• Ban on Willfully Mutiled, Alterated and Defaced Sri Lankan Currency Notes

    පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය හා ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මතා විකෘති කිරීම, හානි කිරීම හා වෙනස් කිරීම පිළිබඳ රෙගුලාසි  ක්‍රියාත්මක කිරීම වෙත ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගේ අවධානය යොමු කරවයි. ව්‍යවහාර මුදල් නෝට්ටුවල ගුණාත්මක තත්ත්වය පවත්වා ගෙන යාම අරමුණු කර ගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය හඳුන්වා දුන් අතර එය අව්‍යාජ හා ව්‍යාජ නෝට්ටු අතර වෙනස හඳුනා ගැනීමට උපකාරී වේ. තව ද, රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සහ ව්‍යවහාර මුදල් නොට්ටු හැසිරවීමේ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම ද මෙයින් බලාපොරොත්තු වේ.

  • SAARCFINANCE Coordinators’ Meeting held in Colombo on 1 September 2016

    The Central Bank of Sri Lanka hosted the 24th SAARCFINANCE Coordinators’ Meeting at the Central Bank premises, Colombo, on 1st September 2016. The 24th SAARCFINANCE Coordinators’ Meeting was attended by SAARCFINANCE Coordinators and Focal Points from the Central Banks and Ministries of Finance in the SAARC region.

    The broad objective of SAARCFINANCE is to promote cooperation among Central Banks and Ministries of Finance in SAARC Member States to forge closer cooperation on macroeconomic policies of Member States and to share experiences and expertise within the region. 

  • External Sector Performance - June 2016

    වෙළෙඳ හිඟය පුළුල් වීමත් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම්වල වර්ධනය සාපේක්ෂ ව අඩු වීමත් සමඟ 2016 ජූනි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය මධ්‍යස්ථ මට්ටමක පැවතුණි. වසරේ පළමු මාස හතර තුළ දී ක්‍රමික අඩු වීමක් පෙන්නුම් කළ වෙළෙඳ හිඟය මැයි සහ ජූනි මාස තුළ දී අපනයන මෙන් ම ආනයනයන්හි ද සිදු වූ දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඉහළ ගියේ ය. වසරේ පෙර මාස සමඟ සැසඳීමේ දී ජූනි මාසය තුළ දී සංචාරක ඉපැයීම් අඩු වර්ධනයක් වාර්තා කළ අතර විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල වර්ධනය ද මධ්‍යස්ථ විය. කෙ සේ නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ පළමු වාරිකය ලැබීම සහ ඒකාබද්ධ ණය පහසුකම මගින් වූ ලැබීම් හේතුවෙන් මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ඉහළ ගියේ ය.

  • Central Bank of Sri Lanka - 10th International Research Conference

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දසවැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2017 වසරේ දෙසැම්බර් මස 8 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වී ය. මෙම සමුළුව ප්‍රතිපත්ති සම්පාදන සහ අධ්‍යාපන ආයතනවල පර්යේෂකයන් සඳහා තම අත්දැකීම් සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා සංසදයක් සකස් කර දෙන අතර ම මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ නව්‍ය පර්යේෂණ සිදු කිරීම දිරිගැන්වීම අරමුණු කර ගනිමින් දීප්තිමත් අනාගතයක් සඳහා වූ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යන තේමාව යටතේ පවත්වනු ලැබීය.

  • The International Monetary Fund Releases the Fourth Tranche of USD 251.4 million under the Extended Fund Facility

    ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් සම්පූර්ණ කරන ලද අතර ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර්මි ලියන 251.4 ක) වටිනාකමින් යුතු සිව්වැනි වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැර ඇත.

  • The Central Bank Further Strengthens Resolution Measures on Finance Companies

    The Central Bank has observed certain erroneous news items published in few newspapers raising concerns over financial problems confronted by a few licensed finance companies. Therefore, the Central Bank wishes to clarify facts behind the inaccuracy of such news in the public interest.

  • Sri Lanka Purchasing Managers’ Index Survey - August 2016

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජූලි මාසයේ දී වාර්තා කළ 50.6 සිට 2016 ගෝස්තු මාසයේ දී 53.5ක් දක්වා දර්ශක අගයන් 2.9කින් ඉහළ ගියේ ය. මේ සඳහ‍ා නව ඇණවුම්, සේවා නියුක්තිය සහ නිෂ්පාදන දර්ශකවල වර්ධනය බෙහෙවින් දායක විය. මෙහි දී පසුගිය මාසයට සාපේක්ෂ ව ගැනුම් තොග දර්ශකය නො වෙනස් ව පැවැති අතර අනෙකුත් සියලු ම උප දර්ශක ඉහළ ගියේ ය. විශේෂයෙන් ම, නව ඇණවුම්, සේවා නියුක්තිය සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය. තව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50ට වඩා වැඩි අගයක් වාර්තා කළේ ය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.

  • Release of 'A Step by Step Guide to Doing Business in Sri Lanka' and 'Sri Lanka Socio-Economic Data – 2016' Publications

    The sixth edition of “A Step by Step Guide to Doing Business in Sri Lanka” has been now published by the Central Bank of Sri Lanka (CBSL). This publication contains useful regulatory information on starting, operating and closing a business enterprise in Sri Lanka. As proposed by the relevant institutions, the necessary amendments up to the first quarter of 2016 are incorporated into this edition.

    This is a useful source document with all information in one place for the business community and foreign investors and will assist by reducing the search costs, time and inconvenience in accessing such information.

  • Sri Lanka Prosperity Index - 2016

    සමස්ත රටේ සහ එහි පළාත්වල සෞභාග්‍ය තත්ත්වය මැනීම සහ සැසඳීම සිදු කරනු ලබන බහුමාන දර්ශකයක් වන ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය පෙර වසරේ වාර්තා කළ 0.685ක අගයේ සිට 2016 වසරේ දී 0.746 දක්වා වර්ධනය වී ඇත. ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකයේ උප දර්ශකවල හැසිරීම විශ්ලේෂණය කිරීමේ දී 2015 වසරේ සිට 2016 වසර දක්වා වූ කාල පරිච්ඡේදය තුළ දී ආර්ථික සහ ව්‍යාපාරික පරිසරය සහ ජන ජීවිතයේ යහපැවැත්ම මනිනු ලබන උප දර්ශක වර්ධනය වූ අතර සමාජ ආර්ථික යටිතල පහසුකම් උප දර්ශකය සුළු වශයෙන් අඩු විය. 

  • Regulatory Actions on Distressed Finance Companies

    2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කර ගෙන යෑම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය වෙත ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කිරීමේ නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2017.11.06 වැනි දින තීරණය කරන ලදි. 

    ආයතනයේ දුර්වල කළමනාකරණය සහ කළමනාකාරිත්වය විසින් සිදු කළ අක්‍රමවත් ගනුදෙනු නිසා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය 2013 වර්ෂයේ සිට බලවත් ද්‍රවශීලතා අර්බුදවලට මුහුණ දෙමින් සිටියි. මෙම ආයතනයේ අධ්‍යක්ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් ව්‍යාපාරයේ වත්කම්වල වටිනාකම වංචනික ව වැඩි අගයකින් පෙන්වා ඇති අතර එම වත්කම් ව්‍යාජ හෝ වෙනත් බැඳීම්වලට යටත් බව ඒ හා සම්බන්ධ ලේඛණ පරික්ෂාවට ලක් කිරීමේ දී අනාවරණය වී ඇත. 

Pages