• Compensation Payments to the Depositors of The Finance Company PLC under Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme

    2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ වූ ප්‍රතිපාදනයන්ට අනුව ද ‍ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයට මූල්‍ය ව්‍යාපාර කටයුතුවල නියැලීම සඳහා ලබා දී තිබූ බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020.05.22 වන දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි කර ඇත.

    ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ පවතින ප්‍රතිපාදන අනුව රක්ෂණය වී ඇති සියලු ම තැන්පත්කරුවන්ට රුපියල් 600,000.00ක උපරිමයක් දක්වා වන්දි ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ඇත. නො ගෙවූ ශේෂයක් වෙතොත් ද ‍ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ වත්කම් ඈවර කිරීමෙන් පසු ව එකී මුදල් ලබා දෙනු ඇත.

  • External Sector Performance - March 2020

    කොවිඩ්-19 (COVID-19) වසංගතය සහ 2020 වසරේ මාර්තු දෙවන භාගයේ සිට ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික කටයුතු අර්ධ ව‍ශයෙන් සීමා කිරීම 2020 වසරේ මාර්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වයට බලපා ඇත. සැපයුම් සහ ඉල්ලුම් දාම බිඳ වැටීම හා දේශීය නිෂ්පාදන ක්‍රියාවලීන්ට බාධා ඇති වීම හේතුවෙන් වෙළඳ භාණ්ඩ අපනයන මෙන්ම වෙළඳ භාණ්ඩ ආනයන ද සැලකිය යුතු ලෙස අඩු විය. කෙසේ වෙතත්, අපනයන ඉපැයීම් අඩු වීමට සාපේක්ෂව ආනයන වියදම් විශාල ලෙස අඩු වීමත් සමඟ වෙළඳ හිඟය, 2019 වසරේ එම කාලයට සාපේක්ෂව අඩු විය. ගෝලීය වශයෙන් විදේශ ගමන් සඳහා සීමා පැනවීම සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුප‍ළ වසා දැමීම නිසා සංචාරක කර්මාන්තය දැඩි බලපෑමකට ලක් විය. වසංගතයේ බලපෑමට ලක් වූ රටවලින් සංක්‍රමණික සේවා නියුක්තිකයින් නැවත පැමිණීමත්, විදේශයන්හි සිටින සමහර සේවා නියුක්තිකයින්ගේ රැකියා අහිමි වීමත් සමඟ 2020 වසරේ මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස අඩු විය.

  • Suspension of Business of NatWealth Securities Limited

    නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් බලපැවැත්වෙන විධානයන්ට අනුකූල වීමට අඛණ්ඩ ව නො හැකි වීම සලකා බලමින්, ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදු කරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2020 ජුනි 01 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාල සීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020.05.28 දින පවත්වන ලද මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය කරන ලදී.

  • CCPI based Inflation declined further in May 2020

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013 = 100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 මැයි මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගිය අතර, 2019 මැයි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 13.2හි සිට 2020 මැයි මාසයේ දී සියයට 9.9 දක්වා පහළ ගියේ ය. තව ද, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ද 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 2.1හි සිට 2020 මැයි මාසයේ දී සියයට 1.6 දක්වා පහළ ගියේ ය.

  • Cancellation of the licence of 'The Finance Company PLC'

    2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ‘ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනය’, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සෙලින්කෝ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර එය උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් විය.

  • NCPI based Inflation decreased further in April 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මාර්තු මාසයේ පැවති සියයට 7.0හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 5.9 දක්වා පහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම සහ 2019 අප්‍රේල් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 මාර්තු මාසයේ දී සියයට 14.1හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ දී සියයට 12.2 දක්වා පහළ ගියේ ය. මේ අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ද, 2020 මාර්තු මාසයේ දී පැවති සියයට 1.8හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 1.1 දක්වා පහත වැටුණි.

  • Sri Lanka Reiterates its Commitment to Meeting all its Financial Obligations

    තම ණය සේවාකරණ ගෙවීම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට ඇති හැකියාව සම්බන්ධයෙන් මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ප්‍රශ්න කරමින් විවිධ අනුමානයන් ඉදිරිපත් කර ඇති බව රජයට පෙනී ගොස් ඇත. ශ්‍රී ලංකාව ස්වෛරී ණය අර්බුදයකට පත් වීමේ අවදානමක් ඇති බව ඇඟවීම සඳහා එවැනි තත්ත්වයන්ට පත් ව ඇතැයි පැවසෙන වෙනත් ස්වෛරී රාජ්‍යයන් සමඟ සංසන්දනය කරමින් සමහර මාධ්‍යයන් විසින් සිදු කරනු ලබන අනුමානයන් පිළිබඳ ව රජය සිය අප්‍රසාදය පළ කරනු ලබයි. ශ්‍රී ලංකා රජය විසින් මෙවැනි පදනම් විරහිත ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන අතර, ඉදිරියේ දී සිදු කිරීමට නියමිත සියලු ම ණය සේවාකරණ ගෙවීම් නියමිත කාලයට සිදු කරනු ලබන බවට සියලු පාර්ශ්වකරුවන් වෙත නැවත නැවතත් අවධාරණය කරනු ලැබේ.

  • Sri Lanka Purchasing Managers’ Index - April 2020

    COVID-19 වසංගතය මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශයෙහි ඇතිවූ පසුබෑම පිළිඹිබු කරමින් 2020 අප්‍රේල් මාසයේදී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සමීක්ෂණය ආරම්භයේ සිට මෙතෙක් දක්නට ලැබූ අඩුම අගය වාර්තා කරන ලදී. ඒ අනුව, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 5.8 කින් පහළ යමින් 24.2 ක අගයක් වාර්තා කරන ලදී. මේ සඳහා, නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තිය උප දර්ශක වල සිදුවූ වාර්තා ගත පහළ යාම ප්‍රධාන වශයෙන් හේතු විය.

  • External Sector Performance - February 2020

    අපනයන ආදායම ඉහළ යෑමේ වේගයට වඩා වැඩි  වේගයකින් ආනයන වියදම් ඉහළ යෑම  හේතුවෙන්  2019 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂ ව 2020 වසරේ පෙබරවාරි මාස‍යේ දී වෙළෙඳ හිඟය පුළුල් විය. පාස්කු ඉරු දින ප්‍රහාරවල බලපෑමෙන් අනතුරු ව අපේක්ෂා කළ මට්ටමට වඩා වේගයෙන් යථා තත්ත්වයට පත් වූ සංචාරක කර්මාන්තය, 2020 වසරේ පෙබරවාරි මස අග සිට  කොවිඩ්-19 (COVID-19) ව්‍යාප්ත වීම වසංගත තත්ත්වයක් බවට පත්වීමත් සමඟ නැවත බලපෑමට ලක් විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2020 වසරේ පෙබරවාරි මාසයේ දී  පෙර වසරට සාපේක්ෂ ව වර්ධනයක් වාර්තා කළ අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීම් වාර්තා කළේ ය. 2020 වසරේ මාර්තු මස දෙවන සතිය දක්වා සාපේක්ෂ ලෙස ස්ථාවර ව පැවති ශ්‍රී ලංකා රුපියල, මාර්තු මස අග භාගයේ සිට 2020 වසරේ අප්‍රේල් මස මැද භාගය දක්වා සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූ නමුත් ඉන් පසු ව ස්ථාවර වෙමින් 2020 වසරේ මැයි මස පළමු සතිය තුළ දී සැලකිය යුතු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේ ය. 2020 වසරේ මාර්තු මස සිට කොවිඩ්-19 වසංගතය හේතුවෙන්  විශේෂයෙන් ම, භාණ්ඩ අපනයන, සංචාරක කර්මාන්තය, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ විදේශීය ආයෝජන යන අංශ ඇතුළු ව, විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සැලකිය යුතු බලපෑමකට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

  • Central Bank of Sri Lanka Implements Extraordinary Regulatory Measures to Provide Liquidity to Banks amidst COVID-19 Outbreak

    කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ණය සහන යෝජනා ක්‍රමය සහ බැංකුවල අනෙකුත් හදිසි ද්‍රවශීලතා අවශ්‍යතා හේතුවෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (බලපත්‍රලාභී බැංකුවල) ද්‍රවශීලතාවට සහ අනෙකුත් ප්‍රධාන කාර්ය සාධන දර්ශකයන් හට සිදු විය හැකි අහිතකර බලපෑම සලකමින්, බැංකුවල ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන ඇත.

Pages