ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම සඳහා සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව ආරක්ෂා කරමින් මෑත අතීතයේ දී මුහුණ දුන් ආර්ථික අභියෝග ජය ගැනීමේ දී ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වය පිළිබිඹු කිරීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම සඳහා 2025 මැයි 23 වන දින කොළඹ දී මූල්‍ය ස්ථායීතා සමුළුව පැවැත්වීය. කලාපීය සහ ජාත්‍යන්තර විශේෂඥතාව ඒකාබද්ධ කරමින්, මූල්‍ය ස්ථායීතා අභියෝග සහ ප්‍රතිපත්ති ප්‍රතිචාර පිළිබඳ අත්දැකීම් සහ අවබෝධයන් බෙදා ගැනීමට මෙම සමුළුව වටිනා අවස්ථාවක් ලබා දුන් අතර, එමගින් දේශීය මෙන්ම විදේශීය වශයෙන් සහභාගී වූ පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ හිමි විය.
-
Central Bank of Sri Lanka holds the Financial Stability Conference to celebrate the 75th Anniversary
-
Central Bank of Sri Lanka hosted the FSB RCG Asia Meeting in Colombo on 22 May 2025
මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි (Financial Stability Board) ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම (Regional Consultative Group for Asia) 2025 මැයි 22 වන දින කොළඹ දී රැස් විය. 2024 අප්‍රේල් මාසයේ දී ආසියානු කලාපීය උපදේශක කණ්ඩායම් රැස්වීම සාර්ථකව පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුව මෙම රැස්වීමෙහි සත්කාරකත්වය දැරූ දෙවන අවස්ථාව මෙය විය.
-
The Central Bank of Sri Lanka further reduces the Overnight Policy Rate (OPR)
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින පැවති සිය රැස්වීමේ දී, මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙම ලිහිල් කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අඩු උද්ධමන පීඩන මධ්‍යයේ උද්ධමනය 5%ක ඉලක්කය කරා ළඟාවීම සඳහා සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය.
-
SL Purchasing Managers’ Index (PMI) – April 2025
2025 අප්‍රේල් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින්, පෙර වසරවල අප්‍රේල් මාසය තුළ පැවති රටාවට අනුගත වෙමින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් පෙන්නුම් කරන අතර, සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
-
Central Bank of Sri Lanka Launches the Sustainable Finance Roadmap 2.0
දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන සහ සමාජීය වශයෙන් සැමට ප්‍රතිලාභ අත්වන මූල්‍ය පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන අඛණ්ඩ උත්සාහයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව 2025 මැයි 05 වන දින තිරසර මූල්‍ය පෙරදැක්ම 2.0 මහ බැංකු සන්ථාගාරයේ දී දියත් කරන ලදී.
-
External Sector Performance – March 2025
2023 වසරේ ජනවාරි මාසයේ සිට මාසික ජංගම ගිණුම් සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය 2025 වසරේ මාර්තු මාසයේ දී අඛණ්ඩව ශක්තිමත් විය.
-
CCPI in April 2025 signals a further easing of deflationary conditions
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් 2025 මාර්තු මාසයේ දී ආරම්භ වූ අවධමන තත්ත්වය ලිහිල්වීම 2025 අප්‍රේල් මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 2.6ක අවධමනයට සාපේක්ෂව 2025 අප්‍රේල් මාසයේ දී සියයට 2.0ක පහළ අවධමනයක් වාර්තා කළේය.
-
Sri Lanka PMI - Construction indicates an expansion in March 2025
සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මගින් පිළිබිඹු වන පරිදි, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇත. ප්‍රධාන වශයෙන් ස්ථාවර මිල මට්ටම් සහ යහපත් කාලගුණික තත්ත්වයන් මත පවතින හිතකර ආර්ථික වාතාවරණය හේතුවෙන්, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් මෙම මාසය ඇතුළත ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වූ බව වාර්තා කරන ලදී.
-
The Central Bank of Sri Lanka Releases the Publication on Financial Statements and Operations for the Year 2024
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 99(2) වගන්තිය අනුව ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2024’ වාර්තාව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අතිගරු ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත 2025 අප්‍රේල් 29 වන දින පිළිගන්වන ලදි.
-
CBSL Governor and Secretary to the Treasury represent Sri Lanka at the Global Sovereign Debt Roundtable (GSDR)
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහතා, වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදල) සහ ලෝක බැංකු සමූහයේ වසන්ත රැස්වීම්වලට සමගාමීව, 2025 අප්‍රේල් 23 වන දින පැවැත් වූ ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුව සඳහා සහභාගී වූහ.