ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 6.3හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේය. 2019 ජූලි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, 2020 ජුනි මාසයේ දී සියයට 13.6හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 ජූලි මාසයේ දී සියයට 12.9 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ පැවති සියයට 0.8හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 1.0 දක්වා ඉහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 ජුනි මාසයේ පැවති සියයට 5.6හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 5.9 දක්වා ඉහළ ගියේය.