ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 පෙබරවාරි මාසයේ පැවති සියයට 8.1හි සිට 2020 මාර්තු මාසයේ දී සියයට 7.0 දක්වා පහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 පෙබරවාරි මාසයේ දී සියයට 16.3හි පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 මාර්තු මාසයේ දී සියයට 14.1 දක්වා පහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ 2020 මාර්තු මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 1.8ක් විය.
-
NCPI based Inflation decreased in March 2020
-
Remittance of Funds to Sri Lankans Abroad to Pursue Studies and on Short Term Visits, to Meet Their Expenses
දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විවේක හා නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්‍රණ හා සමුළු, වෛද්‍ය ප්‍රතිකාර, ක්‍රීඩා, විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු හෝ වෙනත් ඕනෑ ම කටයුත්තක් වෙනුවෙන් සහ ශිෂ්‍ය හෝ ඊට සමාන වීසා බලපත්‍ර මත විදේශගත වී සිටින තම පවුලේ සාමාජිකයන් වෙත එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් යැවීමට ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයිත් උනන්දු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක් වී ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පැහැදිලි කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වේ.
-
Sri Lanka Purchasing Managers’ Index - March 2020
COVID-19 වසංගතය මගින් ඇති වූ අහිතකර බලපෑම නිසා නිෂ්පාදන ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස පහළ ගියේ ය. නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 පෙබරවාරි මාසයට සාපේක්ෂ ව 2020 මාර්තු මාසයේ දී දර්ශකාංක 23.6කින් පහළ යමින් දර්ශක අගය වූ 30.0ක් බවට පත් වූ අතර එය මෙතෙක් වාර්තා කළ අඩු ම අගය වේ. COVID-19 වසංගතය මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශය කෙරෙහි ඇති බලපෑම පිළිබිඹු කරමින් නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල සිදු වූ සැලකිය යුතු පහළ යාම, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම පහළ යාම සඳහා ප්‍රධාන ලෙස හේතු විය.
-
The Central Bank of Sri Lanka Reduces the Bank Rate
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 අප්‍රේල් මස 15 වැනි දින පැවැති රැස්වීමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2019 මැයි මස 31 වන දින සිට සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300 ක ආන්තිකයක් සහිත ව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) හා අනුකූල ව ස්වයංක්‍රීය ව ගැළපීම සඳහා ඉඩ හැරීමට තීරණය කරන ලදී.
-
Measures taken by the Central Bank of Sri Lanka to Provide Flexibility to Non-Bank Financial Institutions (NBFIs) to Support Businesses and Individuals Affected by the Outbreak of Coronavirus
කොරෝනා ව්‍යසනය හෙවත් (covid-19) මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම සඳහා අවශ්‍ය නම්‍යශීලීත්වය බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් ඇතුළත් බැංකු නො වන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට තීරණය කර ඇත. ඒ යටතේ, ප්‍රාග්ධන වර්ධන අවශ්‍යතාව සහ අවම ද්‍රවශීල වත්කම් පවත්වා ගැනීම ඇතුළු නියාමන අවශ්‍යතා නම්‍යශීලී කිරීම සහ බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා ද්‍රවශීලතා ආධාර සැපයීම යන ක්‍රියාමාර්ග අඩංගු වේ.
-
Introducing a Special Deposit Account to Support the National Effort to Manage the Challenges Faced due to COVID-19 Outbreak
කොවිඩ් - 19 වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විමසීමෙන් පසු ව ශ්‍රී ලංකා රජය විසින් විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වා දී තිබේ.
-
The Government and the Central Bank of Sri Lanka Introduce Further Measures to Preserve the Foreign Currency Reserve Position of Sri Lanka
රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම, විදේශ විනිමය අනුපාතය මත දැනට පවතින පීඩනය අවම කිරීම සහ කොවිඩ් - 19 (Covid – 19) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති විය හැකි අයහපත් බලපෑම සළකා බලා, ගරු මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ ප්‍රාග්ධන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් මාස තුනක (03) කාල සීමාවක් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග පනවමින් නියෝගයක් නිකුත් කරන ලදී.
-
The Central Bank of Sri Lanka Further Reduces Policy Interest Rates
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 අප්‍රේල් මස 03 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.00 සහ සියයට 7.00 දක්වා පදනම් අංක 25කින් 2020 අප්‍රේල් මස 03 වැනි දින ව්‍යාපාර කටයුතු අවසාන වන වෙලාවේ සිට බල පැවැත්වෙන පරිදි අඩු කිරීමට තීරණය කළේ ය. මෙම තීරණය මගින් වෙළෙඳපොළ තත්ත්වයන් ලිහිල් කිරීම සදහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග සදහා සහයක් ලැබෙන අතර, කොරෝනා වෛරස (COVID-19) ගෝලීය වසංගතය මගින් සහ එය රට තුළ තවදුරටත් පැතිරයාම පාලනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත දේශීය මුල්‍ය වෙළෙදපොළ මගින් තවදුරටත් සහන සැලසීමට අවකාශ ලැබෙනු ඇත.
-
Central Bank of Sri Lanka Decides to Establish a Rupees 50 Billion, Six Month Re-Financing Facility and Issues Instructions to Financial Institutions to Support Covid-19 Hit Businesses and Individuals
කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා ණය සහන කාලයක් (ප්‍රාග්ධනය හා පොලී සඳහා) සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය පහසුකම් ඇතුළු පුළුල් සහන සැපයීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් 2020.03.20 වැනි දින ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිමූල්‍ය පහසුකමක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇත. බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් (මූල්‍ය ආයතන) 2020.03.25 වැනි දින සිට ක්‍රියාත්මක මෙම ප්‍රතිමූල්‍ය පහසුකමට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබන අතර දැනුම් දී ඇති සහනයන් ලබා දෙනු ඇත. සහනයන් සහ ප්‍රතිමූල්‍ය පහසුකමේ ප්‍රධාන අංශ පහත පරිදි වේ.
-
Inflation decreased in March 2020
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 පෙබරවාරි මාසයේ පැවති සියයට 6.2හි සිට 2020 මාර්තු මාසයේ දී සියයට 5.4 දක්වා පහළ ගියේ ය. මේ සඳහා, ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්වල සිදු වූ පහළ යෑම හේතු විය. ඒ අනුව, 2020 පෙබරවාරි මාසයේ දී සියයට 14.7හි පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 මාර්තු මාසයේ දී සියයට 12.8 දක්වා පහළ ගියේ ය. මේ අතර ආහාර නො වන කාණ්ඩයේ 2020 මාර්තු මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.5ක් විය.