• NCPI based Inflation increased in February 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජනවාරි මාසයේ පැවති සියයට 7.6හි සිට 2020 පෙබරවාරි මාසයේ දී සියයට 8.1 දක්වා ඉහළගියේ ය. 2019 පෙබරවාරි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. තව ද, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 පෙබරවාරි මාසයේ දී සියයට 16.3හි පැවති අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.1හි පැවතුණි.

  • Operations of Banks on 23rd March 2020

    මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා 2020 මාර්තු 23 වන දින පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටී.

  • The Central Bank of Sri Lanka Introduces Urgent Measures to Ease the Pressure on the Exchange Rate and Prevent Financial Market Panic due to the COVID-19 Pandemic

    කොරෝනා වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා 1949 අංක 58 දරන මුදල් නීති පනතේ, 1988 අංක 30 දරන බැංකු පනතේ සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දෙනු ලැබේ.

  • Sri Lanka Purchasing Managers’ Index - February 2020

    2020 පෙබරවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මන්දගාමීත්වයක් පෙන්නුම් කරමින්, දර්ශක අගය 53.6 ක් ලෙස වාර්තා විය. නව ඇණවුම් සහ සේවා නියුක්තියෙහි සිදුවූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වූ අතර, නව කොරෝනා වෛරසයේ (COVID-19) බලපෑම හේතුවෙන්, ඉදිරි මාස තුන සඳහා අපේක්ෂාවන් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.

    2020 පෙබරවාරි මාසයේ දී සේවා අංශය පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වර්ධනය වූ අතර, නව කොරෝනා වෛරසයෙහි (COVID-19) බලපෑම නිසා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම්හි වර්ධනය මන්දගාමී වීම මේ සඳහා හේතු විය.

  • Measures Adopted by Central Bank of Sri Lanka during the Public Holiday Period Announced by the Government

    රජය විසින් ප‍්‍ර‍්‍රකාශයට පත් කර ඇති විශේෂ නිවාඩු දින කිහිපය තුළ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු බාධාවකින් තොර ව පවත්වාගෙන යෑම සඳහා පහත සඳහන් ක‍්‍ර‍්‍රියාමාර්ග ගෙන ඇති බව දන්වා සිටිමු.

  • The Central Bank of Sri Lanka Eases Monetary Policy Further to Support Economic Activity amidst the Spread of the COVID-19 Pandemic

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 මාර්තු 16 වැනි දින පැවැති හදිසි රැස්වීමේදී, 2020 මාර්තු 17 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය  (SLFR), පිළිවෙළින්, සියයට 6.25 සහ සියයට 7.25 දක්වා පදනම් අංක 25 කින් අඩු කිරීමට සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියළු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව වර්තමාන සංචිත පවත්වාගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි  සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 1.00 කින් අඩු කිරීමට තීරණය කළේය. ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා (COVID -19)  වසංගතය සහ ශ්‍රී ලංකාව තුළ එය තවදුරටත් ව්‍යාප්තවීමේ හැකියාව සමඟ ආර්ථික කටයුතු සඳහා සහාය දැක්වීමේ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය.

  • Launching of '2020 - Year of Digital Transactions' Promotional Campaign

    '2020 - ඩිජිටල් ගනුදෙනු වර්ෂය' ප්‍රවර්ධන වැඩසටහන 2020.03.11 වන දින ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ බැංකුකරුවන්, බැංකු නොවන මූල්‍ය ආයතන නිලධාරින්, ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් දියත් කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනට සමගාමී ව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂක ඩී. කුමාරතුංග මහතා විසින් “Cash වදේ“ ප්‍රචාරන වැඩසටහන හඳුන්වාදෙන ලදී. මෙමගින් මුදල් පරිහරණයේ දී පාරිභෝගිකයින් හා ව්‍යාපාරිකයින් යන දෙපාර්ශ්වය ම මුහුණ පාන ගැටළු එනම්, සොරකම් කිරීමේ අවදානම, පෝලිම්වල සිටීමෙන් තමන්ගේ කාලය අපතේ යෑම වැනි දේ පෙන්නුම් කරයි.

  • Credit Support to Accelerate Economic Growth

    රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ගැනුම්කරුවන් සඳහා විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බැංකු අංශය කටයුතු කර ඇත. මෙහි ප්‍රතිලාභය ලබා දීමේ වැදගත්කම සලකා බැලීමෙන් පසු ඒ හා සමාන ණය යෝජනා ක්‍රමයක් බැංකු නොවන මූල්‍ය අංශයේ ණය ගැනුම්කරුවන්ට ද හඳුන්වා දීමට තීරණය කරන ලදී.

  • Monetary Policy Review - No. 2 of 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්  මණ්ඩලය, 2020 මාර්තු 04 වැනි දින පැවති රැස්වීමේදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව තබා ගනිමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අ‍‍ඛණ්ඩව පවත්වා ගෙන යෑමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය. මුදල් මණ්ඩලයේ මෙම තීරණය, උද්ධමනය සියයට 4-6 අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර, මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වනු ඇත.

  • CCPI based Inflation increased in February 2020

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජනවාරි මාසයේ පැවති සියයට 5.7හි සිට 2020 පෙබරවාරි මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේ ය. 2019 පෙබරවාරි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 පෙබරවාරි මාසයේ දී සියයට 14.7හි පැවති අතර, ආහාර නො වන කාණ්ඩායේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.8හි පැවතුණි. 

Pages