• Imposition of Penalties to Enforce Compliance on Financial Institutions During 2020 by the Financial Intelligence Unit (FIU)

    2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නො වන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතන හෝ නම් කරන ලද මූල්‍ය නො වන ව්‍යාපාර විසින් සිදු කරන අදාළ අනුකූල නො වන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකි ය.

    ඒ අනුව, රටේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2020 ජූනි 01 සිට 2020 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රුපියල් මිලියන 2.3ක දඩ මුදලක් පනවන ලදී. මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන වෙත පනවනු ලෑබූ දණ්ඩන, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මෙරට අනුකූලතා මට්ටම වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රසිද්ධ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළේ ය.

  • Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2021 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

  • Continuation of Measures Taken to Preserve the Foreign Currency Reserve Position of Sri Lanka

    රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සහ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇති විය හැකි සෘණාත්මක බලපෑම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත පදනම් ව පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිත ව ගරු මුදල් අමාත්‍යවරයා විසින් 2020 ජූලි 2 දිනැති අංක 2182/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි පළ කරන ලද නියමයෙහි වලංගු කාලය 2021 ජනවාරි 2 දින සිට තවත් මාස හයක කාලයකින් දීර්ඝ කරමින් 2020 දෙසැම්බර් 18 දිනැති අංක 2206/25 දරන ගැසට් නිවේදනයේ පළ කරන ලද නියමය නිකුත් කරන ලදී.

  • Road Map 2021: Monetary and Financial Sector Policies for 2021 and Beyond

    2020 වසර අප බොහෝ දෙනෙකු හැකි ඉක්මනින් අමතක කර දැමීමට කැමති වසරක් වනුයේ ප්‍රධාන වශයෙන් කොරෝනා වසංගතය මගින් ලොව පුරා මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි ඇති කරන ලද භයානක බලපෑම් හේතුවෙනි. අප දැනට අත්දකින මෙම කොවිඩ්-19 වසංගතය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ අන් සෑම අභියෝගයකටම වඩා දරුණුතම ගෝලීය අර්බුදය යි. පසුගිය මාස දහයක පමණ කාලය තුළ අපට අසන්නට ලැබුණේ ඛේදවාචක, මරණ හා බිය ගෙනෙන තොරතුරු ය. අප ජීවිතවලට අතිමහත් කම්පන ගෙන දුන් අවස්ථා තිබූ අතර, නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට තවත් කොපමණ කලක් ගත වේදැයි අපි නොදනිමු. කෙසේ වෙතත්, අපට නව වසරක් උදා වී ඇති අතර, තත්ත්වය තරමක් ඉක්මනින් යහපත් අතට හැරෙනු ඇති බවට අපේක්ෂා මෙන්ම සැබෑ සාධක ද පෙනෙන්නට ඇත. 2020 වසරේ අප්‍රසන්න සිහිවටන පසෙක ලා ඉදිරියට යන අප, අනාගතය පිළිබඳව ධනාත්මකව සිතිය යුතු අතර, ඛේදවාචක පිලිබඳ අනාවැකි පළකරන්නන් කුමක් කීව ද සුභදායක හා අපේක්ෂා සහගත බවක් අප වටා ජනිත කිරීම වැදගත් ය.

  • CCPI based Inflation increased marginally to 4.2 per cent in December 2020

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 10.3හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 9.2 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.6හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 2.0 දක්වා ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස 2020 දෙසැම්බර් මාසයේ දී අඛණ්ඩව තෙවන මාසයටත් සියයට 4.6හි නොවෙනස්ව පැවතුණි.

  • The Central Bank of Sri Lanka issues an Uncirculated Commemorative Coin to mark its 70th Anniversary

    1950 අගෝස්තු මාසයේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ සමෘද්ධිය උදෙසා සුවිශේෂී හා වටිනා දායකත්වයක් ලබා දෙමින් වසර 70 ක් සම්පූර්ණ කර ඇත. සිය 70 වන සංවත්සරය සංකේතවත් කරමින්, පහත සඳහන් ප්‍රධාන ලක්‍ෂණ සහිත මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා නොවන සමරු කාසියක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

  • Sri Lanka Prosperity Index - 2019

    ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2018 වසරේ වාර්තා කළ 0.811 ක අගයට සාපේක්ෂ ව 2019 වසරේ දී 0.802ක අගයක් වාර්තා කළේ ය. මේ සඳහා 'ආර්ථික සහ ව්‍යාපාර පරිසරය' සහ 'සමාජ-ආර්ථික යටිතල පහසුකම්' යන උපදර්ශකයන්හි පහළ යෑම හේතු වී ඇති අතර ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකය මෙම වසර තුළ දී වැඩිදියුණු වී ඇත.

  • Announcement of the Road Map: Monetary and Financial Sector Policies for 2021 and Beyond

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති විසින් 2021 සහ ඉදිරියට මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීම 2021 ජනවාරි මස 04 වැනි සඳුදා සිදු කිරීමට නියමිත ව ඇත.

    දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පෙර දැක්ම එළිදැක්වීම අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන අතර මෙම වීඩියෝව 2021 ජනවාරි 04 වැනි සඳුදා පෙරවරු 11.00ට ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය හරහා නැරඹිය හැක.

  • The Central Bank takes Steps to Stem the Undue Depreciation of the Rupee

    විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත. මෙම ක්‍රියාමාර්ගත් අත්යවශ්ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය 2020 නොවැම්බර් මස නිරීක්ෂණය කළ එ.ජ. ඩොලරයට රුපියල් 185ට වඩා අඩු මට්ටමකට අතිප්රමාණය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

  • NCPI based Inflation decreased in November 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.5හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ ගියේය. 2019 නොවැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 10.6හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 9.4 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.5හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 1.7 දක්වා ඉහළ ගියේය.

Pages