2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි වු බලපත්‍රලාභී මූල්‍ය සමාගම් කිහිපයක අසාර්ථකත්වය සහ පසු ව බලපත්‍රය අහෝසි කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරූ මාධ්‍ය වාර්තා කිහිපයක් මෑත කාලීන ව නිරීක්ෂණය විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික පරමාර්ථයක් වන මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල ස්ථායිතාව ශක්තිමත් කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය කරනු ලැබේ. අවම ප්‍රාග්ධනය, අවම ද්‍රවශීලතාව සහ ප්‍රතිපාදන වෙන් කිරීම්, කේන්ද්‍රගත වීමේ අවධානම (Concerntration Risk) සහ සාංගමික යහපාලන අවශ්‍යතා (Corporate Governance Requirements) මගින් එම ස්ථායිතාව සහතික කරනු ලැබේ.