංගම ගිණුම් ගනුදෙනු සහ විවිධ වර්ගයේ විදේශ ව්‍යවහාර මුදල්/රුපියල් ගිණුම් සම්බන්ධයෙන් වූ ක්‍රියාවලීන් තවදුරටත් සරල කිරීම සඳහා නව විදේශ විනිමය නීති හඳුන්වාදෙන බව රජය විසින් 2016 අයවැය යෝජනාවේ ප්‍රකාශයට පත්කරන ලදී.
මෙම නිවේදනය හා සමගාමී ව, 1953 අංක 24 දරන විනිමය පාලන පනත ඉවත් කරමින් 2017 නොවැම්බර් 20 දින සිට විදේශ විනිමය මෙහෙයුම් සඳහා වූ නව නෛතික සහ ප්‍රතිපත්ති රාමුවක් 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගින් හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුතින් පිහිටුවන ලද විදේශ විනිමය දෙපාර්තමේන්තුව මගින් නව පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.
            








2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2016 සැප්තැම්බර් 27 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල් එම් එන් රණසිංහ සහ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එච් අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි.