මුදල් මණ්ඩලය විසින් 2017 අගෝස්තු මස 31 වැනි දින පැවැති රැස්වීමේ දී කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය, එස්. ගුණරත්න මහත්මිය, එන්. ඩබ්. ජී. ආර්. ඩී. නානායක්කාර මහතා, ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය, ජේ. පී. ආර්. කරුණාරත්න මහතා සහ කේ. ගුණතිලක මහත්මිය යන මාණ්ඩලික පන්තියේ IV වන ශ්‍රේණියේ නිලධාරීන් සය දෙනා 2017 අගෝස්තු මස 31 වැනි දින සිට සහකාර අධිපති තනතුරට උසස් කරන ලදී.
කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය
මුදල් මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කරන කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය එම තනතුරෙහි රාජකාරීවලට අමතර ව මූල්‍ය දෙපාර්තමේන්තුව සහ කාර්ය මණ්ඩල සේවා කළමනාකරණ දෙපාර්තමේන්තුව භාර සහකාර අධිපති වශයෙන් පත් කර ඇත.
            








ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රකාශනයක් වන 'ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2017' පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනයෙහි ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය මූල්‍ය, බැංකු සහ මූල්‍ය ආයතන, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ජනගහනය සහ ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, විදුලි සංදේශ සේවා සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල්වල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද ඇතුළත් වේ. ඊට අමතර ව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද ගෘහ ඒකක ආදායම් වියදම් පිළිබඳ සමීක්ෂණයෙන් ලබා ගත් ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය, දරිද්‍රතාව සහ කුටුම්භ ලක්ෂණවලට අදාළ දත්ත ද මෙහි අඩංගු ය.