දිවයිනේ වාණිජ සහ පරිපාලන අගනගර ඇතුළත් බස්නාහිර පළාත, අඛණ්ඩව ආර්ථිකයේ පෙරගමන්කරු ලෙස දායකත්වය ලබා දී ඇත. කෙසේ වුවද, පළාත්බද වර්ධන විෂමතාවන්ගේ අඩු වීම පිළිඹිබු කරමින් බස්නාහිර පළාත ද.දේ.නි සඳහා දැක්වූ දායකත්වය, 2019 වසරේදී යම් අඩු වීමක් පෙන්නුම් කර ඇත.
රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි) ඉහළම දායකත්වය (සියයට 39.1) බස්නාහිර පළාත විසින් ලබා දී ඇත. කෙසේ වෙතත්, සෙසු පළාත්වල දායකත්වයන්හි වර්ධනය හේතුවෙන් මෙම අගය 2018 ට සාපේක්ෂව සියයට 0.5 කින් අඩු වී ඇත. මධ්‍යම පළාත (සියයට 11.5) සහ වයඹ පළාත (සියයට 10.7) පිළිවෙලින් දෙවන සහ තෙවන ඉහළම දායකත්වයන් ලබා දී ඇත.