ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුල 2020 වර්ෂය ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කර ඇත. මෙම මෙහෙවරෙහි ප්‍රධාන අරමුණ වන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකු, අනෙකුත් මූල්‍ය ආයතන සහ ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් දැනටමත් හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ජනප්‍රිය කරවීමය. ජංගම දුරකතන මගින් ගෙවීම් කටයුතු සිදු කිරීමේ ප්‍රවනතාවයක් ඇති කිරීම මෙහි ඇති වැදගත් සාධකයකි. තාක්ෂණික වශයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාම සඳහා මෙම මෙහෙවර උපකාරී වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාස කරන අතර එම නිසා ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් විවිධ පියවර ගෙන ඇත.
-
The Central Bank Holds Payment App Awareness and Onboarding Session
-
Credit Support to Accelerate Economic Growth
රජය විසින් දැනටමත් නිවේදනය කර ඇති සහන සහ දිරිගැන්වීම් වලට අනුපූරක ලෙස, සුදුසුකම් ලත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ගැණුම්කරුවන් සඳහා විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක් ලබාදීමට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) එකඟවී ඇත.
ඒ අනුව, මෙම යෝජනා ක්‍රමය සියලුම බලපත්‍රලාභී බැංකු අතර ඒකාකාරී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා මාර්ගෝපදේශයන් ඇතුලත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. බැංකුවලට නිකුත් කර ඇති චක්‍රලේඛයට පහත පරිදි පිවිසිය හැකි අතර, යෝජනා ක්‍රමයෙහි ප්‍රධාන ලක්ෂණ පහත දක්වා ඇත.
-
IMF Staff Concludes Visit to Sri Lanka
නව රජයේ ප්‍රධානීන් හමුවීම සහ එහි ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2020 ජනවාරි 29 - පෙබරවාරි 07 කාලය තුළදී කොළඹට පැමිණි අතර, සිය සංචාරය අවසානයේ ගොරෙති මහත්මිය විසින් පහත ප්‍රකාශය සිදු කරන ලදී.
“මෑතකාලීන ආර්ථික ප්‍රවණතා සහ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර ඵලදායී සාකච්ඡාවන් පැවැත්වුණි. රටෙහි ඉහළ රාජ්‍ය ණය මට්ටම සහ ප්‍රතිමූල්‍යන අවශ්‍යතා හමුවේ සාර්ව ආර්ථික ස්ථායීතාව සහතික කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය, විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සංචිත ගොඩනැංවීම සඳහා වන තිරසාර ප්‍රයත්නයන් අවශ්‍ය වේ. රටෙහි වර්ධන විභවතාවය සහ සර්ව සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම ඉහළ නැංවීම අරමුණු කරගත් ව්‍යුහාත්මක සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඉතා තීරණාත්මක වේ.
-
CCPI based Inflation increased in January 2020
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.8හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ යන ලදී. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 6.3හි සිට 2020 ජනවාරි මාසයේ දී මාස 25කින් වාර්තා වූ ඉහළම අගය වන සියයට 12.4 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.9ක් ලෙස වාර්තා විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස, 2019 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.3හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 4.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.
-
The Central Bank of Sri Lanka Reduces its Policy Interest Rates
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 ජනවාරි 29 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය. මැදි කාලීනව අපේක්ෂිත සියයට 4-6 පරාසය තුළ මනාව පාලනය වී ඇති උද්ධමන අපේක්ෂා සහිත වාතාවරණයක් තුළ, මෙම මුදල් ප්‍රතිපත්ති තීරණය මඟින් වෙළඳපොළ ණය අනුපාතික වල අඛණ්ඩ පහළයෑමට උපකාරී වන අතර, එමඟින් ආර්ථිකයේ අපේක්ෂිත යථා තත්ත්වයට පත්වීම සඳහා සහාය වනු ඇත.
-
Inflation increased in December 2019
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2018 දෙසැම්බර් මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 4.0 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 8.6 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2ක් ලෙස නො වෙනස් ව පැවතුණි.
-
Forensic Audits
වෝහාරික විගණනයන් පිළිබඳව මාධ්‍ය තුළ පළ වූ සමහර සාවද්‍ය තොරතුරු හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් පහත කරුණු ඉදිරිපත් කරනු ලැබේ.
-
External Sector Performance - November 2019
ආනයන සහ අපනයන අඩු වීම සමඟ 2019 නොවැම්බර් මාසයේදී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු විය. ආනයන වියදම සැලකිය යුතු ලෙස අඩු වීම හා අපනයන ආදායම සුළු වශයෙන් වැඩි වීම හේතුවෙන් 2019 වසරේ පළමු මාස එකොළහ තුළදී වෙළඳ හිඟය 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඩු විය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2019 වසරේ නොවැම්බර් මාසයේදී සංචාරක පැමිණීම්වල පහළ යෑමක් වාර්තා වුවද, සංචාරක කර්මාන්තය අඛණ්ඩව යථා තත්ත්වයට පත් වෙමින් පවතී. 2019 වසරේ නොවැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව අඩු වූ අතර, 2019 වසරේ පළමු මාස එකොළහ තුළදී සමුච්චිත පදනම මතද අඩු වීමක් වාර්තා කළේය. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජ.මු.අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනෙහි හත්වන වාරිකය ලැබීමත්, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත විදේශීය ශුද්ධ ලැබීම් වාර්තා වීමත් සමඟ ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම ශක්තිමත් විය.
-
Sri Lanka Purchasing Managers’ Index - December 2019
2019 දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් වර්ධනයක් පෙන්නුම් කරමින් දර්ශක අගය 54.3ක් ලෙස වාර්තා වූ අතර, නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තියේ සිදු වූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් ම හේතු විය.
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක 2019 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වුව ද වර්ධනයක් පෙන්නුම් කළේ ය. නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක අඩු වේගයකින් ඉහළ යාම කෙරෙහි රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි දක්නට ලැබුණු මන්දගාමී වර්ධනය ප්‍රධාන වශයෙන් හේතු විය. උත්සව සමයේ වඩා හොඳ වැටුප් සහිත තාවකාලික රැකියා සඳහා සමහර සේවකයින් යොමු වීම, විශේෂයෙන් ම රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි රැකියා නියුක්තියේ සැළකිය යුතු අඩු වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. නිෂ්පාදනයේ අඩු වර්ධනය කෙරෙහි ද මෙම සේවා නියුක්තියේ දක්නට ලැබුණු මන්දගාමීත්වය යම් දුරකට බලපා ඇත.
-
Road Map 2020 - Monetary and Financial Sector Policies for 2020 and Beyond
වර්තමානයේදී, ශ්‍රි ලංකා ආර්ථිකය පවතිනුයේ තීරණාත්මක සන්ධිස්ථානයකය. ස්වෛරී රාජ්‍යයක් ලෙස දශක ගණනාවක් පුරා සිදු කළ ප්‍රතිපත්ති සම්පාදනය තුළින් ආර්ථිකයේ බොහෝ අංශ ප්‍රගතියක් ලබාගෙන ඇත. සාමාජීය වශයෙන් ගත් කල කැපී පෙනෙන අභිවෘද්ධියක් ළඟා කරගෙන ඇත. කෙසේ වුවත්, විභව මට්ටමට වඩා අඩු ආර්ථික වර්ධනය, යම් ප්‍රදේශ හා ජන කොටස්වලට සීමා වූ ඉහළ දරිද්‍රතාවය දිගින් දිගටම පැවතීම, ඵලදායී සම්පත් ඌන උපයෝජනය, අපනයනවල වර්ධනය සහ විවිධාංගීකරණය ප්‍රමාණවත් නොවීම, ණය නොවන ප්‍රාග්ධන ලැබීම්වල හිඟතාව, විශාල ණය සහ පොලී අනුපාතික කාලපරිච්ඡේද සහ ඉහළ රාජ්‍ය මුල්‍ය හිඟයන් හා රාජ්‍ය ණය මට්ටම් යනාදිය ආර්ථිකයේ දැඩි අභියෝග ලෙස පවතී. ඉහළ සහ තිරසාර වර්ධන මාවතකට ආර්ථිකය රැගෙන යෑම සඳහා ප්‍රතිපත්තිමය සහ ප්‍රතිපත්තිමය නොවන සාධකවල ප්‍රතිඵලයක් වූ මෙම අභියෝගයන්ට තීරණාත්මක ලෙස මුහුණ දීම අත්‍යවශ්‍ය වේ.