• Licensed Banks to enhance Minimum Capital by end 2020

    ශක්තිමත් සහ ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නංවන ලදි. මේ සඳහා සලකා බලනු ලබන ප්‍රාග්ධනය බොහෝ දුරට අලාභ දරා ගැනීමට හැකි වන පරිදි ඉහළ ම ධාරිතාවකින් යුතු උසස් ගුණාත්මක බවක් ඇති ප්‍රාග්ධනයකි. 

    බැංකු සතු ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ බාසල් III රාමුව ක්‍රියාත්මක කිරීමට මෙම අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීම උපකාරී වන අතර බැංකු අංශය තුළ සිදු කරනු ලබන ඒකාබද්ධ කිරීම් සඳහා ද මෙය මග පෙන්වීමක් විය හැක.

    සම්පූර්ණ ලිපිය

  • External Sector Performance - August 2016

    වෙළෙඳ හිඟය පුළුල් වීම හමුවේ වුව ද සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල හිතකර වර්ධනයත් සමඟ 2016 අගෝස්තු මාසයේ දී විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. 2016 අගෝස්තු මාසය තුළ දී අපනයන සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ ද ආනයන වර්ධනය වීමත් සමඟ වෙළෙඳ හිඟය පුළුල් විය. කෙ සේ නමුත්, වෙළෙඳ ගිණුමේ බලපෑම අවම කරමින් සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය විය. මේ අතර, 2016 අගෝස්තු මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන සහ රජය වෙත වූ දිගු කාලීන ණය ලැබීම් මගින් මූල්‍ය ගිණුම ශක්තිමත් විය. 

    සම්පූර්ණ ලිපිය

  • Inflation in September 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 අගෝස්තු මාසයේ පැවති සියයට 7.9 ට සාපේක්ෂ ව 2017 සැප්තැම්බර් මාසයේ දී සියයට 8.6 ක් දක්වා ඉහළ ගියේ ය. 2017 සැප්තැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 6.5 හි සිට 2017 සැප්තැම්බර් මාසයේ දී සියයට 6.8  දක්වා ඉහළ ගියේ ය. 

  • 9th International Research Conference of Central Bank of Sri Lanka

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නව වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2016 වසරේ දෙසැම්බර් මස 2 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්තුණ ශාලාවේ දී පැවැත් වී ය.

  • SL Purchasing Managers’ Index Survey - November 2016

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 නොවැම්බර් මාසයේ දී 58.4ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙය 2016 ඔක්තෝබර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයන් 1.9කින් ඉහළ යෑමකි. මේ සඳහා, සේවා නියුක්තිය සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ ඉහළ වර්ධනය බෙහෙවින් දායක විය. තව ද, නව ඇණවුම් උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ ගියේ ය. මේ අතර, එළඹෙන උත්සව සමය සඳහා රැස් කර ගත් තොග භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගැනුම් තොග උප දර්ශකය නොවැම්බර් මාසයේ දී පහත වැටුණු අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ඉහළ ගියේ ය. කෙ සේ වුව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

  • Inflation in November 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ඔක්තෝබර් මාසයේ දී වාර්තා කළ සියයට 5.0 සිට 2016 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේ ය. 2016 නොවැම්බර් මස ලන්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 නොවැම්බර් මාසයේ දී ද පසුගිය මාසයේ වාර්තා වූ සියයට 4.0 නො වෙනස් ව පැවැතුණි. 

  • External Sector Performance - August 2017

    2017 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. අපනයන ආදායම වර්ධනය වුව ද, ආනයන වියදම වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් 2017 අගෝස්තු මාසයේ දී වෙළඳ හිඟය පුළුල් විය. 2017 අගෝස්තු මාසයේ දී සංචාරක ඉපැයීම් ඉහළ ගිය ද, පුළුල් වූ වෙළඳ හිඟය සමඟ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද අඩු වීම හේතුවෙන් විදේශීය ජංගම ගිණුමේ ක්‍රියාකාරිත්වය දුර්වල විය. කෙ සේ වෙතත්, විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමට (Foreign Currency Term Financing Facility) අදාළ දෙවන වාරිකය රජය වෙත ලැබීම මෙන් ම කොළඹ කොටස් හුවමාරුව සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ විදේශ විනිමය ලැබීම් හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගි‍ණුම සවිමත් විය.  

    සම්පූර්ණ ලිපිය

  • IMF Reaches Staff-Level Agreement on the Third Review of Sri Lanka’s Extended Fund Facility

    මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මතය වන අතර එ මගින් ‍‍‍ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු කිරීම අත්‍යවශ්‍ය නො වේ. මේ දක්වා නිරීක්ෂණය කොට ඇති කරුණු පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙළ කරනු ලබයි. එම වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත් තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙයි.

  • Monetary Policy Review - December 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව 2015 වසරේ තුන්වන කාර්තුවේ වාර්තා කරන ලද සියයට 5.6ක වර්ධනයට සාපේක්ෂ ව 2016 වසරේ තුන්වන කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.1කින් වර්ධනය වී ඇත. 2016 වසරේ තුන්වන කාර්තුව තුළ දී සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 4.7කින් වර්ධනය වී ඇති අතර කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් සියයට 6.8කින් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. කෙ සේ වෙතත්, මෙම කාලසීමාව තුළ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් අඛණ්ඩ ව දෙවන වතාවටත් පහළ යෑමක් පෙන්නුම් කරමින් කෘෂිකර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් වසරේ තුන්වන කාර්තුව තුළ දී සියයට 1.9කින් සංකෝචනය විය. අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා පැවැතිය ද, ප්‍රධාන ආර්ථික දර්ශකවල යහපත් වර්ධනය මෙන් ම, 2015 වසරේ අවසාන කාර්තුව තුළ පැවැති අඩු ආර්ථික වර්ධනයේ පදනම් බලපෑම හේතුවෙන් 2016 වසරේ අවසාන කාර්තුව තුළ දී ආර්ථික වර්ධනය වඩා ඉහළ අගයක් ගැනීමේ හැකියාවක් පවතී. 

  • Dr. Indrajit Coomaraswamy is named Central Bank Governor of the Year, South Asia by Global Capital Markets publication

    ජනප‍්‍ර‍්‍රිය ප‍්‍ර‍්‍රකාශන ආයතනයක්  GlobalCapital   විසින් දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නම් කර ඇති බව ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුව සතුටින් නිවේදනය කරයි. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාර හා සමගාමී ව 2017 ඔක්තෝබර් 14 වන දා වොෂින්ටනයේ දී පැවැත්වූ GlobalCapital Markets සම්මාන ප‍්‍ර‍්‍රදානෝත්සවයේ දී මෙම සම්මානය ප‍්‍ර‍්‍රදානය කර තිබේ.  GlobalCapital යනු ජාත්‍යන්තර ප‍්‍ර‍්‍රාග්ධන වෙළෙඳපොළ හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් සහ ආයතන සඳහා ප‍්‍රවෘත්ති, උපදෙස් සහ දත්ත ලබා දෙන සේවාවකි.

    (බලන්න  http;//www.globalcapital.com/about-global-capital )

Pages