පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අසතුටුදායක මට්ටමකට පහත වැටී ඇති අතර, වහා ම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් කොවිඩ්-19 වසංගතය ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව මත ඉදිරි කාලයේ දී දැඩි බලපෑමක් ඇති කළ හැකි ය. මෙම වාතාවරණය තුළ, ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප්‍රයත්නයන්ට සහාය දීමක් වශයෙන්, 1949 අංක 58 දරන මුදල් නීති පනතෙහි 83 වගන්තිය යටතේ නව ණය වැඩසටහන් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය විසින් 2020 ජූනි 16 දින පැවැති රැස්වීමේ දී තීරණය කරන ලදී.
-
The Central Bank of Sri Lanka Implements New Credit Schemes to Support the Revival of the Economy
-
The Central Bank of Sri Lanka Further Reduces the Statutory Reserve Ratio
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කළේ ය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි.
-
Sri Lanka Purchasing Managers’ Index - May 2020
නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 මැයි මාසයේ දී සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් 49.3ක අගයක් වාර්තා කළේ ය. මෙය අප්‍රේල් මාසයෙහි වාර්තා වූ සමීක්ෂණය ආරම්භයේ සිට මෙතෙක් පැවති අවම අගය වන 24.2ට සාපේක්ෂ ව දර්ශකාංක 25.1ක ඉහළ යෑමකි. සංචරණ සඳහා පනවා තිබූ නීති ක්‍රමයෙන් ලිහිල් කිරීම, නිෂ්පාදන අංශයෙහි ආර්ථික ක්‍රියාකාරකම් යථාවත් වීම කෙරෙහි ප්‍රධාන ලෙස දායක විය.
-
Statement by Deshamanya Professor W.D. Lakshman Governor of the Central Bank of Sri Lanka
ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සහ මූල්‍ය ආයතන දුර්වල මට්ටමක පවතින බවත් එවැනි ආයතනවල සිදු කරනු ලබන තැන්පතු අහිමි වී යාමේ අවදානමකට පොදු මහජනතාව මුහුණ දී ඇති බවත් ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයෝ පදනම් විරහිත අනුමාන ප්‍රකාශ කරමින් සිටිති.
රටේ මහජනතාවගේ තැන්පතු භාර ගන්නා බැංකු සහ බැංකු නො වන මූල්‍ය ආයතන දෙවර්ගයෙහි ම නියාමකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලු ම පියවර අඛණ්ඩ ව ගන්නා බවට ප්‍රතිඥා දෙයි. මෙම තත්ත්වයන් යටතේ මූල්‍ය ආයතන සහ ඒවායේ ස්ථාවරභාවයට අදාළ සත්‍ය තත්ත්වයන් පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීම මෙම ප්‍රකාශනයේ අපේක්ෂාවයි.
-
Compensation Payments to the Depositors of The Finance Company PLC under Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ වූ ප්‍රතිපාදනයන්ට අනුව ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයට මූල්‍ය ව්‍යාපාර කටයුතුවල නියැලීම සඳහා ලබා දී තිබූ බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020.05.22 වන දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි කර ඇත.
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ පවතින ප්‍රතිපාදන අනුව රක්ෂණය වී ඇති සියලු ම තැන්පත්කරුවන්ට රුපියල් 600,000.00ක උපරිමයක් දක්වා වන්දි ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ඇත. නො ගෙවූ ශේෂයක් වෙතොත් ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ වත්කම් ඈවර කිරීමෙන් පසු ව එකී මුදල් ලබා දෙනු ඇත.
-
External Sector Performance - March 2020
කොවිඩ්-19 (COVID-19) වසංගතය සහ 2020 වසරේ මාර්තු දෙවන භාගයේ සිට ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික කටයුතු අර්ධ වශයෙන් සීමා කිරීම 2020 වසරේ මාර්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වයට බලපා ඇත. සැපයුම් සහ ඉල්ලුම් දාම බිඳ වැටීම හා දේශීය නිෂ්පාදන ක්‍රියාවලීන්ට බාධා ඇති වීම හේතුවෙන් වෙළඳ භාණ්ඩ අපනයන මෙන්ම වෙළඳ භාණ්ඩ ආනයන ද සැලකිය යුතු ලෙස අඩු විය. කෙසේ වෙතත්, අපනයන ඉපැයීම් අඩු වීමට සාපේක්ෂව ආනයන වියදම් විශාල ලෙස අඩු වීමත් සමඟ වෙළඳ හිඟය, 2019 වසරේ එම කාලයට සාපේක්ෂව අඩු විය. ගෝලීය වශයෙන් විදේශ ගමන් සඳහා සීමා පැනවීම සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීම නිසා සංචාරක කර්මාන්තය දැඩි බලපෑමකට ලක් විය. වසංගතයේ බලපෑමට ලක් වූ රටවලින් සංක්‍රමණික සේවා නියුක්තිකයින් නැවත පැමිණීමත්, විදේශයන්හි සිටින සමහර සේවා නියුක්තිකයින්ගේ රැකියා අහිමි වීමත් සමඟ 2020 වසරේ මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස අඩු විය.
-
Suspension of Business of NatWealth Securities Limited
නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් බලපැවැත්වෙන විධානයන්ට අනුකූල වීමට අඛණ්ඩ ව නො හැකි වීම සලකා බලමින්, ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදු කරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2020 ජුනි 01 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාල සීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020.05.28 දින පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය කරන ලදී.
-
CCPI based Inflation declined further in May 2020
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 මැයි මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගිය අතර, 2019 මැයි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 13.2හි සිට 2020 මැයි මාසයේ දී සියයට 9.9 දක්වා පහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ද 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 2.1හි සිට 2020 මැයි මාසයේ දී සියයට 1.6 දක්වා පහළ ගියේ ය.
-
Cancellation of the licence of 'The Finance Company PLC'
2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ‘ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනය’, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සෙලින්කෝ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර එය උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් විය.
-
NCPI based Inflation decreased further in April 2020
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මාර්තු මාසයේ පැවති සියයට 7.0හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 5.9 දක්වා පහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම සහ 2019 අප්‍රේල් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 මාර්තු මාසයේ දී සියයට 14.1හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ දී සියයට 12.2 දක්වා පහළ ගියේ ය. මේ අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ද, 2020 මාර්තු මාසයේ දී පැවති සියයට 1.8හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 1.1 දක්වා පහත වැටුණි.