ශ්‍රී ලංකා මහ බැංකුව මුල්‍ය ආයතන සමඟ එක් ව LANKAQR ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ වැඩසටහන “රට පුරාම LANKAQR“ යන තේමාව යටතේ දීපව්‍යාප්ත වැඩසටහනේ පළමු අදියර ලෙස 2020 සැප්තැම්බර් මස 12 වන දින “මාතලේට LANKAQR“ තේමාව මත ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්විණි. මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහභාගී විය. බලපත්‍රලාභී මුල්‍ය ආයතන, ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතිවල බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවන් ලෙස ක්‍රියා කරන දුරකථන සමාගම් මෙන් ම ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම් නියෝජිතයන්, මාතලේ ප්‍රදේශයේ ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් මෙම උත්සවයට සහභාගී විය. මෙම වැඩසටහනෙහි අරමුණ වුයේ LANKAQR කේත පදනම් කර ගත් ඩිජිටල් ගෙවීම් භාවිතය දිරිමත් කිරීම සහ එමගින් පාරිභෝගිකයාට, ව්‍යාපාරිකයාට සහ ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමයි.
-
Launch of 'Ratapuraama LANKAQR' Public Awareness Campaign in Matale
-
Release of "Economic and Social Statistics of Sri Lanka - 2020" Publication
ශ්‍රී ලංකා මහ බැංකුවේ, වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2020” මහජනතාවගේ පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.
මෙම වසරේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වැනි සංවත්සරයට සමගාමීව සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රකාශනයේ අන්තර්ගතය, පරිශීලනය වඩාත් පහසු වන ලෙස නැවත පෙළගස්වන ලද අතර, තවත් සංඛ්‍යාන ප්‍රකාශනයට එක් කිරීමට ද කටයුතු කරන ලදී. ඒ අනුව, නව අනුවාදයේ සංඛ්‍යාන වගු ක්ෂේත්‍ර අටක් යටතේ වර්ගීකරණය කර ඇත. එනම්, 'ජාතික ගිණුම්', ආර්ථික හා සමාජ යටිතල පහසුකම්', 'මිල, වැටුප් සහ සේවා නියුක්තිය', 'විදේශ වෙළඳාම හා මූල්‍ය', 'රාජ්‍ය මූල්‍ය', 'මුදල් සහ ප්‍රාග්ධන වෙළඳපොළ','මුදල් අංශය' සහ අනෙකුත් රටවල සංඛ්‍යාන වශයෙනි.
මුද්‍රිත සහ වෙබ් යන මාධ්‍ය දෙකෙන්ම ලබා ගත හැකි මෙම ප්‍රකාශනය, සමාජ හා ආර්ථික සංඛ්‍යාන පිළිබඳව උනන්දු වන ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වනු ඇත.
-
CCPI based Inflation decreased in August 2020
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේය. 2019 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 10.9හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 12.3 දක්වා ඉහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 1.5හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 0.8 දක්වා පහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.8ක් ලෙස නොවෙනස්ව පැවතුණි.
-
Land Valuation Indicator - First Half of 2020
කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2020 වසරේ පළමු භාගයේ දී 141.6 ක අගයක් වාර්තා කරන ලද අතර, එහි වාර්ෂික වර්ධනය සියයට 7.1 ක් විය. මේ අතර, අර්ධ වාර්ෂික පදනම මත ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සියයට 2.0 ක් විය. පසුගිය කාල පරිඡේදයන්හි දී ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික සහ අර්ධ වාර්ෂික වර්ධනයන් පහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන ලදී.
ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය. වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 7.2 ක අගය කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වාර්තා වූ අතර, නේවාසික සහ වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි වර්ධනයන් සියයට 7.1 ක් විය.
-
Central Bank Extends the Deadline of Application for 4% Working Capital Loan Scheme until 30th September 2020
2020 අගෝස්තු 19 වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ කාලසීමාව දීර්ඝ කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකිය.
-
NCPI based Inflation decreased in July 2020
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජුනි මාසයේ පැවති සියයට 6.3හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේය. 2019 ජූලි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, 2020 ජුනි මාසයේ දී සියයට 13.6හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 ජූලි මාසයේ දී සියයට 12.9 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජුනි මාසයේ පැවති සියයට 0.8හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 1.0 දක්වා ඉහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2020 ජුනි මාසයේ පැවති සියයට 5.6හි සිට 2020 ජූලි මාසයේ දී සියයට 5.9 දක්වා ඉහළ ගියේය.
-
Establishment of Financial Consumer Relations Department of the Central Bank of Sri Lanka
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ, සංශෝධිත, 33 වන වගන්තියේ විධිවිධාන යටතේ නියාමනය කරනු ලබන ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කරනු ලබන සියලුම පැමිණිලි, දුක්ගැනවිලි හා විමසීම් පිලිබදව සේවය සැපයීම සඳහා සම්බන්ධ කර ගත හැකි මධ්‍යස්ථානය ලෙස “මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව” නමින් නව දෙපාර්තමේන්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020.08.10 දින සිට ස්ථාපනය කරන ලදී.
-
The Central Bank of Sri Lanka continues its Accommodative Monetary Policy Stance
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 අගෝස්තු 19 වැනි දින පැවති රැස්වීමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. විශේෂයෙන් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ලිහිල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සම්පූර්ණ බලපෑම වෙළඳපොළ ණය අනුපාතික මගින් තවමත් පිළිබිඹු නොවන හෙයින් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලදී. ආන්තික ණය ලබාගන්නන්හට සහාය වීම සඳහා ඉහළ අගයක පවතින ඇතැම් පොලී අනුපාතික අඩු කිරීමට අවශ්‍ය ඉලක්කගත ක්‍රියාමාර්ග ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.
-
Sri Lanka Purchasing Managers’ Index - July 2020
රටේ ආර්ථික ක්‍රියාකාරකම් යථාවත් වීම හේතුකොටගෙන, 2020 ජුනි මාසයට සාපේක්ෂව 2020 ජූලි මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක තව දුරටත් වර්ධනය විය.
ව්‍යාපාර කටයුතු යථාවත් වීමත් සමඟ නිෂ්පාදන ක්‍රියාකාරකම් ක්‍රමයෙන් පූර්ව COVID මට්ටම් කරා ළඟා වෙමින් පවතින බව පිළිබිඹු කරමින් නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ජූලි මාසයේදී 64.6ක අගයක් වාර්තා කරමින් අඛණ්ඩව ඉහළ යන ලදී. නිෂ්පාදනය සහ නව ඇණවුම් උපදර්ශක වල සිදුවු ඉහළ යාම නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය.
සේවා අංශයෙහි වර්ධනයක් අඛණ්ඩව දෙවන මාසයටත් පෙන්නුම් කරමින්, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ජූලි මාසයේ දී 51.4ක් දක්වා ඉහළ යන ලදී. 2020 ජුනි මාසයට සාපේක්ෂව නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම මෙම වර්ධනය සඳහා දායක වූ අතර, එමගින් COVID-19 වසංගතය හේතුවෙන් පසුබෑමකට ලක් වූ සේවා අංශය තවදුරටත් යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කෙරේ.
-
External Sector Performance - June 2020
දේශීය ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් සාමාන්‍ය වීමත් සමඟ, ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2020 වසරේ ජූනි මාසයේ දී තවදුරටත් ස්ථාවර විය. භාණ්ඩ අපනයන නැවත යථා තත්ත්වයට පත් වීම අපේක්ෂිත මට්ටම ඉක්මවා සිදු වීම සහ අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා පනවා ඇති සීමාවන් හේතුවෙන් භාණ්ඩ ආනයනය සැලකිය යුතු ලෙස අඩු වීමත් සමඟ, පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 2020 වසරේ ජූනි මාසයේ දී වෙළඳ හිඟය අඩු විය. කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීමෙන් පසු ප්‍රථම වතාවට විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ජූනි මාසයේ දී වර්ධනයක් වාර්තා කළේය. මෙම මාසය තුළ, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් ගෙවීම් වාර්තා විය. වෙළඳ හිඟය අඩු වීම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල 2020 වසරේ ජූනි මාසයේ දී සුළු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේය.