දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 අගෝස්තු මස 2 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයෙහි අදහස වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය.
ඉහත තීරණය ගැනීමෙහි ලා පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය මෙන් ම මැදකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබී ය.








