2020 ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.
ඔක්තෝබර් මස මුල සිට ආරම්භ වූ COVID-19 වසංගතයේ දෙවන රැල්ලේ අහිතකර බලපෑම් හේතුවෙන් 2020 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන කටයුතු වල ක්‍රියාකාරීත්වයේ පහළ යාමක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව, විශේෂයෙන්ම ඇඟලුම් නිෂ්පාදන සහ ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශවල නිෂ්පාදනය, නව ඇණවුම්, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් වල සිදුවු සැලකිය යුතු පහළ යාම හේතුවෙන් නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ඔක්තෝබර් මාසයේදී 40.3ක් දක්වා පහළ යන ලදී.